ගමනක් බිමනක් යද්දි පුංචිම හරි අත්බෑගයක් නැතුවම බැහැනේ. හැබැයි ඉතින් ඒ ගෙනියන බෑගය තමන්ම මහලා හදපු එකක් නම් වටිනාකම වැඩියි. මොකද යාළු මිත්‍රයින්ට වුණත් හරි උජාරුවෙන් තමන්ගේ හැකියාව පෙන්නන්න පුළුවන්. අද අපි කියලා දෙන මේ බෑගය පුංචි දියණියට පන්ති ගෙනියන්නත් කදිමයි. මේ බෑගයටම ගැළපෙන විදිහට පුංචි පර්ස් එකකුත් හදන්න පුළුවන් නිසා ඒ ගැළපීමට දියණියත් ආස වේවි.
අවශ්‍ය ද්‍රව්‍ය
අමු රෙදි
ප්‍රින්ටඩ් කොට්න් රෙදි
එම්බ්‍රොයිඩරි හූප්
සුදු, කහ සහ කොළ වර්ණ ඇන්කර් නූල් කැරලි
Head erasable pen
ඉදිකටු
බෑගය නිර්මාණය කරගන්නා ආකාරය
පළමුව සෙන්ටිමීටර 36 X 21 ප්‍රමාණයේ ප්‍රින්ටඩ් රෙදි කොටස් 2ක් කපා ගන්න. ඉන්පසු සෙන්ටිමීටර් 36 X 21 ප්‍රමාණයේ අමු රෙදි කොටස් 2ක් කපා ගන්න. 1 සහ 2 රූප සටහන් දෙස බැලීමෙන් ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. බෑගය මේ ප්‍රමාණයට වඩා ටිකක් ලොකුවට මහන්න. අවශ්‍යනම් ප්‍රමාණය වෙනස් කර ගන්න පුළුවන්.
දැන් ප්‍රින්ටඩ් රෙදි කොටස හා අමු රෙදි කොටස සම්බන්ධ කරගන්න. සම්බන්ධ කරගත් කොටස් දෙකේ දෙපස මසා ගන්න. දැන් 3 රූපයේ පරිදි තමන්ගේ කැමැත්ත අනුව බෑගය දෙපස රවුම් හැඩය (Curve) ගත හැකියි. ඉන්පසු අමු රෙදි කොටසේ Heat erasbale pen යොදාගෙන එම්බ්‍රොයිඩරි රූප සටහන ඇඳ ගන්න. මල පිරවුම් මැස්මෙන් සහ නටු නැටි මැස්මෙන් ද මලේ මැද ෆ්‍රෙන්ච් නොට් යොදා එම්බ්‍රොයිඩරි කරගන්න. ඉන්පසු බෑගයේ ඇතුළතට 4 රූපයේ පරිදි ලයිනින් කොටස් 2ක කපා සම්බන්ධ කරගෙන මසා ගන්න. අවසානයට බෑගය දෙපස හැඩ්ල් එක සම්බන්ධ කරගන්න.
පර්ස් එක නිර්මාණය කරමු
පළමුව පර්ස් එකේ ඉදිරිපස සඳහා බ්ලොක් ඇඳ ගැනීම කළ යුතුයි. ඒ සඳහා 5 රූපයේ පරිදි අමු රෙදිවලින් සෙන්ටිමීටර් 17 X 5 ප්‍රමාණයේ කොටසක් ද 6 රූපයේ පරිදි සෙන්ටිමීටර් 17 X 4 ප්‍රමාණයේ කොටසක් ද කපා ගන්න. ඉන්පසු 7 රූප සටහන ආකාරයට සෙන්ටිමීටර් 45 X 17 ප්‍රමාණයට ලයිනින් රෙදි කොටසක් සකසා ගන්න. පළමුව හොඳ පිට ප්‍රින්ටඩ් රෙදි කොටස හා අමු රෙදි කොටස මසාගන්න. ඉන්පසු ලයිනින් කොටස තබා වටේට මසා ගන්න. හොඳ පිටට හැරවීම සඳහා එහි පොඩි ඉඩක් තබා ගන්න.
ඉන්පසු හොඳපිට පැත්තේ අමු රෙදි කොටස පටන් ගන්නා ස්ථානයට ලයිනින් යොදා ඇති පැත්තෙන් දෙකට නවන්න. දැන් නැම්ම කොටස උඩට එන පරිදි දෙකට නවන්න. ඉන්පසු අඟල් 1/4 මැහුම් වාසියකින් පසුම්බියේ පියන ඇතුළුව වටේට මසා ගන්න. දැන් එයට අයිලට් එකක් අල්ලා ගන්න. බෑගය ආකාරයටම පසුම්බියේ අමු රෙදි කොටස එම්බ්‍රොයිඩරි කරගන්න.
උපදෙස්
අත්කම් නිර්මාණ ශිල්පිනී
ආත්මා බුද්ධිභාෂිණි
Line Art – නිලක්ෂි ආරියරත්න
විදුමිණි දිසාකරුණා