කිරල බීම
Kirala Drink
අවශ්‍ය ද්‍රව්‍ය
කිරල ගෙඩි ග්‍රෑම් 750ක්
උතුරවා නිවා ගත් වතුර කෝප්ප 2ක්
එළකිරි කෝප්ප 2ක්
සීනි ග්‍රෑම් 30ක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය
කිරලවල පොත්ත ඉවත් කර වතුර එක්කර හොඳින් පොඩිකර පෙරා ගන්න. මිශ්‍රණය පෙරා එළකිරි, සීනි සහ ලුණු දමා අයිස් කැට කිහිපයක් එක් කරගන්න. බ්ලෙන්ඩ් කිරීමෙන් වළකින්න. සෙම්ප්‍රතිශ්‍යාව ඇති විට කිරල බීම පානයෙන් වළකින්න.
කටු අනෝදා පානය
Soursop Drink

අවශ්‍ය ද්‍රව්‍ය
හොඳින් ඉදුණු කටු අනෝදා ග්‍රෑම් 500ක්
උතුරවා නිවාගත් වතුර කෝප්ප 5ක්
සීනි මේස හැඳි 4ක්
දෙහි ගෙඩියක යුෂ
ලුණු අවශ්‍ය ප්‍රමාණයට
සාදන ක්‍රමය
අනෝදා ගෙඩියේ පොත්ත සහ ඇට ඉවත්කර වතුර දමා හොඳින් පොඩි කරගන්න. නැතහොත් බ්ලෙන්ඩර් කරගන්න. ඉන්පසු සීනි සහ දෙහි යුෂ දමා හොඳින් කලවම් කර ලුණු එක්කර පෙරාගන්න. අයිස් කැට සමඟින් පානයට ගන්න. බ්ලෙන්ඩ් කිරීමේදී අවශ්‍ය ප්‍රමාණයට වඩා බ්ලෙන්ඩ් කිරීමෙන් කෙඳි අනවශ්‍ය ආකාරයට කැඩී යන අතර විටමින් C ද නැති වී යයි. එම නිසා අතින් පොඩි කිරීම වඩාත් සුදුසුයි.
වරකා බීම
Jackfruit Drink

අවශ්‍ය ද්‍රව්‍ය
ඇට ඉවත් කරගත් වරකා මදුළු ග්‍රෑම් 200ක්
සීනි ග්‍රෑම් 50ක්
උතුරවා නිවා ගත් වතුර කෝප්ප 4ක්
දෙහි යුෂ තේ හැන්දක්
කැබලි ගම්මිරිස් තේ හැන්දක්
කැබලි ගම්මිරිස් තේ හැන්දක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය
වරකාවලට වතුර එකතු කර බ්ලෙන්ඩ් කර පෙරා ගන්න. දෙහි යුෂ, සීනි සහ ලුණු එකතු කරගන්න. වීදුරුවක් ගෙන එහි කට වටේට දෙහි යුෂ තවරා, ලුණු කුඩු සහ ගම්මිරි කුඩු මිශ්‍ර කර ඒ මත තවරා ගන්න. වීදුරුවට වරකා යුෂ දමා අයිස් කැට සමඟින් පානය කරන්න.
සීනි කැකිරි සමඟ බීට්රූට් පානය
Seeni kekiri and Beetroot Drink

අවශ්‍ය ද්‍රව්‍ය
සීනි කැකිරි ග්‍රෑම් 400ක්
බීට්රූට් ග්‍රෑම් 200ක්
උතුරවා නිවාගත් වතුර කෝප්ප හතරක්
සීනි ග්‍රෑම් 75ක්
ලුණු රස අනුව
සාදන ක්‍රමය
සීනි කැකිරි සුද්දකර කැබලි කපා ගන්න. එයට වතුර අඬුකෝප්ප 3ක් දමා සීනි සහ ලුණු එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න. බීට්රූට් සුද්ද කර පොඩියට කපා ඉතිරි වතුර කෝප්පය එකතු කර බ්ලෙන්ඩ් කර පෙරාගන්න. වීදුරුවක් ගෙන එයට සීනි කැකිරි යුෂ 3/4 එකතු කරන්න. ඊට උඩින් බීට්රූට් යුෂ මේස හැඳි 2ක් එක්කරන්න.
සැකසුම –
ගල්කිස්ස මහ හෝටලයේ
නිමාකෝ ද සිල්වා
උපදෙස්
ගල්කිස්ස මහ හෝටලයේ ආහාර හා ප්‍රවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය දේශබන්දු
පබ්ලිස් සිල්වා
