“විද්‍යා පීඨයේ අවුරුදු තුනක මහන්සිය, පත්වීමක් විදිහට අපිට ලැබෙන මොහොතේ අපේ එකම බලාපොරොත්තුව හැමෝටම වග ඒ ළඟ පාසලක් ලැබෙන එක. ඒත් එදා මට වගේම ගයනිටත් එහෙම සතුටු දවසක් වුණේ නැහැ. මට ලැබිලා තිබුණේ ත්‍රිකුණාමලයේ පාසලක්. ගයනිට ලැබිලා තිබුණේ වව්නියාවේ පාසලක්.
විද්‍යා පීඨයේ මම දැක්ක අහිංසකම කෙල්ල ගයනි. කිසිම ලොකුකමක් නොතිබුණ අහිංසක හිනාවක් තිබුණ චූටි ටීචර් කෙනෙක් එයා. ට්‍රින්කො නම් කමක් නෑ. ඒත් ඇයි දෙයියනේ එච්චර දුෂ්කර පැත්තක් මේ අහිංසකීට හම්බුණේ කියන එක මම අම්මලා එක්කයි, මගෙ යාළුවො එක්කයි නිතරම කිව්වා. කොහොම හරි අපිට ලැබුණු පාසල්වල අපි වැඩ බාර ගත්තා.
ඉස්සර මම දඹුල්ලෙන් බැහැලා සමහර වෙලාවට වව්නියා බස්වලට නඟින්නෙම ගයනිත් ඇතිනෙ කියලා හිත හිත. එහෙම ගොඩක් දවස්වලට අපි දෙන්නා හම්බ වුණා. එනකම්ම ඉතින් අපෙ දුක කිය කියා තමා එන්නෙ. පස්සෙ අපෙ වැඩත් එක්ක මට එයාව සම්බන්ධ කරගන්න බැරි වුණා. දුෂ්කර පාසල් ගුරු සේවා කාලයෙන් පස්සේ අපිව ළඟ පාසල්වලට මාරුවීම් දී එව්වත්, ගයනිට ඒ මාරු වීම ලැබිලා තිබුණේ නැහැ. ගයනිට ඒ පාසලේම ඉන්න සිදු වුණා. ගයනිට ඒ පාසලේ ගොඩක් ප්‍රශ්න තියෙන්න ඇති. එයා ඒවා කාටවත්ම නොකියා හිතේ තදකරගෙන ඉන්න ඇති. ඒත් මාරුවීම හදාගන්න බැරි වුණා කියලා ජීවිතය නැති කරගන්න තරම් ගයනි හිත හයිය කරගනී කියලා මම හිතුවේ නැහැ.”
කළගෙඩිහේන ප්‍රදේශයෙන් ඇසෙන මේ සංවේදී කතාව කියන්නේ, සියදිවි හානි කරගත් වව්නියාව මඩුකන්ද ජාතික පාසලේ ගුරුවරියක වූ ගයනි ශ්‍රීමාලි සමඟ විද්‍යා පීඨයේ අධ්‍යාපනය ලැබූ හොඳම මිතුරියක්. ගයනිගේ නැගණිය වරක් සඳහන් කර තිබුණේ තම වැඩිමහල් සහෝදරිය ගයනි, දුෂ්කර පාසල් සේවයේදී දැඩි පීඩනයකින් සිටි බවත් ඒ නිසා ඇයට විශාදය නම් මානසික රෝගයෙන් ද පීඩා විඳින්නට සිදු වූ බවයි.
කෙසේ වුවත් අද ගයනි මෙලොවින් සමුගෙන අවසන්. සිදුවූයේ කුමක් ද යන්න කෙතරම් තර්ක විතර්ක කළත් ඇයගේ ජීවිතයට යළි පණ දිය නොහැකියි. නමුත් යළිත් මෙවන් අකල් මරණ නොවීමට නම් තරුණයින්ගේ පෞරුෂය සංවර්ධය කිරීම ඇරඹිය යුත්තේ කුඩා කල සිටමයි. ගෙදරින් හැදෙන, ගෙදරින් හදන පෞරුෂය ගැන කතා බහකට අද එකතු වන්නේ ප්‍රවීණ මනෝ උපදේශිකා අමා දිසානයකයි.
මේ සිද්ධියට අමතරව මෑතකදී තව සිදුවීමක් වාර්තා වුණා. ඒ රෝගීන් වෙනුවෙන් අනාගතයේදී ප්‍රතිකාර කරන්න ඉන්න වෛද්‍ය සිසුවෙක් සියදිවි නසා ගැනීම. ඒ වගේම සියදිවි නසා ගත් ගයනි කියන තරුණ ගුරුවරියත් දහස් ගණනක් දරුවන්ට ඇස් පාදන්න ඉන්න ගුරුවරියක්.
ඒ නැති කරගත් ජීවිත දෙක දිහා බැලුවම එයාලා සමාජයට දෙයක් කරන්න ආපු අය. වව්නියාව වගේ දුෂ්කර පැතිවලත් ළමයි ඉගෙන ගන්න ඕනේ. ඒ දරුවන්ගේ ඇස් පාදන්න නම් ඒ පැත්තටත් ගුරුවරු යන්න ඕනේ. එතකොට ටික කාලයක් එහෙම උගන්වලා ඊට පස්සේ කොළඹ හරි, තමන්ගේ ගම ළඟ තැනකට හරි මාරුවීමක් ගන්න පුළුවන්. ඉතින් මේ පොඩි කාලය ඉවසන්න බැරුව තරුණ කාලයේදීම මට මං කැමති තැනට මාරුවක් ගන්න බැහැ කියලා ජීවිතය නැති කරන එකෙන් මට්ටු වෙන්නේ වෙන කාවවත් නෙවෙයි. එයාවමයි. ඒ වගේ ආත්මාර්ථකාමී සිතිවිලි නැති පරම්පරාවක් බිහි කරන්න තමයි අපි මහන්සි වෙන්න ඕනේ. නොමිලේ ඉගෙනගෙන, නොමිලේ උසස් අධ්‍යාපනය ලබලා, රටේ කොතැනක හෝ දරුවෙක්ගේ ඇස් පාදන්න හිත හදාගන්න බැරිනම් ඒ ගුරුකමෙන් වැඩක් නැහැ.
මේ සිද්ධිය විශේෂ කරලා ගත්තොත් අපිට පැහැදිලිව පේන දේ තමයි සියදිවි හානිකර ගන්න නම් ගොඩක් මිනිස්සු හිතනවා ලොකු ධෛර්යයක් තියෙන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණ වැරැදි අදහසක්. ධෛර්යයක් නැති බියගුලු පෞරුෂයක් තියෙන අයයි ජීවිතයෙන් පැනලා යන්නේ. මේ ප්‍රශ්නෙදි තමන් ගැන විතරනේ හිතලා තියෙන්නේ. මට මාරුවක් ලැබුණේ නැති නිසා සියදිවි හානි කරගන්නවා. ඊට වඩා කොච්චර හොඳ ද මට මේ ලැබුණු අවස්ථාවෙන් මම ළමයින්ට උගන්වනවා. ඒකෙන් මට ලොකු පිනකුත් ලැබෙයිනේ කියලා හිතන විදිහ වෙනස් කළා නම්. අවුරුදු දෙක තුනක් වැඩ කළාට පස්සේ කොළඹට මට මාරුවක් ලැබේවි. එහෙම නැත්නම් මම කැමති තැනකට මාරුවක් හම්බෙයි. කොහේ ඉගැන්නුවත් අකුරු අකුරුමයිනේ. අකුරු විතරක් නෙවෙයි ළමයින්ට ජීවිතෙත් උගන්වන්න ඕනේ. ළමයින්ට ජීවිතයේ ප්‍රශ්නවලට මුහුණ දෙන හැටි උගන්වන්න ඕනේ. ජීවිතයට මුහුණ දෙන විදිහ උගන්වන්නේ කොහොමද තමන් සියදිවි හානිකරගෙන. ගුරුවරියටවත් පෞරුෂයක් නැතුව කොහොමද අනිත් අයට උගන්වන්නේ.
එයාට සති අන්තයේ ගෙදර එන්නත් පුළුවන්. ශ්‍රී ලංකාව කියන්නේ අල්ලක් වගේ පුංචි රටක්. එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට පැය 12ක් ඇතුළත එන්න පුළුවන්. දවස් පහෙනුත් එයාට එක දවසකට වරුව ගානෙයි වැඩ කරන්න තියෙන්නේ. අනිත් එක දැන් තාක්ෂණය දියුණුයි. ඒ තාක්ෂණය හරහා මවුපියන්ට, දරුවන්ට, සැමියට, පෙම්වතාට කතා කරන්නත් පුළුවන්. සති අන්තයේත් ගෙදර යන්න පුළුවන්. දැන් එයාලට හොඳ වැටුපකුත් ලැබෙනවා. විදෙස් රටවල සේවය කරන තරුණ දරුවන් කොච්චර නම් ඉන්නව ද? එහෙම බලද්දී මේක හරි පුංචි කාරණාවක්.
ඇත්තටම එයා මානසික ආබාධායකින් පෙළෙන්න ඇති කියලා මම හිතනවා. එයාගේ නැඟණියත් ඒ ගැන සඳහන් කරලා තිබුණා. ඇයගේ මවුපියන්ටත් මේ ගැන වගකීමක් තියෙනවා. දරුවෙක් හදන්න ඕනේ, දරුවෙක් හැදෙන්න ඕනේ මහ පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් විදිහට. පවුඩර් බබාලා වගේ වයසේ තරමට වගකීම් නොදී ගෙවල් ඇතුළේ දාගෙන ළමයි හැදුවම, ඒ ළමයින්ට අත්දැකීම් ලැබෙන්න විදිහක් නැහැ. සමාජය ගැන දන්නේ නැහැ. මේ ළමයට රැකියාවේ ස්වභාවය ගැනවත් අවබෝධයක් නැහැ. දරා ගැනීමේ ශක්තිය නැහැ. තමන්ගේ ගැටලුවක් තව කෙනෙක් සමඟ කියලා හිත සැහැල්ලු කරගන්න කෙනෙක් නැහැ. එහෙම දරුවෙක්ට කුමන හෝ අභියෝගයකට මුහුණ දෙන්න වුණාම ගත්ත අනුවණ තීරණයක් තමයි මේකත්. එතැන රැකියාව කරන්නම බැරි නම් එතැනින් ඉවත් වෙන්න ඕනේ. මරණය කියන්නේ හැම දේටම උත්තරේ නෙවෙයි.
එයාට මානසික රෝගයක් තිබුණ නම් මවුපියන්ට හරි ඇයට හරි තිබුණා පාසලේ ඇයට හිතවත්ම ගුරුවරියකට මේ ගැන කියන්න. ඇත්තටම එයා මැරුණේ නැහැ. එයා විසින්ම මරණය තෝරා ගත්තා. මාරුවීමක් ලැබුණේ නැහැ කියලා මේ මෑත ඉතිහාසයේ ගුරුවරියක් දිවිනසා ගත්තා කියලා අපි අහලවත් තිෙයනව ද? අතීත කාලයේ ඉඳලා බැලුවම දරුවෝ වෙනුවෙන් කොයි තරම් කැපකිරීම් කරපු ගුරුවරු ඉන්නව ද? තමන්ගේ වැටුපත් දරුවන්ගේ අධ්‍යාපනයට යොදවපු අය ඉන්නවා. අපිත් අද මෙතැන ඉන්නේ ගුරුවරු නිසා. ඒ ගුරුවරුන්ට ප්‍රශ්න තියෙන්න ඇති. ආර්ථික ප්‍රශ්න, සාමාජීය ප්‍රශ්න තියෙන්න ඇති. පවුල ඇතුළේ ප්‍රශ්න තියෙන්න ඇති. හැබැයි පාසලට ඇවිත් ඒවා අපිට පෙන්නුවේ නැහැ, හොඳට ඉගැන්නුවා. වව්නියාවේ ළමයෙක්ව ඒ තැනට ගේන්න ඒ ගුරුවරිය කැපකිරීමක් කළා නම් මොනතරම් හොඳයි ද? මොනතරම් වටිනව ද? මොන තරම් අගයක් තියෙනව ද?
පොඩි කාලයේ ඉඳලා එයාට ජීවිතය ගැන සෘණ සිතිවිලි තියෙන්න ඇති. එහෙම මැරෙන්න හිතෙනවානම් ඔබට උපකාරක සේවා ඕෙන තරම් තියෙනවා. මනෝ උපදේශකවරු, මනෝ වෛද්‍යවරු ඒ වගේම සහන සේවා. තමන් විශ්වාස කරන කාටහරි කියන්න මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මට තවත් ඒක දරන්න බැහැ, මැරෙන්න හිතෙනවා කියලා. මොකද දුබල පෞරුෂයක් තියෙන අයට, අඳුරු ළමාවියක් තියෙන අයට, මානසික රෝග තියෙන අයට, මරණය වඩා පහසුයි කියලා හිතෙන්න පුළුවන්. හැබැයි වඩා පහසු මරණය නෙවෙයි ජීවත් වීමයි. මරණය දුකක් වෙන්නේ ජීවත් වෙන අයට. මැරිච්ච කෙනාට නෙවෙයි. ඒ නිසා ඔබව හදාවඩා ගත් මවුපියන්ට, ඔබව ජීවත් කළ මවුපියන්ට ඔබ වටේ ඉන්න පවුලට අගෞරව කරන්න ඔබට අයිතියක් නැහැ. මරණය කියන්නේ පළමු විසඳුම නෙවෙයි. අවසාන විසඳුමත් නෙවෙයි. මරණය තෝරාගන්න කලින් ජීවිතය තෝරා ගන්න තරම් හිත ධෛර්යමත් කරගන්න. ශක්තිමත් කරගන්න. මැරෙන්න හදලා බේරුණු අය මේ ලෝකේ ඕෙන තරම් ඉන්නවා. ඒ හැමෝම කියන්නේ එදා මම මැරෙන්න හැදුවේ අපරාදේ නේද කියලා. අනිත් අයගේ ජීවිත යහපත් කරන ගමන් ඔබේ ජීවිතයත් යහපත් කරගන්න. සිල්ලර දේවල්වලට ජීවිතය ලඝු කරන්න එපා. මැරෙන්නම හිතෙන වෙලාවෙත් ජීවත් වෙන්න.
උපදෙස් ප්‍රවීණ මනෝ උපදේශිකා
අමා දිසානායක
විදුමිණි දිසාකරුණා