පවුලේ ආර්ථික දරිද්‍රතාව උහුලා ගැනීමට නොහැකි වූ විට බොහෝ කාන්තාවන් සිදු කරනුයේ විදේශගත වීමය. ඇය ද එසේය. නමුත් දහසක් බලාපොරොත්තු තබා විදේශගත වූ පසු තිබූ තුට්ටු දෙකත් නැතිව නැවත ලංකාවේ ජීවත්වීමට සිදුවීම කෙතරම් දුක්ඛිත තත්ත්වයක්ද? එවැනි තත්ත්වයකදී කාන්තාවන් මානසිකව කඩා වැටීම සාමාන්‍ය දෙයකි. නමුත් ඇය එම කඩා වැටීම ම පන්නරයක් කරගෙන ‘සමාධි පූජා’ නමින් තමාගේම හඳුන්කූරු ව්‍යාපාරයක් ආරම්භ කළාය. මේ දිරිය කත හබරකඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ති ජයවර්ධනයි.
” විදේශගත වුණාට පස්සේ මට සියලු දේම නැති වුණා. මම ලංකාවට ඇවිත් ගෙදර ප්‍රශ්නත් එක්කම ෂොපින් බෑග් විකුණන්න පටන් ගත්තා. ඒවා ගොඩක් උස්සගෙන යන්න අමාරු හින්දා තමයි මම ‘සමාධි පූජා’ හඳුන්කූරු බිස්නස් එක පටන් ගත්තේ. දැන් අවුරුදු එකයි මාස නවයක වගේ කාලෙක ඉඳන් මම මේ ව්‍යාපාරය කරගෙන යනවා.”
හඳුන්කූරු සඳහා අමුද්‍රව්‍ය ලෙස ලී කුඩු, පට්ටා කුඩු, කළු කුඩු අමුද්‍රව්‍ය ලෙස ගන්නා ඇය, එහි ස්වාභාවික සුවඳ පිළිබඳ අප සමඟ පැවසූයේ, මෙහෙම දෙයක්.
” හඳුන්කූරු සුවඳ කරන්න මම වෙන කාටවත්ම දෙන්නේ නෑ. මටම ආවේණික ස්වාභාවික සුවඳක් තමයි තියෙන්නේ. සැර අඩු කරලා තමයි සුවඳ හදා ගන්නේ. ඒ හින්දා මගෙන් හඳුන්කූරු මිලදී ගත්ත කෙනකු ආයෙත් මිලදී ගන්න තත්ත්වයට පත්වෙලා තියෙනවා. මොකද ඒ සුවඳ වෙන කොහේවත් නැති නිසා.
මෙම ව්‍යාපාරය හමුවේ ඇය විවිධ වංචා සහගත සිදුවීම්වලට හසුවන බව ද, බැංකුවලින් ණය ලබා ගැනීමේදී ද ඒවා නොලැබෙන බව පැවසුවේ කනගාටුවෙනි.
” මට මේ ව්‍යාපාරය තවදුරටත් දියුණු කරන්න ඕෙන. නම ගියපු සන්නාමවලට විතරයි අද තැන තියෙන්නේ. මම හොඳටම දන්නවා මට වෙෙළඳපොළ එක්ක තරග කරන්න පුළුවන්. මට ඒ සඳහා උපදෙස් අවශ්‍යයි. උදවු අවශ්‍යයි.
” සමාධි පූජා හඳුන්කුරුවල සුවඳ වර්ග හතක් තියෙනවා. ලැවැන්ඩර්, සුදු හඳුන්, පිච්ච, රෝස, කඩුපුල්, කස්තුරි, නිල්මානෙල්. මේ හඳුන්කූරුවල තියෙන්නේ මටම ආවේණික ස්වාභාවික සුවඳක්. පැයක් වගේ කාලයක් හඳුන්කූරක් පත්තු වෙනවා. ඒ වගේම අනෙක් හඳුන්කූරුවලට සාපේක්ෂව මහතින් වැඩියි. රුපියල් පහක ලාභයක් වුණත් කමක් නෑ මම හොඳම දේ විතරයි වෙළෙඳපොළට නිකුත් කරන්න බලාපොරොත්තු වෙන්නේ.”
හඳුන්කූරු පමණක් නොව ඉදිරියේදී ඇය සුවඳ කුඩු නිෂ්පාදනයට ද එක් වීමට බලාපොරොත්තු වන්නීය.
“ලංකාවේ බහුතරයක්ම සුවඳකුඩු හදලා තියෙන්නේ ලී කුඩුවලින්. සුදු හඳුන්, රත් හඳුන්, සුදු සාම්බ්‍රාණි ,මානෙල් රේණු, සුවඳ කොට්ටන්, අගිල් කියන ඒවා එකතු කරලා තමයි මම හදන්නේ.”
ස්වයං රැකියාවක් කිරීමේදී කාන්තාවකට එල්ලවන අභියෝග අධිකය. ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ස්වයං රැකියා කිරීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට ඇය දෙන උපදෙස නම්,
” කරන්න බැහැ කියලා දෙයක් නැහැ. ඕෙනම අභියෝගයක් ඉස්සරහ අපි ශක්තිමත් වෙන්න ඕෙන. තිබ්බ අඩිය පස්සට ගන්න හොඳ නෑ. ඉස්සරහට යෑම තමයි වැදගත් වෙන්නේ.”
නිශාන්ති සැබැවින්ම දිරිය කාන්තාවකි. දියණියන් තිදෙනකුගේ ශක්තිමත් මවකි. ඇය තම ව්‍යාපාරය දියුණු කරගෙන ඉදිරියටම යෑමට බලාපොරොත්තු වන්නීය. ඒ සඳහා ඇයට සහාය අවශ්‍ය බව නිරන්තරයෙන් පැවසුවාය.
එමෙන්ම ඇය තම ව්‍යාපාරය හා තවත් අය සම්බන්ධ කරගැනීමට ද කැමති බව පැවසුවාය. ඇගේ හඳුන්කූරු ව්‍යාපාරය හරහා මෙරට විසිරී සිටින කාන්තාවන් හට අත හිත දෙන්නට ද ඇය කැමැත්තෙන් සිටී.
ඉතිං ඔබත් රැකියාවක නියැළෙන කෙනෙක් නම් අමතර ආදායම් ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවකි. නිෙවසේ සිටින ගෘහිණියක් නම් ගේ දොර වැඩ ඉටු කරමින් දරු මල්ලන් බලාගෙන ආර්ථිකය සවිමත් කර ගැනීමට ඔබටත් අැගෙන් නොඅනුමානයෙන්ම සහය ලැබේවි.
බුද්ධිකා සංජීවනි