Tuesday, September 16, 2025
Epaper
Home පුවත්පායිම්පත් සහ සිලම්ඹු පැලඳවීමේ මංගල්‍යයක්

පායිම්පත් සහ සිලම්ඹු පැලඳවීමේ මංගල්‍යයක්

by Thanushika

2006 වර්ෂයේ ආරම්භ කළ කලපලුවාව රාජගිරිය සෙත්රඟ රංග නිකේතනයේ මේ වන විට දරුවන් 150කට ආසන්න සංඛ්‍යාවක් උඩරට නර්තන කලාව හදාරයි.

මෙම කලා ආයතනයේ අධිපතිනිය දිනූෂා සෙව්වන්දි, කුලසිරි බුධවත්ත රංගායතනයේ වසර 14ක් නර්තන ශිල්පය හදාරා කැලණිය විශ්වවිද්‍යාලයෙන් ප්‍රාසංගික කලා උපාධිය හිමිකර ගත්තාය.

මෙම සෙත්රඟ රංග නිකේතනයේ නර්තන ප්‍රසංග මෙන්ම ශීර්ෂාභරණ මංගල්‍යන් මෙයට පෙර ද පවත්වා ඇති අතර සැප්තැම්බර් මස 10 වැනි දින තලවතුගොඩ ගනේලන්ද පුරාණ විහාරයේදී තුන්වැනි වෙස් සහ පායිම්පත් මංගල්‍ය සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කොට පවතී. මෙවර සිසු දරු දැරියන් විසිදෙනකු වෙස් හා ශීර්ෂාභරණ මංගල්‍ය හා සම්බන්ධ වන අතර එම කලායතනයේ ශිල්ප හදාරන පුංචි ශිල්පිනියෝ 24දෙනක් සිලම්ඹු මංගල්‍ය හා එක් වෙති. පායිම්පත් මංගල්‍ය හා සමගාමීව මෙම සිලම්ඹු පැලඳීමේ මංගල්‍ය ද එදිනට සුබ මොහොතින් පැවැත්වේ.

 

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?