එක්රැස් කරගෙන ප්‍රයෝජනයට ගැනීමට තරම් එය අත්‍යවශ්‍යයි. ජලය අපට සම්පතක් වුණත්, මිදුලේ හෝ නිෙවස තුළ එය එක්රැස් කරන ස්ථානය අනුව ඇතිවිය හැකි දෝෂ තත්ත්වයන් නම් සුළුපටු නැහැ. අද ලිපිය පාදක වෙන්නේ වාස්තු විද්‍යානුකුලව නිවැරදි ආකාරයට ජලය එක්රැස් කර ගැනීම ගැන. ඒ කියන්නේ වතුර ටැංකියක් තියන්න ඕනේ කොහොමද කියන එක සම්බන්ධව.
වතුර එක්රැස් කරන මට්ටම් තුනක් පවතිනවා.
සරලව කියනවා නම් පොළොව මට්ටමේ, පොළොව යට (භූගතව) සහ පොළොවෙන් ඉහළ මට්ටමේ යන ආකාරයි. දිශාව සහ පිහිටන ස්ථානය අනුව මෙම ස්ථානවල ඇති
වෙනස්කම් පිළිබඳව අවබෝධය ඉතා වැදගත්. නිවැරදි ආකාරයට ජල ටැංකියක් තබන ආකාරය මෙම ලිපියෙන් ඔබට පැහැදිලි වේවි.
(1) පොළොව මට්ටමේ හෝ භූගත වතුර ටැංකි
සාමාන්‍යයෙන් ළිඳක් හා සමාන කළ හැකියි. වාස්තු විද්‍යාවට අනුව ළිඳක් නිසා ඉඩමකට හෝ නිෙවසකට ඇතිවන දෝෂ සියල්ලක්ම වාගේ භූගත ජල ටැංකියක් නිසා හටගන්න පුළුවන්. ජලය එක්වර ඉහළට යැවීමට තරම් පීඩනයක් නළ ජල සැපයුමේ නැත්නම්,
මෙවන් ආකාරයේ භූගත වතුර ටැංකියක් (Water Sump) නිෙවසකට, ආයතනයකට, වැඩබිමකට ඉදිකරගැනීම අනිවාර්ය දෙයක් විය හැකියි.
දිශාව අනුව ළිඳකට වඩාත් ගැළපෙන උතුර, ඊසාන, නැඟෙනහිර සහ බස්නාහිර කියන්නේ භූගත ටැංකියකටත් වරදක් නොවන දිශාවන් කීපයක්. නිෙවසේ වර්ගඵල සීමාවට පිටතින් මෙම භූගත ටැංකි තැබිය යුතුයි. ඉහත කී
දිශාවන් සමඟ ගැළපුණත්, වතුර ටැංකියට නිෙවසේ මුලු වැටීම, නිෙවසේ මධ්‍ය රේඛා
ආදියට ඡේදනය, ගමන් කිරීමේදී නිතරම පෑගීමට ලක්වීම, පිටතට ගමන් කරන දොරටු
ඉදිරියෙන් තිබීම, වහලයේ මුදුන් ලී – යට ලී – බාල්ක ආදියෙන් සිදුවන දෝෂ පිළිබඳව
අවධානය යොමු කිරීමත් වැදගත් කාරණයක්.
බොහෝ නාගරික නිවාසවල පවතින ඉඩකඩ ගැටලු මත නිෙවස තුළම පොළොව යට වතුර ටැංකි පිහිටුවනවා ඔබ දැක ඇති. වාස්තු විද්‍යාවට අනුව බලගන්වන ලද නිෙවසක් ඇතුළත කිසිම විටෙකත් භූගත වළක් තිබීම නුසුදුසුයි. වතුර ටැංකිය වාගේම වැසිකිළි වල, අපජලය රැස්වන වළ ආදිය පිළිබඳව ඔබේ සැලකිලිමත්භාවය ඉතා අවශ්‍යයි. මෙවැනි දෝෂ නිසා ඔබට දැනෙන ආකාරයෙන් හෝ නොදැනීම හෝ ඔබ සතු ධනය විනාශ වීම සඳහා යම් අනුකුලත්වයක් දැක්වීම සිදුවෙන දෙයක්. වැරදීමකින් හෝ නිෙවසේ බ්‍රහ්ම පාදයේ මේවා පැවතියේ නම් එය කිසිම යාදීමක් ඇති නොකරන නිවෙසක් බවට පත්වෙන තරමේ දෝෂ සහිත තත්ත්වයකි ඇතිවෙන්නේ.
ඕනෑම නිෙවසක වාස්තු සක්‍රිය කරන බිම් මහලේ නිවැරදිතාව ගැන විශේෂ සැලකිලිමත් බව මෙහිදී ඉතා වැදගත්.
(2) පොෙළාව මට්ටමට ඉහළින් ඉදිවන වතුර ටැංකි (Overhead water tanks)
මහල් නිෙවසක හෝ වෙනත් ගොඩනැඟිල්ලක ඉහළ මහලයන් සඳහා අවශ්‍ය කරන ජලය යම් පීඩනයක් සහිතව ලබා ගැනීමේදී මේ ආකාරයේ වතුර ටැංකි අවශ්‍ය වෙයි. ජලය අවශ්‍ය කරන මට්ටම අනුව ටැංකිය පිහිටන උස තීරණය වෙයි. නිෙවසක් සැලකීමේදී එයට සම්බන්ධවම හෝ ඉන් පිටතින් වෙනම කණු යොදා ඒ මත ජල ටැංකියක් ඉදිකළ හැකියි. මේ සඳහා වඩාත්ම උචිත වන්නේ බස්නාහිරට බරවූ නිරිත දිශාවයි. නිෙවස ඇතුළත මෙම ටැංකිය පිහිටන්නේ නම් නිෙවසේ මධ්‍යය හරහා ගමන් කරන රේඛාවන්ට කැපී යාම සුදුසු නැහැ. නිෙවසින් පිටත ඉදිකළත්, එය වාස්තු විද්‍යාවට අනුකූල විය යුතුයි. කිසිම විටෙකත් ඊසාන දිශාවට නම් මේ ආකාරයෙන් වතුර ටැංකිය ඉදිකිරීම සුදුසු නැහැ. නිෙවස වෙත විශ්ව ශක්තීන්ගේ ආගමනය සිදුවෙන මෙවැනි දිශාවන් කිසිම විටෙකත් අවහිර කිරීම යෝග්‍ය නැහැ. නිෙවස පිහිටි භූමියේත් මෙම දිශා සඳහා අවශ්‍ය කරන ඉඩකඩ සැපයීම ඉතා වැදගත්. උස් ජල ටැංකි, උස්වූ ගස්, කුලුනු ආදී දෙයින් මෙම දිශා අවහිර වීම සුදුසු නැහැ.
නිෙවසක ඇතුළත ඉහළින් මෙම ටැංකි පිහිටුවීමේදී මා කලින් කීවා සේ බ්‍රහ්මපාදය පීඩා නොකළ යුතුයි. පදිංචිව සිටින නිෙවසක තමාගේ හිසට ඉහළින් මෙවන් අධික බරක් නිතරම පහළට යොමුව තිබීම අයහපත් විය හැකි බවට මතයක් පවතී. නිෙවසේ පදිංචිකරුවන්ගේ මනසට බලපාන විවිධ ගැටලු ඇති කිරීමට මෙවන් වතුර ටැංකි යම් ඉඩකඩක් සපයනවා යැයි පිළිගැනීමක් තිබෙනවා.
කෙසේ වෙතත්, පවතින ඉඩකඩ මත සහ අවශ්‍යතාව මත වඩාත්ම සුදුසු තැන මේවා ස්ථාපනය කළ යුතුයි.
ඔබ දැක ඇති, ප්‍රායෝගික පහසුව සලකා
නිෙවසේ පෝරනුව මත වතුර ටැංකිය තබනවා. මෙය වාස්තුවලට අනුව සුදුසු දෙයක් නෙවෙයි. පෝරනුවක් ඇති මුළුතැන්ගේ බොහෝවිට සාදන ගිනිකොන දිශාව ජලය ගබඩා කිරීමට ගැළපෙන්නේ නැහැ. ගින්දර හා ජලය කියන්නේ ගතිගුණ අතින්
එකිනෙකට ප්‍රතිවිරුද්ධ දේවල්. වාස්තු විද්‍යාවේ එන මූලික අංගයන් වන ගැළපෙන දේ එකිනෙකට ළංකර තැබීමේ කාරණයට (තිරස්ව සම මට්ටමින් හෝ සිරස්ව එකිනෙකට
ඉහළ පහළ මෙය සැලකිය යුතුයි) පටහැණිව කරන ලද මෙවන් දේ දෝෂ සහිතයි.
බොහෝ දෙනා නිෙවසේ උසින්ම සාදන්නේ වතුර ටැංකියයි.
ඇතැම් අවස්ථාවලදී මෙය නිෙවසේ ප්‍රධාන වහලයේ මුඳුනට වඩා ඉහළින්
ඉදිකරනවා ඔබ දැක ඇති. ප්‍රධාන මුඳුනක් යනු ඉහළින්ම පිහිටිය යුතු ස්ථානයක්. කිසිම
ආකාරයකින් දෝෂයක් නොවන්නට මෙම මුඳුන පිළියෙල කිරීම අතිශය වැදගත්. ඔබේ
නිෙවසේත් මේ ආකාරයෙන් පවතී නම් ජල ටැංකියට ඉහළින් නිවෙසේ ප්‍රධාන මුඳුන් ලීය
පවතින සේ, නමුත් ඒ හරහා නොයන පරිදි නිවැරදි දිශාවන් ගැන සහ ස්ථානය ගැන මනා අවබෝධයකින් යුතුව මුඳුන් වහලය පිළියෙල කළ යුතුයි. මෙහිදී නැවතත් දෝෂයක් ඇති නොවීමට අවශ්‍ය කරන උපදෙස් ලබා ගැනීමත් වැදගත් වෙයි.
තවත් එක් වැදගත් තාක්ෂණික උපදෙසක් කියන්නම්. මෙවන් ආකාරයේ ඉහළට එසවුණු වතුර ටැංකි තැබිය යුත්තේ ගුරුත්වාකර්ෂණය යටතේ සුදුසු පීඩනයක් ලැබිය හැකි උසකිනි. සාමාන්‍යයෙන් අප ඉදිකරන අඩි දහයක් පමණ උසින් යුතුවන ස්ලැබ් එකක් මත ඇති ජල ටැංකියකින් ප්‍රමාණවත් පීඩනයක් නොලැබේ. එවන් අවස්ථාවක තවත් අඩි කීපයක් ජල ටැංකිය එසවීම හෝ පීඩන පොම්පයක් (Pressure pump) සවි කිරීමෙන් අවශ්‍ය පීඩනය සපයා ගත හැකියි. අප සිටිනා පොළොවේ මට්ටමට වඩා අඩි දහතුනකට වැඩි වනසේ එක වර මෙම ජල ටැංකිය තැබීමට හැකියි නම් ගුරුත්වය යටතේ සුදුසු පීඩනයක් ලබා ගත හැකියි.
මෙය තාක්ෂණය හා සම්බන්ධ කාරණයක් බැවින් මේ හා සම්බන්ධ තාක්ෂණික තොරතුරු තවදුරටත් ඉදිරි ලිපියකින් කතා කරමු.
මෙම කාරණාවලින් ඔබට දැන් පැහැදිලි ඇති වතුර ටැංකියක් ඉදිකිරීමේදීත් පිළිගත් වාස්තු සිද්ධාන්තයන්ට අනුව සිදුකළ යුතු බව. සුළු යැයි සිතා ඔබ මඟහරින පැති බොහෝමයකින්ම මෙවන් ආකාරයේ දෝෂ තත්ත්වයන් ඇතිවිය හැකියි. නිෙවසකට අදාළ සෑම ඉදිකිරීමකම යම් ක්‍රමවේදයක් පවතී.
ඒවායේ නිවැරදි බව තුළ සෑම දෙයින්ම ඔබේ නිවහන යහපත් වේවි.
උපදෙස්:-
සිවිල් ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද
ආචාර්ය ගයාන් එරමුදුගොඩ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර