කුඩා කාලයේ සිට මවගේත් පියාගේත් ආශීර්වාදය මැද ජීවිතය ජයගත් ඇය සචිනි දිල්හානිය.
ඇයගේ උපන් ගම බදුල්ලයි. බදුල්ල දිස්ත්‍රික්කයෙන්ම පාසල් අධ්‍යාපනය ලැබූ සචිනි කලා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරුවාය. ඉන්පසු උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත් වුණාය. ඉන්පසු තම උත්සාහය මත 2025 වර්ෂයේ පැවැති මිස් ශ්‍රී ලංකා තරගයෙන් හොඳම දස දෙනා අතරට තේරී පත්වීමට සමත් වූවාය.
” මට ලොකු ආසාවක් තිබුබා නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වෙන්න. ඒ ආසාව නිසාම මම ඒ සඳහා ඇකඩමියක් හොය හොය යන අතරේ තමයි මට සහතික පත්‍ර පාඨමාලාවක් හම්බවුණේ. 400 ක් දෙනා අතරින් හොඳම පනස් දෙනා අතරට මට තේරී පත්වෙන්න අවස්ථාව ලැබුණේ ඉන්පසු උසස් පාඨමාලාවක් සිදුකළා. ඒ ඔස්සේ තමයි මට 2025 මිස් ශ්‍රී ලංකා අතරින් හොඳම දහදෙනා අතරට එන්න පුළුවන් වුණේ.” එය ඇය ලැබූ විශාලතම ජයග්‍රහණයක් බව ඉතා සතුටින් පැවසුවාය. තම අධ්‍යාපන කටයුතු ද ඉතා සමබරව සිදුකර ගනිමින් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු ද උත්සාහයෙන් සිදු කළාය. ” මම උසස් පෙළ හැදෑරුවේ කලා විෂය ධාරාවෙන්. ඉන් පසුව මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරී පත්වුණා. finance පැත්තට මගේ ආසාව තිබුණ හින්දා මම ඒ ඔස්සේ උසස් අධ්‍යාපනය හැදෑරුවා. ඒ අතරතුර තමයි මම නැටුම් ඉගෙන ගත්තේ. මාස්ටර්ස් කරන අතරතුරේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. ඒ එන්නේ ත්‍රිකලා ධරණි ගුරුතුමිය හරහා.”
ඇය ඉතා වෙහෙස මහන්සි වී තම සාර්ථකත්වය වෙනුවෙන් කටයුතු කළ යුවතියකි. කොතරම් අභියෝග පැමිණිය ද සිය පවුලේ සහයෝගය සමඟ ඇය ඉදිරියටම පැමිණියාය.
” මේක ගොඩක් වෙහෙසකර ගමනක්. අඟල් හයක විතර උස හීල් එකක් දාගෙන තමයි ඇවිදින්න ඕන. ඒ දේවල් හරියටම ඉගෙන ගන්න වෙනවා. බාහිරට පේනවා තරම් ලේසි නෑ. නමුත් ඉගෙන ගන්න තිබුණ ආසාව නිසා මට හරි ලේසි වුණා ඒ දේවල්. ඒ හැම දෙයක්ම පිටිපස්සේ හිටියේ ත්‍රිකලා ධරණි ගුරුතුමිය.”
ජීවිතයේ සෑම දෙයක්ම සමබර කර ගනිමින් සෑම අංශයක් තුළින්ම තම ජීවිතය පරිපූර්ණ කරගැනීමට ඇය වෙහෙස දරන්නීය. කොතරම් කාර්ය බහුල වුවද නිරූපණ ශිල්පිනියකට අවශ්‍ය වන සියලු දේ තම ජීවිතය තුළම රඳවා ගැනීමට ඇය උත්සාහ කරයි. නිරූපණ ශිල්පිනියකට අවශ්‍ය වන වැදගත් පෞරුෂය, ආහාර අනුභව කරන ආකාරය, අඳින පලිඳින විදිහ, හැසිරීම, කතාබහ සෑම දෙයක් තුළින්ම අනෙක් අයට වඩා සුවිශේෂී වීම වැදගත් බව ඇය පැවසුවාය. කොතරම් කාර්යබහුල වුවද ඉතා හොඳ ආහාර රටාවක් තම රූප සම්පත්තිය සඳහා වටිනා බව පැවසුවේ සැමට ආදර්ශයක් දෙමිනි. ” නිරූපණ ශිල්පිනියක් කියන්නේ අනෙක් අය තමන් දිහා බැලුවම ගොඩක් ප්‍රියමනාප පුද්ගලයෙක් වෙන්න ඕන. ඒ සඳහා තමන්ට ගොඩක් දේවල් කැප කරන්න වෙනවා. ඒ අතරතුරම තමන් ඉගෙන ගන්න දේ හරියටම ඉගෙන ගැනීම ගොඩක්ම වැදගත්. අභියෝග කොතරම් පැමිණිය ද ඒවාට සාර්ථක ලෙස මුහුණදීම තමයි ගැහැනියකට ඉතාමත් වැදගත් වෙන්නේ.”
අතිශය කාර්යබහුල වුවද තම ආශාව ඔස්සේ සාර්ථකත්වය කරා පිය නැඟීමට ඇය තවදුරටත් වෙහෙස දරන්නීය. නිරූපණ ක්ෂේත්‍රය තුළ ඉතා දිගු ගමනක් යෑමට ඇය උත්සාහවන්ත යුවතියකි. ඒ අතරම ඇය තම පවුලට හා ගුරුවරිය වූ ත්‍රිකලා ධරණි ගුරුතුමියට ද ස්තූති කිරීමට අමතක නොකළාය.
ඇයගේ ලිපිනය 593/51/1, ගබඩවත්ත 3, පිටිපන හන්දිය. හෝමාගම.
බුද්ධිකා සංජීවනී