Tuesday, September 16, 2025
Epaper
Home වෛද්‍යනිතර නිතර කෙණ්ඩා පෙරළෙනවා නම්  Heart Attack  අවදානමක්

නිතර නිතර කෙණ්ඩා පෙරළෙනවා නම්  Heart Attack  අවදානමක්

කෙණ්ඩා පෙරළුණු මොහොතේ ලුණු පාවිච්චිය වැඩක් නෑ

by Thanushika

කෙණ්ඩා පෙරළීම නැතහොත් මස්පිඬු පෙරළීම හෙවත් Cramps පිළිබඳ අත්දැකීමක් නොමැති කෙනෙක් නැති තරම්. එය ඒ තරමටම සුලභයි.

ඇත්තටම මොකක්ද මේ මස්පිඬු පෙරළීම කියන්නේ?

මස් පිඬු පෙරළීම හෙවත් කෙණ්ඩා පෙරළීම යනු හැකිළුණු මාංස පේශියක් නැවත ලිහිල් නොවීමයි. මෙය ශරීරයේ බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන් සිදුවිය හැකියි. කෙණ්ඩා පෙරළීම සෘජුවම රෝගයක් වන්නේ නැහැ.

ඇයි කෙණ්ඩා පෙරළෙන්නේ? මොනවද ඒ සඳහා බලපාන හේතු?

*මාංසපේශී සංකෝචනය සඳහා බලපාන්නේ කැල්සියම්. මාංස පේශි ලිහිල් වීම සඳහා බලපාන්නේ මැග්නීසියම්. කැල්සියම් සහ මැග්නීසියම් ඌනතාව නිසා රෝග තුන්සීයකට අධික ප්‍රමාණයක් සෑදේ. කෙණ්ඩා පෙරළීම යනු ඉන් එකක්.

*තයිරොක්සින් අඩු වූ විටත් කෙණ්ඩා පෙරළෙයි. TSH වල අගය අඩුවීම මෙහිදී සිදුවෙයි.

*කැල්සියම් සාන්ද්‍රණය අඩුවීමත් එක්තරා හේතුවක්.

*මැග්නීසියම්, කැල්සියම්, විටමින් B සහ විටමින් D ඌනතාව කෙණ්ඩා පෙරළීමට හේතු වෙයි.

*දියවැඩියාව, වකුගඩුවල ආබාධ, විටමින් ඌනතාව නිසා කෙණ්ඩා පෙරළීම සිදුවිය හැකියි.

* ශරීරයේ ජලය අඩුකම නිසා ඇතිවන විජලනයෙන් ද කෙණ්ඩා පෙරළීම සිදුවන්නට පුළුවන්. බොහෝ විට ක්‍රීඩා කරමින් සිටියදී ක්‍රීඩකයන්ගේ කෙණ්ඩා පෙරළීම සිදුවන්නේ ඔවුන්ගේ ශරීරයෙන් පිටවන දහඩිය අධික වීම නිසා ඊට සාපේක්ෂව ජලය මදි වීමෙන් සිරුර විජලනය වී ඇති නිසා විය හැකියි.

* සිරුරේ ශක්තිය හීනකම නිසාත් කෙණ්ඩා පෙරළෙන්නට පුළුවන්. දුවන අයට ග්ලූකෝස් දෙන්නේ මේ නිසයි.

* රුධිර සැපයීම අඩුවීම නිසා

* ස්නායු තෙරපීමකට ලක්වීම

* පාලනය නොවුණු දියවැඩියාව ඇති අයට

* වයසට යෑම නිසා (මෙහිදී මස්පිඬුවල ශක්තිය අඩුකම නිසා) නිතර කෙණ්ඩා පෙරළේ.

ගර්භිණි මවුවරුන් වැඩිපුරම කෙණ්ඩා පෙරළීමකට ලක් වෙනවා නේද?

මේ කාලයේදී ඇතිවන හෝමෝනවල වෙනස්කම් නිසාත් ලවණවල සමතුලිතතාව වෙනස් වීම නිසා ගර්භිණි මවුවරුන් අතර වැඩිපුර කෙණ්ඩා පෙරළීම දැකගත හැකියි.

මෙය රෝගයක්ද?

නැහැ. නිතර නිතර කෙණ්ඩා පෙරළීම රෝගයක් නොව රෝග ලක්ෂණයක් විය හැකියි.

නිතරම කෙණ්ඩා පෙරළීම ඔබේ ජීවිතය අවධානමකට පෙරළයි. මෙය ළඟ එන රෝග රැසක පෙර නිමිත්තක් ද විය හැකියි.

කෙණ්ඩා පෙරළීමත් හෘදය වස්තුවේ විවිධ තත්ත්වයනුත් අතර සම්බන්ධයක් තිබේද?

සෝඩියම්, පොටෑසියම්වල බලපෑම හෘද රෝගවලටත් බලපායි.

සෝඩියම්, පොටෑසියම්, කැල්සියම් වැනි ලවණ වර්ගවල අසමතුලිතතාවත් එනම් වැඩිවීමත් අඩුවීමත් මෙයට හේතු විය හැකියි.

සෝඩියම් වැඩි වූ විටත් මස්පිඬු පෙරළෙන්නට බලයි. මෙවිට හෘද පේශීන් පවා සංකෝචනය වෙයි. හෘදයාබාධ, හෘද අකර්මණ්‍යතා ඇති වන්නේ මෙවිටයි.

කෙණ්ඩා පෙරළීම වැඩිපුරම දක්නට ලැබෙන්නේ රාත්‍රී කාලයේදී නේද?

රාත්‍රී කාලයේදී තමයි වැඩිපුරම ඇතිවෙන්නේ. ගොඩක් අයට නින්දෙදි හෝ නින්දට යන විට කෙණ්ඩා පෙරළීම හෙවත් Cramps ඇති වෙනවා.

කෙණ්ඩා පෙරළීමේදී ඇතිවන තත්ත්වයන් මොනවාද?

මෙහිදී මස් පිඬු එකවරම සංකෝචනය වෙනවා, ඇකිළෙනවා, තද වෙනවා.පාලනයකින් තොරවයි මෙය සිදුවන්නේ.

මෙහිදී බොහෝවිට තදවීමකට ලක්වන්නේ බත් කෙණ්ඩ පෙදෙස. කකුල හොලවන්නවත් බැරි වෙනවා. ඒ තැන ගොරෝසුවට හසුවෙනවා. මෙය සිදු වන්නේ පාලනයකින් තොරවයි. ටික වේලාවකින් ස්වභාවික තත්ත්වයට පත්වෙනවා.

මස්පිඬු ඕනෑවට වඩා ක්‍රියාකාරී වීම තදබල ලෙස ව්‍යායාම කිරීම, මස්පිඬු ඕනෑවට වඩා ඇදීමකට ලක්වීම, දිගු වේලාවක් සිටගෙන සිටීම, තනි කකුලෙන් සිටගෙන සිටීම බලපාන්න පුළුවන්.

මේ සඳහා වයස් භේදයක් තිබේද?

වයස අවුරුදු 6 – 7 සිට ඉහළ වයස්වල අයට ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව මස්පිඬු පෙරළීමේ වේදනාකාරී තත්ත්වයට මුහුණ පාන්නට සිදුවේ.

ඉඳහිට කෙණ්ඩා පෙරළීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් නිතර ළඟ ළඟ දවස්වල මෙය සිද්ධ වෙනවා නම් එය බලාගෙන ඉන්නට හොඳ නැහැ.

මේ සඳහා කළ යුතු පරීක්ෂණ වර්ග තිබේද?

සෝඩියම්, පොටෑසියම් පරීක්ෂා කිරීම, TSH අගය පරීක්ෂා කිරීම, T4 විශේෂයෙන් පරීක්ෂා කිරීම (මෙයද තයිරොක්සින් අගය මැන බැලෙන තවත් පරීක්ෂාවකි.)

මස් පිඬු පෙරළෙන්නේ ලුණු අඩු නිසාද?

මස්පිඬු පෙරළීම නොහොත් කෙණ්ඩා පෙරළෙන්නේ ලුණු අඩු නිසා කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ. එවෙලට ලුණු කෑම, ලුණු වතුරේ කකුල දමාගෙන සිටීම, ලුණු වතුරින් සේදීම මේ දේවල්වලින් ලොකු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ.

මෙහිදී සිදු වෙන්නේ මැග්නීසියම්, පොටෑසියම්, සෝඩියම්, කැල්සියම් වැනි ලවණ වර්ග සමතුලිත නොවීම.

කෙණ්ඩා පෙරළෙන්නේ කකුලේ විතරමද?

වැඩිපුරම වෙන්නේ කකුල්වල. නමුත් අතේ, උදරයේ, පිටේ හෝ වෙන ඕනෑම අවයවයක කෙණ්ඩා පෙරළීම සිදුවිය හැකියි.

මස්පිඬු පෙරළීම සුව කිරීම සඳහා කළ යුත්තේ කුමක්ද?

* වේදනාව ඇති ප්‍රදේශ උණුසුම් ජලයෙන් තැවීම

* පොටෑසියම් මැග්නීසියම් අඩංගු ආහාර එකතු කර ගැනීම

* දිනපතා ව්‍යායාම කිරීම, මාංසපේශී ලිහිල් කරන ව්‍යායාම කිරීම

* හොඳින් ජලය පානය කිරීම

මේ සඳහා දෛනිකව එකතු කරගත යුතු ආහාර වර්ග මොනවාද?

දිනකට මැග්නීසියම් මිලිග්‍රෑම් 400ක් පමණ අවශ්‍යයි. මේ සඳහා කොළ පැහැ එළවළු පලතුරු වැඩිපුර ගත යුතුයි. නිවිති, වට්ටක්කා, කොමඩු ඇට, යෝගට්, ආමන්ඩ්, අලිපේර, කෙසෙල්,

මැග්නීසියම් ඌනතාව – මෙය නීරෝගි භාවයට බෙහෙවින්ම හේතු වන විටමිනයක් වුවත් ඒ කෙරෙහි ඇත්තේ අඩු අවධානයකි. ශරීරයේ එන්සයිම බොහෝ ප්‍රමාණයක ක්‍රියාකාරීත්වයට මැග්නීසියම් හේතු වේ. දිනකට මිලිග්‍රෑම් 300ත් 400ත් අතර ප්‍රමාණයක් ගත යුතුයි.

ශරීරයේ එන්සයිම බොහෝ ප්‍රමාණයක ක්‍රියාකාරීත්වයට මැග්නීසියම් හේතුවේ. Nuts, Seeds, පලා වර්ග, කෙසෙල්, අලි ගැට පේර වැනි පලතුරු, පරිප්පු, කඩල වැනි ධාන්‍ය වර්ග දිනපතා ගත යුතුවේ. ආහාරවලින් පෝෂණය නොලැබේ නම් ඒ සඳහා විටමින් වෙනම ගත යුතුවේ.

කැල්සියම් ඌනතාව

කැල්සියම් ඌනතාවක් ඇත්නම් කිරි, චීස්, යෝගට්, සොයා කිරි, ටෝෆි, Nuts සහ Seeds සැපයිය යුතුවේ.

විටමින් B ඌනතාව – මස් මාංස නොකන අය මෙම විටමින් ඌනතාවට ලක්වේ.

විටමින් D ඌනතාව – මෙම අවශ්‍යතාව කෑමෙන් නිසි පරිදි නොලැබේ නම් Supliment එකක් ගත යුතුවේ.

ආශිර්වාදිනි හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?