මේෂ
අවදානම් කටයුතුවලින් තරමක් ප්‍රවේසම් විය යුතුය. අනුකම්පාව ඇතත් ආවේගශීලි ගති ඉස්මතු වී අවාසිදායක තත්ත්ව මතු කරයි. ළඟ ඉන්න මිතුරන් සමඟ අමනාපකම් මතුවන රෝග ඇත. අධ්‍යාපනික කටයුතු ඉතා සුබයි.
වෘෂභ
තරමක් රණ්ඩු සරුවල්වලට මුල පිරෙන සතියකි. සෞඛ්‍ය තරමක් පිරිහෙන යෝග වේ. ඔළුවේ අපහසුතා හා උදාසීන ගති මතුවේ. පෙර පැවති තත්ත්වයන් ටිකෙන් ටික යහපත් වේ. අධ්‍යාපනික යෝග සාර්ථක වේ. හොඳ නරක තේරුම් ගෙන කටයුතු කළ යුතු සතියකි.
මිථුන
දැනුමෙන් පල ප්‍රයෝජන ලබන සතියකි. ප්‍රාෙයා්ගිකව කරන දේවලින් ලැබීම් ඇති වේ. රැකියාවේ පක්ෂපාතී ලෙස ලැබීම් ඇති වේ. විවාහ කටයුතු හා මංගල කටයුතුවලදී සුබ තත්ත්ව මතුවේ. පෙර කරන ලද උත්සාහයක ප්‍රතිඵල ලබන යෝග ඇත.
කටක
අන් අයගේ ආකර්ෂණය හිමිවන අතර මංගල කාරණා සාර්ථක වන යෝග ඇත. රටින් පිට ගමන් බිමන් සාර්ථක වේ. මවුපසින් උපකාර හිමි කරයි. සබඳතාවලින් පීඩා මනසට බලපායි. බෙල්ලෙන් උඩ රෝග සෑදේ. මුදල් සම්බන්ධ ගැටලු මතු වේ. ඉදිකිරිම් ක්ෂේත්‍රයේ කටයුතු සාර්ථක කරයි.
සිංහ
සිතුවිලි තරමක් ගුප්ත ස්වභාවයක් ගනී. දැඩි තීරණ මතුවන අතර රැකියාවේ දී අන් අයගේ බාධා මතුවේ. ව්‍යාපාරයේ වැරදි තීරණ නිසා පාඩු මතු වේ. සුළු ආයෝජනවලින් අනාගතයේ ලාභ ලබයි. දේපළ ප්‍රශ්න ඇතිවේ. ගෙදර තත්ත්වය තරමක් සුබවන අතර බොහෝ ඉවසීමෙන් ගත කළ යුතු කාලයකි.
කන්‍යා
තරමක් අනතුරු ඇති සතියකි. හිස සම්බන්ධව ඇති වේ. පෙර ලැබීමට තිබූ ධනයක් හිමිවන සතියකි. ව්‍යාපාරවල අලුත් වැඩ කටයුතු සාර්ථක වන යෝග ඇත. අත්හැර දැමූ තම කටයුතු නැවත අරඹන අතර රැකියාවේද දක්ෂ ලෙස වැඩ කරයි. අධ්‍යපනයට ඉහළ යන යෝග ඇත.
තුලා
තම කැපවීමෙන් කරන වැඩ සාර්ථක වේ. අමතර අාදායම් හිමි කරයි. උසස් ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. විදෙස්ගත වීම් ද සාර්ථක වේ. විවාහයේදී අන් පාර්ශ්වය ගැන වැඩිදුර සිතා කටයුතු කළ යුතු වේ. හිත් රිදීම් ඇති කරන යෝග ඇත. වියදම් තරමක් වැඩි වේ. දේපළ සම්බන්ධයක් හෝ අත්හැරීමකට යෝග ඇත. විදෙස් ගමන් සාර්ථක වේ.
වෘශ්චික
මානසික ආතතිය ඇති වන අතර තමා පිළිබඳ කලකිරීම් මතුවන යෝග ඇත. ආවේගශීලි ගති තුවාල සහ අසනීප ඇතිවීම් ද නිෂ්පාදන ක්ෂේත්‍රයේ තිබූ බාධා ඉවත් වීම ද සිදුවේ. රැකියා බාධාවට සටන් කරයි. සාර්ථකත්වය හිමි වේ. කුඩා දරුවන්ට ඉගෙනීමේ ක්‍රියාවලිය සාර්ථක වේ.
ධනු
ඔබගේ විවාහ මංගල යෝග කටයුතුවලට ඉතා සුබ කාලයකි. වාහන සිහිනය සැබෑ වේ. උසස් ඉගෙනීමේ කටයුතුවලට ඉතා සුබ වේ. දාර්ශනික අදහස් දරන සතියකි. දූ දරුවන්ගේ ආවේගශීලි ගති නිසා පීඩා මතුවේ. ආර්ථික සිරවීම් ඇත. කළමනාකරණය යහපත් කර ගන්න.
යහපත් කර ගන්න.
මකර
රැකියාවේ ඔබේ වටිනාකමට තැනක් හිමි වේ. අධ්‍යාපන තත්ත්්ව සුබ වේ. සෞඛ්‍ය ගැටලු මතුවන සතියකි. තම ගෞරවයට, තත්ත්වයට බාධා ඇතිවන අතපසුවීම් සිදුවිය හැකිය. කටයුතු නිසි ලෙස කරගන්න තරග විභාග කටයුතුවලට සුබ සතියකි.
කුම්භ
මානසික පීඩා බලවත් වීමෙන් නොයෙක් වැරදි තීරණ ගන්නා යෝග ඇත. කල්පනාකාරී වන්න. විවාහයේ ඇති ගැටලු නිසා දුරදිග යන රෝග ඇත. ලැබීමට තිබූු මුදලක් ලැබීමේ භාග්‍ය ඇත. වාහන පැදවීමෙන් ප්‍රවේසම් වන්න. රැකියාව එපාවීම්, කලකිරීම් මතුවේ. ඉවසාගෙන යාම සුබයි.
මීන
නුරුස්සනා කේන්තිකාර ගති වැඩිවන අතර අන් අයගේ සිත් රිදවීම් නොදැනුවත්වම වෙයි. පෙර පින් බලයෙන් සිත සතුටුවන සතියකි. රැකියා ක්ෂේත්‍රයේ සිත් රිදීමකට යෝග ඇත. ස්ථිර ගති ඇතිවීම නිසා තරමක් ගැටුම් මතු කළත් දුරදිග බලා ඒවා විසඳා ගන්නා යෝග ඇත.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර