පුංචි දුවා දරුවන්ගේ සිතිවිලි හරිම සුන්දරයි. එයාලගේ පුංචි ලෝකය මවුපියන්ගේ ආදරයත් සමඟ හුරුබුහුටි දේවල් එක්කයි පිරිලා තියෙන්නේ. ඉතින් ඔවුන්ගේ නිදන කාමරයත් ඒ වගේ සුන්දර ලෝකයකින් පුරවන්න ඇත්නම් කදිමයි. මේ පුංචි තාරපැටියා නිදන කාමරය සරසන්න බිත්ති සැරසිල්ලකටත් හොඳින්ම ගැළපෙනවා. ඉතින් ඔවුන්ගේ නිදන කාමරය මේ විදිහට සුන්දර කරමු.
අවශ්‍ය ද්‍රව්‍ය
අඟලට කොටු 10,11ක් හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි
නොම්මර 24 සිට නොම්මර 26 දක්වා ට්‍රැපැස්ටි ඉදිකටු
අවශ්‍ය වර්ණවල කපු කැරලි නූල්
රාමුව
ඉදිකටු
කතුර
නිර්මාණය කිරීම:-
මෙම නිර්මාණය අඟල් 4.0 x 3.9 ප්‍රමාණයේ නිර්මාණයකි. එහෙත් ඔබට කැමැති ප්‍රමාණයට සකසාගත හැකියි. ඔබ අඟලට කොටු 14ක් ඇති අයිඩා රෙද්ද භාවිත කරන්නේ නම් හෝ අඟලට කොටු දහයක් හෝ 11ක් ඇති රෙදි භාවිත කරන්නේ නම් නිර්මාණයේ ප්‍රමාණය තව විශාල වේ. ඒ නිසා රෙද්දේ ඇති අඟලට කොටු ප්‍රමාණය අනුව නිර්මාණයේ ප්‍රමාණය වෙනස් වේ. කෙසේ වෙතත් නිර්මාණය රාමුකර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගත යුතුයි. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් ඉඩ තබා රෙදි කොටස කපාගන්න. නැත්නම් නිර්මාණය මැසුවාට පසු රෙදි කොටස කපා ගන්න. කොටු 10න් 10ට නූල් ඇදගැනීමෙන් මැසීම පහසු වේ. කොටු ගණන් කර මසන්න. නැත්නම් නිර්මාණය හරි මැද සිට මැසීම අරඹන්න. රෙද්දේ අඟලට ඇති කොටු ප්‍රමාණය අනුව භාවිත කළ යුතු නූල් පොටවල් ප්‍රමාණය ද වෙනස් වේ. අඟලට කොටු 14ක් නම් නූල් පොටවල් 2ක් සෑහේ. අඟලට කොටු 11ක් නම් නූල් පොටවල් 4ක් හෝ 6ම භාවිත කරන්න.