තමන්ටම කියලා අතට මුදලක් ලැබෙනකොට ලොකු අභිමානයක් දැනෙනවා.
ජීවිතේ තත්්පර, විනාඩි, දවස් ගාණකට පෙරළිලා අවුරුදු ගාණකින් ඉගිළුණාම අපි දුවන්න පුරුදු වන්නේ හුරුපුරුදු කාලසටහනකට. පැය කිහිපයක් සතුටින් ඉන්න උත්සාහ ගන්න අපි ඇතැම් වෙලාවට කරන්නේ ජීවිතය විඳවීමක්. ඒත් ඇත්තටම විය යුත්තේ ජීවිතය විඳීමක්.
මෙහෙම කිවුවට අද කීයෙන් කී දෙනාද සතුටින් ජීවත් වෙන්නේ. සැනසීමෙන් ජීවත් වෙන්නේ. අද ලෝකයේ ජීවත් වෙන්න යහමින් සල්ලි තියෙන්න ඕනේ. මුදල් බොහෝ දේවල් තීරණය කරන සාධකයක්. එවන් පසුබිමක පවුලේ ආර්ථිකයට කාන්තා ඔබේ දායකත්වය අතිශය වටී.
සාරි නිර්මාණ කලාවත් කාන්තා ඔබට හරිම අාදරණීය ලෙස කළ හැකි ස්වයං රැකියාවක්. තරුණී නුගසෙවණ සුසංයෝගයෙන් අද අපි ඉදිරිපත් කරන්නේ එවැන්නක්.
අවශ්‍ය ද්‍රව්‍ය
❤️ප්ලේන් සාරියක් (හෑන්ඩ්ලූම් නම් වඩාත් හොඳයි)
පාට නොයන වර්ණවත් රෙදි කැබලි කිහිපයක්
ෆ්බ්රික් ග්ලූ fabric glue
අවුට් ලයින් (️out line) සඳහා කෝඩ් නූල්
අඟලක පමණ ඝනකමින් යුත් ඍජිෆෝම් බෝඩ් දෙකක්
විනිවිද පෙනෙන පොලිතීන් මීටර් 2ක්
අල්පෙනෙති
කතුරක්
අවශ්‍ය නම් බීඩ්ස් හෝ ස්ටෝන්ස්
නිර්මාණය කරන ආකාරය
පළමුව මේසයක් මතට ඍජිෆෝම් බෝඩ් දෙකක් එකිනෙක ගෑවෙන සේ තබාගන්න. එම සෘජුෆෝම් මතුපිට වැසෙන සේ ඊට වඩා තරමක් ලොකු විනිවිද පෙනෙන පොලිතීන් කොළයක් එළා ගන්න. අල්පෙනෙති භාවිතකර පොලිතීන් කොළය හොඳින් ඍජිෆෝම් බෝඩ් එකට රඳවා ගන්න. ඉන්පසු සාරියේ උඩ සහ යට බෝඩර් හොඳින් හඳුනාගෙන පළමුවෙන්ම උඩ බෝඩරයට වැඩ දැමීම ආරම්භ කරන්න. මුලින්ම සාරියේ යාරයක හෝ දෙකක පමණ කොටසක් මේසයේ දිග අනුව අල්පෙනෙතිවලින් රඳවා ගන්න.
❤️තෝරාගත් සාරියේ වර්ණයට ගැළපෙන වර්ණයකින් වෙනත් රෙදි කොටසක් ගෙන කුඩා පෙති ආකාරයට තමන්ට කැමැති අයුරින් කපාගන්න. ️එසේ කපා ගත් මල් පෙති තුනේ හෝ හතරේ හෝ පෙති පහේ මලක් සේ මේසය මත අතුරා ඇති බෝඩරයේ තමන්ටත් අභිමත අයුරින් යම් දුරක් තබමින් රඳවා ගන්න.
❤️ඉන්පසුව එම මල් පෙතිවල ඇතුළත දාරයේ ඉතා සියුම් ලෙස ගම් ඉරක් ඇඳගෙන තිබූ ආකාරයෙන්ම පෙත්ත අලවා ගන්න. ️මලට අයිති පෙති ගණන එසේ අලවා ගන්න.
❤️මේසයේ දිග අනුව හා සෘජිෆෝම් බෝඩ් එකේ දිග අනුව එකවර මල් ගණනාවක් සකසා ගත හැකියි.
ළා කොළ පැහැති සිල්ක් සාරිය සඳහා රෝස පැහැති ටිෂූ රෙද්දකින් විවිධ හැඩැති පෙති කපාගෙන ඇති අයුරු රූපවල දැක්වේ.
️මිනිත්තු 20ක් පැය භාගයක් පමණ යන විට මල් පෙති හොඳින් වේළී තිබෙනු ඇත.
❤️එවිට මල් පෙති වටේම හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා පෙත්තේ ප්‍රමාණය අනුව ගැළපෙන කෝඩ් නූලක් රැගෙන මල් පෙත්ත වටේ ගම් ඉරක් යොදාගන්න.
❤️ ඒ මත සියුම්ව කෝඩ් එක අතුරා ගත හැකියි.
❤️මල්වලට දී ඇති පරතර අතරින් තරමක් ප්‍රමාණයෙන් විශාල කෝඩ් නූලක් මඟින් මල් නටුව හා කොළ යොදා ගනිමින් මල් වැල සකසා ගන්න.
❤️මේ අයුරින් තමන්ගේ සිතට දැනෙන නිර්මාණශීලි අදහස සාරි බෝඩරය මත නිර්මාණය කරගන්න.
❤️තමන්ගේ නිර්මාණය මේසයේ ප්‍රමාණය අනුව කොටසින් කොටස හොඳින් වේළුණු පසු ගලවමින් නැවත නැවතත් සකස් කර ගැනීම කළ යුතුය.
❤️මේ අයුරින් උඩ බෝඩරේ සඳහා යාර 2 1/2ක් 3ක් පමණ ප්‍රමාණයක්ද යට බෝඩරය සඳහා යාර 5 1/2ක් 6 1/2ක් පමණ ප්‍රමාණයක්ද නිර්මාණය කරගත හැකිය.
❤️තමාගේ ශරීරයේ ස්වභාවය අනුව දිග ප්‍රමාණය මැන බලා අවශ්‍ය පරිදි සකසා ගැනීම කළ යුතුයි.
❤️මෙසේ බෝඩර් දෙක නිමකරගත් පසු හෙඩ් පීස් එකටද සුදුසු පරිදි නිර්මාණශීලි ලෙස මල් වැල යොදාගන්න පුළුවන්.
තමන්ට කැමැති නම් නිර්මාණයට ගැළපෙන ලෙස කුඩා විසිතුරු ගලක් හෝ පබළුවක් යොදාගනිමින් තවදුරටත් මෙය වර්ණවත් කර ගත හැකියි.
❤️මේ අයුරින් ඔබට කැමැති අයුරින් ජ්‍යාමිතික හැඩතල හෝ වෙනත් නිදහස් හැඩතල යොදා ගනිමින් ලස්සන වර්ණවත් සාරියක් නිමකර ගැනීම ඉතා පහසුවෙන් නිෙවසේදීම කර ගත හැකි දෙයකි.
❤️මෙහිදී තව වැදගත් කරුණක් වන්නේ ඔසරිය අඳින කාන්තාවන් සඳහා ඔසරියේ බෝඩර් සහ හෙඩ් පීස් එකක් මෙන්ම පොටේ ඉදිරිපස කොටසට පමණක් වැඩ දමාගෙනද සාරිය අඳින අය සඳහා ඉහත ආකාරයෙන් වැඩ දමා ගැනීමද සිදු කළ හැකියි.
අත්කම් නිර්මාණ ශිල්පිනී
නිෂාදි මයුරසාරිණී සේනාධීර
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර