යුවතියකගේ ජීවිතයේ අමරණීයම දවස අැයගේ විවාහ මංගල්‍ය දවසයි. එදිනට සැරසෙන්නට සිහින දකින්නේ දැනුම් තේරුම් ඇති වයසේ පටන්මයි. වර්තමානයේ නම් මංගල දිනයට පෙර ප්‍රී ෂූට් එකක් කිරීම අලුත්ම ට්‍රෙන්ඩ් එක වී තිබෙනවා. මේ ගවුම එවැනි අවස්ථාවකට කදිමට ගැළපේවි. මෙවර තරුණී නුග සෙවණ ආදරණීය සුසංයෝගය වෙන්වන්නේ ඒ වෙනුවෙනි.
මිමි සැකසීම
පපුව වට අඟල් 31
ඉණ වට අඟල් 25
උරහිස අඟල් 14
උරහිසේ සිට ඉණ උස අඟල් 12
ඉණේ සිට සාය උස අඟල් 24
අත දිග අඟල් 11
අත වට අඟල් 8
කර ගැඹුර අඟල් 6
කර පළල අඟල් 8
ඉදිරිපස
පපුව හතරට බෙදා එයට අඟලක් එකතු කරන්න.
උරහිසේ සිට ඉණ උස ගෙන ඍජුකෝණාස්‍රයක් ඇඳගන්න.
එහි පහළ කෙළවරට ඉණ හතරට බෙදා අඟල් 1/2ක් එකතුකර ලකුණු කරගන්න.
පළමු කෙළවරේ සිට පහළට අඟල් 1.5ක් ලකුණු කරන්න.
උරහිස මිනුම දෙකට බෙදා 1.5 රේඛාවේ ලකුණු කරන්න.
පළමු කෙළවරේ සිට පහළට කර ගැඹුර අඟල් 6 ලකුණු කරන්න.
කර ගැඹුර ලකුණු කරපු තැන සිට හරහට කර පළල දෙකට බෙදා අඟල් 4 ලකුණු කරන්න.
ඉන්පසු කර අවශ්‍ය විදිහට හැඩකර ඇඳගන්න.
අත් කට හැඩකර ඇඳගන්න.
ඉණ කොටසත් අවශ්‍ය පරිදි හැඩකර ඇඳගන්න.
පිටුපස
ඉදිරිපස පළුව තබා ඉදිරිපස කරට වඩා අඟල් 1ක් උසින් පිටුපස කර ඇඳගන්න.
ඇඟ කොටස ඉදිරිපස විදිහට ඇඳගන්න.
සාය
අඟල් 45 පළල කොටු දෙකක් කපා ගන්න.
අත
සාමාන්‍ය ආකාරයට අතෙහි පතරොම ඇඳගන්න.
එම පතරොම ඉදිරියෙන් අඟල් 2 කොටසක් දිගට එකතු කරගන්න.
මසාගන්නා ආකාරය
පළමුව අතේ පහළට සහ මුඳුනට අවශ්‍ය ප්‍රමාණයට ඉලාස්ටික් අල්ල ගන්න.
ඉන්පසු ඉදිරිපස පළුවට සහ පිටුපස පළුවට ෆේසින් මසාගන්න.
ඉන්පසු අත් දෙක ඉදිරිපසට සහ පිටුපසට අල්ලා ගන්න.
ඉදිරිපස හා පිටුපස දෙපැත්තෙන් මසාගන්න.
එයට සාය කොටස අඟල් 1/2 රැලි තබමින් ඇඳුමෙහි උඩ කොටස මසාගන්න.
අවසානයට පිටුපසට zip එකක් මසා ඇඳුම සකසා ගන්න.