රෝග දහසක් සුව කරන මුරුංගා
අපේ රටේ බොහෝ ගෙවතුවල හා වැටවල් ආශ්‍රිතව සුලභව දැකිය හැකි ශාකයක් ලෙස මුරුංගා ශාකය හැඳින්විය හැකිය. ඉස්සන් වැනි බොහෝ උෂ්ණ ආහාර ආදිය පිසීමේදී මුරුංගා කොළ ස්වල්පයක් සැර මැකීම සඳහා දැමීම අපේ පුරුද්දක් වී ඇත. එනමුත් මුරුංගා යනු ඉතා ගුණ ඇති කොළ වර්ගයක් බව ඔබ දන්නෙහිද?
ලෝකය පුරාම මුරුංගා කොළවල අන්තර්ගත ගුණ පිළිබඳව විවිධ පර්යේෂණ සිදුකොට ඇත. අමු මුරුංගා කොළ මඳ පවනේ වියළා පවුඩර් එකක් වශයෙන් පානය සඳහා යොදාගත හැකිය. එය දින අනූවක් පමණ භාවිත කිරීමෙන් විස්මිත ප්‍රතිඵල ඔබට අත් කරගත හැකිය. විශේෂයෙන් රුධිරවාහිනී, අක්මාව, වකුගඩු හා මොළය වැනි ශරීර කොටස් හි නීරෝගිතාවට මුරුංගා කොළ ඉතා වැදගත් වෙයි. තවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස හෝ ආහාරයට ගැනීමෙන් මුහුණේ වියපත් පෙනුම ද මඟහරවා ගත හැකිය. එමෙන්ම මුහුණේ ඇති එල්ලා වැටෙන ස්වභාවය, රැලි වැටෙන ස්වභාවය යටපත් කර රුව වඩවනවා මෙන්ම කාන්තාවන්ගේ හිසකෙස් වර්ධනයටත් මනා පිටිවහලක් එක් කරයි. තවද රුධිරවාහිනී නීරෝගිමත් කිරීම හරහා හෘද රෝග සෑදීමේ අවදානම වළකන අතරම කොලෙස්ටරෝල් පාලනයටත් සමත් වෙයි.
බිත්තරයක මෙන් හතර ගුණයක ප්‍රෝටින්, කැරට්වල මෙන් දහගුණයක විටමින් ඒ , කෙසෙල්වල මෙන් පහළොස් ගුණයක පොටෑසියම්, කිරි වීදුරුවක මෙන් දාහත් ගුණයක කැල්සියම්, දොඩම්ව මෙන් දොළොස් ගුණයක විටමින් සී මුරුංගාවල අන්තර්ගත වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත.එමෙන්ම මුරුංගා කොළ යුෂ එක් කෝප්පයක කිරි වීදුරු අසූවක ගුණය අන්තර්ගත වේ. වැඩිහිටියන්ට පමණක් නොව ළදරුවන්ට මුල් අවධියේදී දෙන ලද ආහාරවලට එකතු කළ යුතු ආහාරයක් ලෙස මුරුංගා කොළ දැක්විය හැකිය. එමෙන්ම ගෑස්ට්‍රයිටිස් රෝගයෙන් ඔබ පෙළෙනවානම් එහිදී ඇතිවන තුවාල තත්ත්ව පිළිකා තත්ත්ව දක්වා වර්ධනය වේ නම් ඒ සඳහා හොඳම ඖෂධයක් ලෙස මුරුංගා කොළ නම් කළ හැකිය.
ඒ අනුව බලන කල මුරුංගා යනු දිව්‍යමය ගසකි. මැලේසියාව වැනි රටවල් වල හෙට්ටයාර පිටින් වානිජ වගාවක් ලෙස මුරුංගා වගා කරනු ලබයි. එනමුත් අපේ රටේ වැටේ ඇති මුරුංගා ගසෙන් වුවද ප්‍රයෝජනයක් ගැනීමට මිනිසුන් උත්සුක නොවේ. ඉදින් ඔබේ ආහාරවලටත් මුරුංගා කොළ ව්‍යංජනයක් හෝ එක්කොට ශරීරය සුවපත් කරගන්න.
පිළිකාව මට්ටු කරන වෙරළු
බොහෝ විට ලෙඩකුට වුවද වෙරළු ගෙනයාම මිනිසුන් ප්‍රතික්ෂේප කරනු ලබයි. ඊට හේතුව වන්නේ මෙවැනි පුංචි පලතුරක් රැගෙන යාමට ඇති මැළිකමයි. එනමුත් වෙරළු ගෙඩියක ගුණ අපමණය. සිලෝන් නොලික් ලෙස විද්‍යාත්මකව වෙරළු හඳුන්වනු ලබයි. ශරීරයේ විස නසාලීමට වෙරළුවලට හැකියාව ඇත. පිළිකා ඇති විට හෘදයාබාධ නැවැත්වීමට වෙරළු බෙහෙවින් වැදගත් වේ. කොලිෆීනෝල් යන සංඝටකය හේතුවෙන් වෙරළුවල ඇති ගුණ බොහෝය.
දියවැඩියාව පාලනය, අග්න්‍යාශය පණගැන්වීම මෙන්ම රුධිරයේ පවතින ග්ලූටතයෝන් යන සංඝටකය වැනි වැඩිදියුණු කිරීමටත් වෙරළුවලට හැකිය. කාන්තාවන් හට බොහෝ සෙයින් වැදගත් වන පලතුරක් වනුයේ ද ග්ලූටතයෝන් වර්ධනය කරගත හැකි බැවිනි. එමෙන්ම ශරීරයට හිතකර මේද වර්ග ගණනාවක්ම වෙරළුවල අන්තර්ගත වේ. හෘද කපාට, ධමනි යනාදියට සිදුවන හානිය වැළැක්විය හැකි පලතුරක් ලෙස වෙරළු විශේෂ වේ. අධික රුධිර පීඩනය අවම කිරීමට මෙන්ම අඩු කොලෙස්ටරෝල් මට්ටමක් ඇති කිරීමටත් වෙරළුවලට හැකියාව ඇත. වෙරළුවල ඇති කොලෙඩ් ඇසිඩ් යන සංඝටකය හේතුවෙන් මෙම ක්‍රියාවලියම සිදු කරනු ලබයි. එමෙන්ම ශරීරයෙහි හටගන්නා විවිධ වේදනාවන් අවම කිරීමේ වේදනා නාශකයක් ලෙස ද වෙරළු විශේෂ වේ. එමෙන්ම උදරය, මහාන්ත්‍රය, රුධිරය, පියයුරු ආදි ශරීරාංගයන්හි හටගන්නා පිළිකා නැති කිරීමේ හැකියාවක් ද වෙරළුවල පවතී. ලෝකයේ ඇති පිළිකානාශක පලතුරු අතරින් අංක එකේ පලතුරක් ලෙස ඒ අනුව වෙරළු හඳුන්වාදිය හැකි වේ.
මතක ශක්තිය වැඩි කරන ලුණුවිල
දරුවන්ගේ මතක ශක්තිය වැඩි කරන පලා වර්ගයක් නම් කළහොත් ඒ නම් ලුණුවිල වෙයි. ආයුර්වේදය තුළ බුද්ධි වර්ධනය කරන ඉහළම ඖෂධයක් ලෙස ලුණුවිල හඳුන්වනු ලබයි. ලුණුවිල කොළ හොඳින් හීනියට කපාගෙන පොල්, උම්බලකඩ, රතුලූනු අමුමිරිස්, ලුණු කුඩු, දෙහි ඇඹුල් ආදිය එක් කොට හොඳින් මිශ්‍ර කර කපා ගත් ලුණුවිල කොළ එක් කරගන්න. ගොටු කොළ සම්බෝලයක් පිසින ආකාරයටම ලුණුවිල සම්බෝලයක් ඔබේ ආහාරයට එක් කර ගත හැකිය.
අප පානය කරනු ලබන කොළ කැඳ පානයට ලුණුවිල කොළ එකතු කර ගැනීමට හැකිනම් අපේ මතක ශක්තිය ඉතා වර්ධනය කරගත හැකිවනු ඇත. මතකය නැති වී ගිය පුද්ගලයකුගේ මොළයේ පටක අලුතෙන් වර්ධනය කිරීමේ ගුණය ලුණුවිල ශාකයේ අන්තර්ගතව ඇත. නින්ද නොයන පුද්ගලයන් හට ද ලුණුවිල කදිම ඔසුවකි. මිහිරි කටහඬකට මෙන්ම රුධිරය පිරිසුදු කර ගැනීමටත් ලුණුවිල අපූරු ඔසුවකි. කුඩා වියේ සිටම ලුණුවිල යුෂ සමඟ මී පැණි ස්වල්පයක් ළදරුවන් හට ලබා දේ නම් එය ඔවුන්ගේ ඉගෙනුමට මනා පිටිවහලක් වනු ඇත. ගෙවත්තේ වගා කරගත හැකිනම් ඉතාම ගුණදායක ඖෂධයක් ලෙස ලුණුවිල මෙලෙස ඔබට හඳුන්වා දිය හැකිය.
සඳලි සත්සරණි