පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ මෙරට ජනතාවට දැනුම හා අවබෝධය ලබාදෙමින් ඒ පිළිබඳ හැඟීමක් ඇති කරමින් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හා අත්වැල් බැඳගෙන පත්තර මහගෙදර ජාතික කාන්තා පුවත්පත වන තරුණී තෙමසක් පුරාවට පැන විසඳුම් තරගයක් පැවැත්වීය.
ඒ සඳහා එක්වූ තරුණී සුවහසක් පාඨකයන් අතුරින් ජයග්‍රාහකයන් තෝරා පත් කර ගැනීම පසුගියදා ලේක්හවුස් පරිශ්‍රයේදී සිදුවූ අතර ජූනි, ජූලි, අගෝස්තු යන මාස සඳහා පළමු, දෙවැනි, තෙවැනි ජයග්‍රාහකයින් තෝරාපත් කර ගැනීම මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ, ප්‍රචාරණ හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ පී.ඩී.කේ. විජේතුංග, සහකාර අධ්‍යක්ෂ (මාධ්‍ය) අනුරුද්ධ එදිරිවීර සහභාගි වූ අතර පැන විසඳුම් තරගය සඳහා සාදර සම අනුග්‍රහය ලබාදුන් NMI ඉන්ෆ්‍රා පුද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ඉසිරිත් ගුණරත්න, පියුමි පෙරේරා, සිංගර් ශ්‍රී ලංකා පී.එල්. සී. හි පියුම් ජයතිලක මෙම අවස්ථාව සඳහා සහභාගී වූහ.
ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් එහි මූල්‍ය අධ්‍යක්ෂ චන්න කෙවිටියාගල, මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක ප්‍රසන්න යාපා, උපදේශක කර්තෘ අනුර කේ. එදිරිසූරිය, දැන්වීම් අතිරේක අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරු රෝයි ජයසිංහ, දිනමිණ, තරුණී, බුදුසරණ පුවත්පත්වල වැ.බ. දැන්වීම් කළමනාකරු හා ප්‍රාදේශීය ප්‍රවර්ධන කළමනාකරු එරන්ද එදිරිමාන්න යන අය එක්වූහ.
ලේක්හවුස් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ චාමර ජනරාජ් පීරිස්, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු හර්ෂ වික්‍රමසිංහ, සිංගර් ශ්‍රී ලංකා පී.එල්. සී. හි පියුම් ජයතිලක යන අය උත්සව සභාව ඇමතීය.
පුරා තෙමසක් පුරාවට දැන්වීම් පළ කරමින් සහාය දැක්වූ සිංගර් ශ්‍රී ලංකා ආයතනය, E.B. Creasy, Ocean Expo Solar, Green Light Solar, Solar Care International, Power House Energy, Damro ආයතනවලටද මෙහිදී ස්තුතිය පළ කළ යුතුවේ.
මෙම වැඩසටහන සඳහා සම්බන්ධීකරණයෙන් දායක වූයේ ව්‍යාපාර සංවර්ධන නිලධාරී එම්.ඒ. නිසාම්ඩීන්ය.