කාර්යබහුලත්වයෙන් පිරි සමාජය තුළ බොහෝ දෙනකු පීඩා විඳින ගැටලුවක් ලෙස විළුඹේ වේදනාව හඳුන්වන්න පුළුවන්. මෙය සමස්තයක් ලෙස කාන්තාවන් වැඩි වශයෙන් පීඩා විඳින රෝගයක් වුවද පිරිමි පාර්ශ්වය තුළද මෙම රෝගය දැක ගැනීමට හැකිය.මෙය ආයුර්වේදීය වෛද්‍ය විද්‍යාවේදී වාත කණ්ඨක රෝගය යනුවෙන් ද හැඳින්වේ. සමාජය තුළ බොහෝ දෙනකු මෙම රෝගී තත්ත්වයෙන් පීඩා විඳින නිසාවෙන් වැඩි වශයෙන් කතාබහට ලක් කළ යුතු රෝගී තත්ත්වයක් බවට පත්ව තිබේ.
රෝග ලක්ෂණ
මෙම රෝගය ආරම්භයේදී රෝගියකුට ඇතිවිය හැකි රෝග ලක්ෂණ කිහිපයක් තිබේ.
එනම් ඇස් දැවිල්ල, බඩ දැවිල්ල, ඇඟ දැවිල්ල, අත් සහ පතුල්වල දැවිල්ල යන රෝග ලක්ෂණ ද ඇතැමුන්ට පාදයේ උලකින් අනින්නාක් මෙන් වේදනාවක් දැනේ. විශේෂයෙන් උදෑසන අවදිවීමෙන් පසුව කෙටි වේලාවක් යනතුරු ඇඳෙන් බැස ඇවිද ගැනීමට නොහැකිව වේදනා සහිත තත්ත්වයක් ඇති වන අතර අඩි කිහිපයක් ඉදිරියට යාමෙන් පසු සුළු මොහොතකින් වේදනාව අඩුවීමේ ස්වාභාවයක් පවතී. මෙම රෝගය තිබෙන රෝගීන් බොහෝ දෙනකු පවසන්නේ ඔවුන්ට වැඩි වශයෙන් මෙය ඇති වන්නේ නිදාගෙන නැඟිටීමෙන් පසුව බවයි. මෙකී රෝග ලක්ෂණ සහිත නම් නිශ්චිතවම තම රෝගී තත්ත්වය විනිශ්චය කර ගැනීමට සුදුසුකම්ලත් වෛද්‍යවරයකු හමු වී තම රෝග ලක්ෂණ ඔස්සේ රෝගී තත්ත්වය හඳුනා ගැනීමට හැකිය.
රෝගය ඇතිවීමට හේතු
මූලික වශයෙන් අවුරුදු 40- 45 වැනි වයස් කාල සීමාවන් තුළ වැඩි වශයෙන් කාන්තාවන්ට වැලඳෙන රෝගයකි. වාත කෝප කරන හේතුවක් ලෙස මෙම රෝගී තත්ත්වය සැලකේ. මූලික වශයෙන් මෙය ඇති වීමට බලපාන හේතු කිහිපයකි. ශරීරයේ බරට සාපේක්ෂව පානීය ජල ප්‍රමාණය අඩුවීම, අධික ස්ථූල භාවයකින් පෙළෙන අයට මෙන්ම රාත්‍රීයේ නිදි මරන පුද්ගලයන්ට, දවසේ වැඩිපුරම සිටගෙන සිටින පිරිසට, අඩි උස පාවහන් පැලඳ සිටින අය අතර මෙම රෝගී තත්ත්වය හට ගැනීමට වැඩි ඉඩකඩක් පවතී. එමෙන්ම ආහාර ගැනීමේදී උෂ්ණාධික ආහාර ගැනීම විෂම ආහාර රටාවක් ඇති පිරිස් අතර වැඩි වශයෙන් මෙකී තත්ත්වය දැකගත හැකිය.
රෝගය සඳහා සිදු කළ යුතු ප්‍රතිකාර
මෙකී රෝගී ලක්ෂණ සහිත පිරිස් නිසියාකාරව තමාගේ රෝගී තත්ත්වය හඳුනාගැනීමෙන් අනතුරුව බොහෝ ප්‍රතිකාර ක්‍රම සිදු කිරීමට හැකිය. මූලිකවම මෙම රෝගය සහිත පිරිස් දිනකට සාමාන්‍යයෙන් පානය කරන ජල ප්‍රමාණය දේහ බරට සාපේක්ෂව දෙගුණයක්වත් පානය කළ යුතු බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ඊට අමතරව ආහාර විහරණ රටාව වෙනස් කිරීමෙන්, විශේෂයෙන් උෂ්ණාධික ආහාර ගැනීමෙන් වැළකීම)
අග්නි කර්ම ප්‍රතිකාර
රක්ත මෝක්ෂණ ක්‍රියාවලි.
ආයුර්වේදීය තෛල සහ පත්තු ක්‍රම භාවිත කිරීම.
ආයුර්වේදීය අභ්‍යන්තර ඖෂධ භාවිතා කිරීම.
ආදී ක්‍රම අනුගමනය කිරීමෙන් මෙම රෝගී තත්ත්වය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට හැකියාවක් පවතී. එමෙන්ම මෙය නිට්ටාවටම සුව කර ගත හැකි රෝගයක් බැවින් නිසි උපදෙස් අනුගමනය කරමින් වෛද්‍ය උපදෙස් සහිතව තමාට සුදුසු ආහාර රටාව සකසාගත හැකිය. උෂ්ණාධික ආහාර එනම් බලමාළු, අච්චාරු, තක්කාලි, ඉස්සෝ වැනි ආහාර නිරන්තරයෙන් අනුභව කිරීමෙන් වැලකී හොඳ පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් සකසා ගත හැකිය.
එමෙන්ම මෙම රෝගය සාමාන්‍ය තත්ත්වයක පවතින්නේ නම් ඔබට යම්තාක් සහනයක් ලබා ගැනීමට නිෙවසේදී පහසුවෙන් සිදුකර ගත හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබේ. එනම් ලුණු මිශ්‍ර උණු වතුරේ කකුල විනාඩි 15ක් පමණ තබාගෙන ඉන්පසුව තෙතමාත්තු කර තල තෙල් අභ්‍යංග කිරීමෙන් යම්තාක් දුරකට සුවතාවක් ලබා ගතහැකිය.
එසේත් නැතිනම් වරා කොළයක් ගෙන පොල් කටු අඟුරුවලට වරා කොළ කිහිපයක් දමා එය පිච්චන දුමට ඇල්ලීමෙන්ද මෙම රෝග ලක්ෂණ අවම කර ගැනීමට හැකියාවක් පවතී.
මෙකී ක්‍රමවලට අමතරව භාවිත කළ හැකි තවත් ආයුර්වේදී ප්‍රතිකාර රැසක් තිබේ. එනම්,
විනාකිරි, අත්තන කොළ, වෙනිවැල්ගැට, අමුඉඟුරු දමා තම්බා එයට විනාකිරි ස්වල්පයක් මිශ්‍ර කර කකුල මඳ රස්නේ වතුරේ තබා ගැනීමෙන් අඩු කර ගතහැකිය.
තවද අත්තනකොළ, විනාකිරි, අබ හොඳින් අඹරා තලපයක් මෙන් සකසා කකුලේ පත්තුවක් මෙන් හොඳින් ගැල්වීම. තිරිවාන ගල්වලින් පොට්ටනියක් මෙන් සකසා රත්කර කකුල තැවීම ආදිය සිදු කිරීමෙන්ද යම් සහනයක් ලබා ගැනීමේ හැකියාවක් පවතී.
කාර්ය බහුලත්වයෙන් වැඩකරන කාන්තා ඔබටත් මෙවැනි රෝගී ලක්ෂණ සහිත නම් ආයුර්වේදී ප්‍රතිකාර ක්‍රමයන් සිදුකර පහසුවෙන් සුවයක් ලබා ගැනීමට හැකියාවක් පවතී. එබැවින් තමාගේ රෝගී තත්ත්වය නිසියාකාරව හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් දීර්ඝ කාලීනව අවුරුදු ගණනාවක් තිබූ අයකුට වුවද සති දෙක තුනක වැනි කෙටි කාලයක් තුළදී සම්පූර්ණ සුවයක් ලබාදීමට හැකිය. එබැවින් ඔබත් විළුඹේ වේදනාව හෙවත් වාත කණ්ඨක රෝගයෙන් පීඩා විඳින අයෙක් නම් වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුළින් රෝගය නිට්ටාවටම සුවකර ගන්න. මේ සඳහා වැඩිදුර උපදෙස් ලබා ගැනීමට ඔබගේ ළඟම ඇති රජයේ පිළිගත් ආයුර්වේද වෛද්‍යවරයා හමුවන්න.
උපදෙස්
ආයුර්වේද වෛද්‍ය
ලහිරු මදුරංග
සචිනි දිසානායක