Monday, September 15, 2025
Epaper
Home Uncategorizedමාර්ග අනතුරු ජාතික ඛේදවාචකයක්

මාර්ග අනතුරු ජාතික ඛේදවාචකයක්

by Thanushika

​ ශ්‍රී ලංකාවේ මාර්ග අනතුරු 25,000කට අධික සංඛ්‍යාවක් මේ වසර තුළ මේ වන විටත් වාර්තා වී තිබේ. අපේ රට ජාතිය මුහුණ දෙන ගැඹුරුම ඛේදවාචකයක් ලෙස පෙන්නුම් කරයි. මෙය හුදෙක් සංඛ්‍යා ලේඛනයක් නොව විනාශ වූ ජීවිත, කඩා වැටුණු පවුල් සහ අහිමි වූ අනාගතයන් පිළිබඳ වේදනාබර කතාවකි.

මියගිය සහ තුවාල ලැබූ සියලු දෙනාගේ ශෝකය රටක් ලෙස අපට දැනිය යුතුය. රාවණා ඇල්ල වැනි ස්ථානවල සිදුවන අනතුරු මෙහි බරපතළකම තවත් තීව්‍ර කරයි. මන්ද එවන් අනතුරුවලින් අනාවරණය වන්නේ නොසැලකිලිමත්කමේ සහ වගකීම් විරහිතභාවයේ භයානක ප්‍රතිඵලයයි. මෙම ඛේදවාචකයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ අධික වේගය, රථවාහන නීති උල්ලංඝනය කිරීම, සහ නඩත්තු නොකළ වාහන භාවිතයයි. බොහෝ අනතුරු පහසුවෙන් වළක්වා ගත හැකි ඒවා වීම තත්ත්වය තවත් ශෝකජනක කරයි.

​මෙම අනතුරු වළක්වා ගැනීමේ ප්‍රධාන වගකීම රියදුරන් සතුය. නිසි වේගය පවත්වා ගැනීම, මාර්ග නීති අකුරට පිළිපැදීම, සහ මගීන්ට මෙන්ම අනෙකුත් මාර්ග භාවිත කරන්නන්ට ගෞරවයෙන් සැලකීම අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන් නුහුරු නුපුරුදු මාර්ගවල ගමන් කිරීමේදී විශේෂයෙන් රාත්‍රී කාලයේදී අතිශයින්ම අවධානම් තත්ත්වයකි. නොදන්නා මාර්ගවල අනපේක්ෂිත වංගු, පටු මංතීරු සහ දුර්වල මාර්ග තත්ත්වයන් නිසා අනතුරු අවදානම බෙහෙවින් ඉහළ යයි.

​මෙම අනතුරු වළක්වා ගැනීම සඳහා සංචාරකයන් සහ සංචාරවලට සහභාගී වන පිරිස් ද වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුය. සංචාරක බස් රථවල මෙන්ම කුලී රථවල ගමන් කිරීමේදී, රියදුරුගේ නොසැලකිලිමත් රිය පැදවීමක් දුටුවහොත්, ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීම , අධික වේගයෙන් නොයන ලෙස රියදුරුගෙන් ඉල්ලා සිටීම සහ මාර්ග නීතිවලට ගරු කරන ලෙසට උපදෙස් දීම ඔබගේ වගකීමකි. රියදුරන් මෙන්ම සංචාරකයන්ගේ ද සහයෝගය නොමැතිව, මෙම ජාතික ඛේදවාචකය අවසන් කළ නොහැක. ජීවිත බේරා ගැනීමට නම් සමාජයේ සෑම කෙනෙකුම තම වගකීම හඳුනාගෙන, ආරක්ෂාවට මුල්තැන දිය යුතුය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?