මේෂ
ලැබීම් අතින් ඉතා සුබවන අතර බුද්ධිය මෙහෙයවා කරන කටයුතුවල දියුණුවක් ඇති කරයි. නමුත් නිතර කේන්තිකාර ගති නිසා අන් අය අතර නින්දා අපහාස ලබන යෝග ඇත. රැකියාවේ අභියෝග භාරගෙන කරන කටයුතු ජයගත හැකි යෝග වේ. අලුත් දේවල් අධ්‍යාපනය හා දැනුම සොයා යාමට සුබ සතියකි.
වෘෂභ
තරග විභාග කටයුතු හා රැකියාවේ උසස් තත්ත්ව මතු වේ. ඉවසීම තරමක් අඩු සතියක් වන අතර විවාහයේ ප්‍රශ්න කරදර මතු කරයි. අලස ගති මතුවේ. පෙර අරඹන ලද කටයුතු සෙමින් සෙමින් යහපත් වන යෝග ඇත. සතුරු කරදර ඉස්මතු වී පෙනෙන සතියකි.
මිථුන
ක්‍රීඩා හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල කටයුතු කරන අය තරමක් ප්‍රවේසම් විය යුතුය. අනතුරක් වීමට යෝග ඇත. රැකියාවේ දියුණුව මතු කරයි. උසස්වීම් ලබන සතියකි. නිර්මාණ කටයුතු කරන අයට ලාභ හිමිවේ. රටින් පිට ගමන් සාර්ථක වේ.
කටක
පෙර කරන ලද සැලසුම් සාර්ථක ලෙස ප්‍රතිඵල ලබන සතියකි. විනෝදයට හා ඒ සඳහා වියදම් ද වන යෝග ඇත. නව රැකියා සහ ලාභ හිමිවන සතියකි. නමුත් අලුත් වගකීම් තරමක් බරපතළ ලෙස හානි ඇති කරයි. වැඩ අධික වේ. මානසික පීඩාවද ඒ අතර වේ. ඇස් සම්බන්ධව ප්‍රවේශම් වන්න. ව්‍යාපාරයේ සේවක ප්‍රශ්න මතුවේ.
සිංහ
මානසික නිදහස අඩුවේ. අන් අයගෙන් වූ වැරදිවලට ආවේගශීලී වන සතියකි. ඉවසීම ඉතා වැදගත් වේ. තම ගෞරවය හීනවන යෝග ඇත. ලිය කියවීලි සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. නඩු හබ පැටලිලි මතුවේ. නුරුස්සනා ගති නිසා විවාහයේ සිත් රිදීම් ඇති වේ. අධ්‍යාපනයට සුබයි.
කන්‍යා
තම ආවේගශීලී ගතිය නිසා ආරවුල්වලින් නීති ප්‍රශ්න ඇති වේ. ප්‍රවේසම් වන්න. වාහන අනතුරු ඇතිවීමට ඉඩ ඇත. නැතිවුණ දෙයක් නැවත ලැබෙන සතියකි. තමා යටතේ ඇති සේවකයන්ගේ ප්‍රශ්න මතුවේ. ඉවසීමෙන් යන්න. යකඩ ආශ්‍රිත වැඩ කරන අයට සුභ වේ. ඉගෙනීමේ අංශයේ යහපත උදාකරයි.
තුලා
ආර්ථික ගැටලුවකින් පීඩා විඳී තත්ත්වය මඟහැරී නිදහස උදාවේ. අධ්‍යාපනික කටයුතු දියුණුවේ. වචනය ප්‍රවේසමෙන් භාවිත කළ යුතුයි. හොඳ ප්‍රසිද්ධියක් කීර්තියක් ලබන යෝග ඇත. පෙර පිනක් මතුවන යෝග ඇත.
වෘශ්චික
තමා පිළිබඳව හටගන්නා කලකිරීම නිසා නුරුස්සනා කේන්තිකාර ගති ඇති කරයි. නමුත් එය ඉවසීමෙන් පාලනය කරගත හැකිය. දණහිස්, උදර ආශ්‍රිත වේදනා රෝග සාදයි. රැකියාවේ බාධා සමඟම සාර්ථකවන යෝගද ඇත. අධ්‍යාපනයට සුබ වේ. මංගල කටයුතුවලට සුබවේ.
ධනු
වාහන හා ගෙවල් ඉඩකඩම් මිලදී ගැනීම්වලට සුබ සතියකි. කතාවට දක්ෂවන සතියකි. තමා පිළිබඳ ආඩම්බර වීම නිසා තරමක් සමාජයේ නින්දා අපහාස ලබන යෝග වේ. උසස් ඉගෙනීමට සුබවේ. දරුවන්ට තරමක් අගුණය. දරු පල බලාපොරොත්තුවන අය ඉතා ප්‍රවේසම් වන්න.
මකර
නව රැකියා බලාපොරොත්තු වන අයට යහපත් ප්‍රතිඵල උදාකරයි. අකුසල් කර්ම මතුවන සතියකි. තමාගේම කටයුතු නිසා තමා අමාරුවේ වැටෙන යෝග වේ. අලුතින් ආරම්භ කරන වැඩවලින් දියුණුවක් ලබයි. මඟ හැරුණ අධ්‍යාපනය නැවත ඇරඹෙන සතියකි.
කුම්භ
තරමක් මානසික පීඩාව හා අනතුරුවලට ඉඩකඩ තිබේ. ප්‍රවේසම් වන්න. යම් සාර්ථක කටයුතු ආරම්භ කිරීම ඇතිවන සතියකි. ලැබීමට හා නොසිතූ ලෙස ධනය හිමිවීම් ඇති කරයි. රැකියාවේ අර්බුදකාරී තත්ත්ව මතුවීමට ඉඩ ඇත. පිනට දහමට බරවන සතියකි.
මීන
විවාහයේ නිතර නොරුස්සනා ගති මතුවීම නිසා අර්බුදකාරී තත්ත්ව මතුවේ. ව්‍යාපාරවල දියුණුවක් නොසිතූ ලෙස ලබයි. නමුත් වැඩ අධික වේ. පිනට දහමට බර වේ. වචන ප්‍රවේශමෙන් පාවිච්චි කළ යුතු අතර කල්පනාකාරීව යා යුතුය. සුළු ලෙඩ ගති අලුතින් මතුවේ.
