30 වසරක් පුරා TNL, සියත ටීවී, සිටි එෆ් එම් තුළින් ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රසාදයට පාත්‍රවෙමින් ලෝක වාර්තාවක් තැබූ “සවනට ගී මධු” සිනමා විචිත්‍රාංගය දැන් සෑම ඉරිදාවකම රාත්‍රී 7ට සිංහ ටීවී ඔස්සේ විකාශය වෙයි.
සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා, හෙළ නිළි රැජින මාලිනී ෆොන්සේකා යුගයේ සිට හේමාල් රණසිංහ, උදාරී වර්ණකුලසූරිය යුගය දක්වා විවිධ විචිත්‍ර ක්ෂේත්‍ර නියෝජනය කළ කලාකරුවන් රැසක් සංවාදයට ලක් කරමින් අසීමිත ජනප්‍රියතාවට පත් “සවනට ගී මධු” නිර්මාණ අධ්‍යක්ෂණය සහ ඉදිරිපත් කිරීම ජනකාන්ත ගුවන්විදුලි රූපවාහිනී නිවේදක, රංගන ශිල්පී, කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේගෙනි.
සිංහ ටීවී අධිපති රොෂාන් මද්දුමගේ උපදේශකත්වයෙන් ද ප්‍රධාන විධායක නිලධාරී ක්‍රිෂාන් බඹරැන්ද සහ අධ්‍යක්ෂිකා (අලෙවි) විලාසිනී කුමාරසිංහ අධීක්ෂණයෙන්ද “සවනට ගී මධු” සිනමා විචිත්‍රාංගයට දායක වෙති. සංවාදයට ලක්වන කලාකරුවන්ගේ සෞන්දර්ය චාරිකාව ඇසුරින් අසන ප්‍රශ්නයට පිළිතුරු සපයා ත්‍යාග දිනා ගැනීමට ප්‍රේක්ෂකයන්ට ඉඩ සලසා ඇත.