දවසින් දවස කාන්තා ඇඳුම් විලාසිතාවන් වෙනස් වුවත් ගවුම තරම් ජනප්‍රිය විලාසිතාවක් නැති තරම්. ඉතින් ඔබේ දෝණියත් ඇගේ ජීවිතයේ විවිධ සංධිස්ථානවලදී ගවුමින් හැඩවන්නට හුරු කළ හැකියි. උපන් දින සාදයට, මල්වර මංගල්‍යයට හැඩවීමට මෙය කදිමයි.
අවශ්‍ය මිමි
පපුව දක්වා උස අඟල් 8
ඉණ දක්වා උස අඟල් 12
ගවුමේ උස අඟල් 30
පපුව වට අඟල් 30
ඉණ වට අඟල් 28
පපු පරතරය අඟල් 6
කිහිලිකට අඟල් 14
උරහිස අඟල් 14
කර ගැඹුර අඟල් 4
මිමි සැකසීම
මුලින්ම උරහිස මිම්ම දෙකට බෙදා ලකුණු කරන්න. අඟල් 14÷2 = 7 උරහිස අඟල් එකක් ඇල කරන්න. එම ඇල කරගත් රේඛාව දිගේ අඟල් 2 1/2ක් එහායින් පපුව දක්වා උස ද (අඟල් 8) ඉණ දක්වා උස ද (අඟල් 12) කිහිලිකට උස (14 ÷ 2=7) ද ලකුණු කරන්න.
ආම්හෝල් රේඛාව දිගේ පපුව වට හතරට බෙදා අඟල් 1/2ක් එකතුකර ලකුණු කරන්න. අඟල් 30 ÷4+1/2 = 8 ඉණ රේඛාව දිගේ ඉණවට හතරෙන් බෙදා අඟල් 1/2ක් එකතුකර ලකුණු කරන්න.
අඟල් 30 ÷ 4 + 1/2 = අඟල් 8 ඉණ රේඛාව දිගේ ඉණ වට හතරට බෙදා අඟල් 1/2ක් එකතු කර ඩාට් සඳහා අඟල් 1/2ක් ද එකතු කර ලකුණු කරන්න. 28 ÷4 + 1/2+1/2 = 8 පපු පරතරය දෙකට බෙදා එන මිම්මේ ඩාට් ලකුණු කරන්න. ඩාට් පළල ලෙස අඟල් 1/2ක් ගන්න. අඟල් 6/2 = අඟල් 3
අංශය හැඩකර ඇඳ ගන්න. උරහිස කොණ, ආම්හෝල් රේඛාව අතර මැදින් අඟල් 1/2ක් මෙහාටකර කිහිලිකට ඇඳගන්න. කිහිලිකට වක්‍රකර ඇඳගන්න. අඟල් 2 1/2ක් සිට කර ගැඹුර ලකුණුකර උඩ කොටස කපා ඉවත් කරගන්න.
පිටුපස පළුව
ඉදිරිපස පළුවට වඩා පිටුපස පළුව අඟල් 1/2ක් අඩුවෙන් ගන්න. සිපරයක් ඇල්ලීමට අඟල් 1/2ක් වැඩිපුර ගන්න.
අත
අත දිග අඟල් 9
අතවට අඟල් 9 1/2
කිහිලිකට වට අඟල් 14
මුලින්ම අත දිග ලකුණු කරන්න. අත් කට සඳහා පහත් කරන ප්‍රමාණය ලෙස (ආම්හෝල් වට ÷ 4= 14/4 = අඟල් 3 1/2)
එම රේඛාවේ අාම්හෝල් වට දෙකට බෙදා ලකුණු කරන්න. (14/2 = 7)
අත මුදුනින් රැලි සඳහා අඟල් දෙකක් පමණ වැඩිකර ලකුණු කරන්න. අත්කට හැඩය ඇඳගන්න.
සාය
මෙය බෝඩරයක් සහිත මෙටීරියල් එකක් බැවින් සාය කෑලි 6කට එන ලෙස සකසා ගන්න.
මසා ගැනීම
කඳ කොටසේ ඩාර්ට් මසා ඇත. අත අල්ලා ගන්න. ඉතිරිවන කොටසට ඉලාස්ටික් දමාගන්න. සාය කොටසේ කොටස් ටික එකට මූට්ටු කරන්න. ඉදිරි පළුවට සායේ කොටස් 3ක් පිටුපස සිප් එකක් අල්ලා ගන්න. අංශය මූට්ටු කරන්න.
උපදෙස්
ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී
නිශාන්ති රත්නායක
Model – මිනුදි රත්නායක
Line Art – නිලක්ෂි ආරියරත්න
අචිනි ලක්මාලි චන්ද්‍රසේකර