රෝගය වළක්වා ගැනීමට
කපු යට ඇඳුම් හොඳින් පිරිසුදු කර, හිරුඑළියේ හොඳින් වියළා ගන්න. ඇඹුල් සහ උෂ්ණ අධික ආහාරවලින් වළකින්න. මානසික සුවය ගෙන දෙන ක්‍රියාකාරකම්වල නිරතවන්න. අනාරක්ෂිත ලිංගික සබඳතාවලින් වළකින්න. සමබල ආහාර ගැනීම මඟින් මෙම රෝග තත්ත්වය වළකාගත හැකියි.
මේ සඳහා නිෙවසේ සිට සිදු කළ හැකි ප්‍රතිකාර
හාතාවාරිය, වැල් පෙනෙල, කොළ කැඳ ලෙස සකස්කර පානය කිරීම, කෝමාරිකා මඳ ව්‍යංජනයක් හෝ පානයක් ලෙස සකස් කරගැනීම, නෙල්ලි රසකිඳ තැම්බූ වතුර, රණවරා තැම්බූ වතුර පානය කිරීම, දියබත් ආහාරයට ගැනීම, කොත්තමල්ලි ඇට සෝදා වියළා රාත්‍රියෙහි වතුරට දමා තබා පසුදින උදේ හිස්බඩ පානය කිරීම, බාර්ලි තැම්බූ වතුර පානය කිරීම, සිරුර සිසිල් කරන ආහාර ගැනීමද කළ හැකියි.
මෙය වෛද්‍ය උපදෙස් මත එක දිගට ප්‍රතිකාර ගත යුතු රෝගී තත්ත්වයකි. ඒ වෙනුවෙන් කැපවිය යුතුයි. සුව වීම සිදුවන්නේ එවිටයි. අත්තික්කා පොතු, නෙල්ලි, රසකිඳ, සුදු හඳුන් මේ ටික එකතු කරලා තේ කහට වගේ රතු වෙන්න තම්බලා උදේට කෝප්පයයි, හවසට කෝප්පයයි බොන්න. මෙහි එන ‘සුදු හඳුන්’ ඔසුව කෙළින්ම ගැහැනු ළමයින්ගෙ ගර්භාශයට බලපානවා. එය සිසිල් කරනවා. ඒ නිසා නිරපරාදේ රෝග සඟවාගෙන ඉන්න එපා. ඔබව පූර්ණ සුවයට පත් කළ හැකි බලගතු ඔසු ප්‍රතිකාර තියෙනවා. නමුත් ඔබ වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් නිසි උපදෙස් අනුව ඔසු ලබා ගැනීම වැදගත්. රෝගියාගේ ස්වභාවය අනුව නියම කරන ඖෂධ වර්ග වෙනස් වේ.
විදුමිණි