Monday, September 8, 2025
Epaper
Home ජ්‍යෙතිෂයසැප්. 08 සිට සැප්.1 5 දක්වා

සැප්. 08 සිට සැප්.1 5 දක්වා

by Thanushika

ෙම්ෂ

අධ්‍යාපන කටයුතුවලට සුබයි. ජනප්‍රියත්වය ලැබේ. තාක්ෂණය මුල් කරගෙන කරනු ලබන ව්‍යාපාරවල දියුණුවක් තිබේ. වචනයෙන් සිත් රිදීම් ඇති කරයි. විවාහයේ ගැටලු මතු වේ. රෝග මතුවීමට ඉඩ ඇත.

වෘෂභ

තම පෞද්ගලික ජීවිතයේ දේපොළ හා වස්තූන් ළඟා කරගන්නා සේම විකුණුම් ද සාර්ථක වේ. අධ්‍යාපනය දියුණු වේ. ඉවසීමෙන් වැඩ කිරීම ඇතැම් විට සාර්ථකත්වයට ළඟා වේ. විදෙස් සම්බන්ධ රැකියා හා විදෙස් ගතවීමේ බලාපොරොත්තු සාර්ථක වේ. කථික වෘත්තීන්ට යහපත උදා කරයි. උෂ්ණ රෝග වැඩි තත්ත්ව මතු කරයි.

මිථුන

සමාජ සේවා කටයුතුවල ප්‍රධානත්වයක් හිමි වේ. තාක්ෂණය සම්බන්ධ රැකියාවල දියුණුව ඇති වේ. තරග විභාග ජයග්‍රහණ හිමි වේ. තරමක් විනෝදයට බරයි. සමාජගත වීමෙන් වැඩි ආකර්ෂණයක් හිමි වේ. ගෙල හා හන්දිපත් ආශ්‍රිත රෝග මතු වේ.

කටක

නීතිය, ගුරු වෘත්තීය වැනි රැකියාවලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. යම් මුදලක් අතට ලැබෙන කාලයකි. විවාහ ජීවිතය ප්‍රීතිමත් වේ. අධ්‍යාපන කටයුතු යහපත් වේ. මුදල් සම්බන්ධ කටයුතුවලදී සැලකිලිමත් විය යුතුයි. කේන්තිකාර ගති යටපත් කර ගැනීමෙන් වාසි ලැබේ. උගුර ආශ්‍රිත සෙම් රෝග හට ගනී.

සිංහ

තම තේජස හා බලය පතුරවන යහපත් ප්‍රතිඵල ලැබෙන කාලයකි. ඒරාෂ්ටක සමයක් වුවද පෙර පැවති පීඩාකාරී ගති මඟ හැරේ. රැකී රක්ෂා ව්‍යාපාර දියුණු වේ. විවාහ ජීවිතයේ සුළු සුළු පීඩාකාරී තත්ත්ව මතු වේ. භූමි ලාභ හිමි වේ. හිත සතුටුවන කරුණු යෙදේ. හිස ආශ්‍රිත කැක්කුම් වේදනා නහරගත ආබාධ මතුවේ.

කන්‍යා

නීතිමය කටයුුතුවලදී ගැටලු මතු විය හැකියි. රිය අනතුරුවලින් ප්‍රවේසම් විය යුතු කාලයකි. වැටීම්, තැලීම් වැනි පාදාශ්‍රිත රෝග ඇති වේ. රැකී රක්ෂාවේ උසස් වීම් ලැබේ. ව්‍යාපාර මඟින් වාසි ලැබේ. විවාහ ජීවිතයේ ගැටලු මතු විය හැකියි. පීඩා තරඟ විභාගවලින් ජය හිමි වේ. නව නිවාස ඉදි කිරීමට සුබ කාලයකි.

තුලා

හදිසි ධන ලාභ හිමිවන කාලයකි. ස්ත්‍රී පාර්ශ්වයන්ගෙන් උදවු උපකාර වාසි හිමි වේ. සමාජීය වශයෙන් ඉහළට යන ජනප්‍රියත්වයක් හිමි වෙන කාලයකි. රාජ්‍ය අංශයෙන් උපකාර ලැබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු අයට බාධා පැමිණේ. දණහිස් ආශ්‍රිත රෝගාබාධ ඇති වේ. විදේශ ගමන් බලාපොරොත්තු සඵල වේ.

වෘශ්චික

රැකියාවේ වෙනස් වීම් සිදුවන කාලයකි. රැකියා ස්ථානයේ ප්‍රධානීන් සමඟ ගැටුම් ඇති විය හැකියි. රාජ්‍ය අංශයේ රැකියා නියුතුවන්ට යහපත් කාලයකි. පියාගෙන් උදවු උපකාර ලැබේ. පියාට ද යහපත් කාලයකි. විදේශ ගතවීමේ බලාපොරොත්තු සඵල වෙයි. දණහිස් හා පාදාශ්‍රිත රෝග ඇති වේ.

ධනු

ආධ්‍යාත්මිකව හැසිරෙන කාලයකි. තම ක්ෂේත්‍රයට අදාළ නියම ගුරුවරු හමු වේ. විදෙස් ගමන් සඵල කරයි. උසස් අධ්‍යාපනයට අවස්ථා සැලසෙන අතර දුර ගමන් යෙදේ. විවාහ ජීවිතයේ සතුට වර්ධනය වේ. තව මංගල යෝග උදා කරන අතර තරග විභාග ජය ලැබේ. සේවකයින් සමඟ කරන කටයුතුවලදී ගැටලු ඇති වේ. කොන්ද ආශ්‍රිත රෝග පීඩා සෑදේ.

මකර

ප්‍රසිද්ධියට බාධා ඇති වේ. රැකී රක්ෂා කටයුතුවල ගැටලු මතු කරයි. නොපෙනෙන සතුරන් ඇතිවන කාලයකි. ව්‍යාපාර කටයුතුවල ද ගැටලු ඇති වේ. විවාහ ජීවිතයේ සුළු සුළු මත ගැටුම් හට ගනී. අධ්‍යාපන කටයුතුවල ආපස්සට යාමක් පෙන්නුම් කරයි. අනවශ්‍ය මුදල් වියදම් වේ. අර්ශස් වැනි රෝග තත්ත්ව උත්සන්න වේ.

කුම්භ

හවුල් ව්‍යාපාරවලදී සිතා මතා තීරණ ගත යුතුයි. විවාහ ජීවිතයේ මත ගැටුම් ඇති වේ. රැකී රක්ෂාවල මන්දගාමී ස්වරූපයක් පෙන්නුම් කරයි. නව ආදර සම්බන්ධතා හට ගනී. කලා අංශයේ අධ්‍යාපන කටයුතුවලට සුබ කාලයකි. තරග විභාග ජය ලැබේ. නව නිවාස ඉදි කිරීමට සුුදුසු කාලයකි. මූත්‍රාශ්‍රය හා වකුගඩු ආශ්‍රිත රෝග හට ගනී.

මීන

සතුරු කරදර මර්දනය වන කාලයකි. පීඩාකාරී ආර්ථික තත්ත්ව යළි යථා තත්ත්වයට පත් වේ. රැකී රක්ෂා කටයුතු දියුණු වේ. යාන වාහන ආශ්‍රිත කටයුතු වලින් වාසි ලැබේ. විදෙස් ගමන් බලාපොරොත්තු සඵල වේ. විනෝදකාමීව කාලය ගෙවිය හැකියි අතර තරග විභාග ජය ලැබේ. කාන්තාවන්ට ගර්භාෂය ආශ්‍රිත රෝග ද පුරුෂයින්ට අම්ල පිත්ත රෝග ද මතු වේ.

 

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?