වසර ගණනාවක් ලේක්හවුස් ආයතනයේ මාධ්‍යවේදිනියක, කර්තෘවරියක ලෙස කටයුතු කළ ඇය දීප්ති ෆොන්සේකාය. 2019 වසරේ ලේක්හවුස් ආයතනයෙන් විශ්‍රාම ගත් ඇය ඒ වන විට ආරෝග්‍යා පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කළාය.
මෙවර අම්මාවරුනේ සමඟ තරුණී කතාබහට එක් වූයේ ඇයයි. මේ ඇය සිය මව ගැන අප සමඟ බෙදා ගත් රසමුසු අත්දැකීම්ය.
මගේ අම්මා ගුරුවරියක්. ඇගේ නම මාග්‍රට් කුරේ. මම පවුලේ එකම දරුවා ලෙස පවුලේ දැඩි රැකවරණය සහ ආදරය මැද හැදුණු වැඩුණු කෙනෙක්. තාත්තා මට හරිම ආදරෙයි. මම කොයිතරම් දඟ වැඩ කළත් ඔහු මට කවදාවත්ම නිය පිටින් පහරක් ගහලා නෑ. හැබැයි අපේ අම්මා තාත්තාට වඩා වෙනස් චරිතයක්. අම්මා බොහොම සැරයි. මං පුංචි වරදක් කළත් මට දඬුවම් කළා. ඒ අනුව අම්මාගේ නීතිරීති බොහෝමයකට යටත් වෙලා පුංචි කාලයේ මං හැදී වැඩුණා. ඉතින් මම අම්මාට ගොඩාක් බයයි. මවුපියන්ගේ ගරුත්වය ආරක්ෂා කරමින් මම ජීවත් විය යුතු යැයි ඇය විශ්වාස කළා. ඒ නිසා අම්මා නිතරම මා ගැන ඇහැ ගහගෙන හිටියා. ඇය එසේ කළේ මා සමඟ ඇති තරහකින් නොවේ. ඇය ඒ සියලු දේ කළේ මාව ගුණවත් දරුවෙක් කිරීමේ අරමුණින්. ඒත් අම්මා සැර වැර වෙද්දී තාත්තා මට කරුණාවෙන් කටයුතු කළා.
සිය මවගේ යහපත් වූ චරිත ලක්ෂණ සහ ඒවා තමාගේ දිවියට උරුම වූ ආකාරය ගැන මෙසේ පැහැදිලි කළාය.
අපේ අම්මා ගොඩක් පරෝපකාරී චරිතයක්. ගමේ පාසලේ දුප්පත් දරුවන් වෙනුවෙන් ඇය නොමිලේ පන්ති පැවැත්වුවා. ඇය ගණිත ගුරුවරියක්. අම්මා අපේ ගෙදර ඉස්තෝප්පුවේ ඒ ළමයින්ට ඉගැන්වුවා. අම්මාගේ වියදමින් ඩෙස් බංකු මිලට අරගෙන ඒ දරුවන්ට නොමිලේ ඉගැන්වුවා. ඒ අනුව ඇය මා ගැන පමණක් නොවේ ගමේ අනෙක් දරුවන් පිළිබඳවද විශේෂ සැලකිල්ලක් දැක්වූයේ කිසිදු බලාපොරොත්තුවක් නැතිවමයි.
පොල් අතු පැලවල ජීවත් වන මිනිසුන්ගේ නිවෙස්වලට ටකරම් ලබා දෙන්නට ඇය කටයුතු කළා. ඇයගේ පඩියෙන් පවා ඒ සඳහා මුදල් වැය කළ හැටි මට මතකයි. මං රැකියාව කරන කාලයේදී මගෙන්ද දිළිඳු අයවලුන්ට උපකාර කිරීමට අම්මා මුදල් ඉල්ලා ගත්තා. එයාකාරයෙන් අනුන්ට උපකාර කිරීමට ඇය කටයුතු කළා.
ඇත්තටම පරෝපකාරය මා ඉගෙන ගත්තේ මගේ අම්මාගෙන්. ඇතැම් විට මීනිසුන්ට කළ උදවු මට මතක් වන්නේ ඔවුන් එය මතක් කිරීමෙන් අනතුරුවයි. ඒ තරමටම නිතරම මම අනුන්ට උපකාර කිරීමට අම්මාගෙන් ඉගෙන ගත්තා.
ඒ වගේම අම්මා බොහෝ දේ සිදු කළේ සැලසුම්සහගතවයි. ඇය බොහෝ දේ කළේ උපරිම කැප වීමක් සහිතව මනා සංවිධානයකින් යුතුවයි. දුවේ අපිට කරන්න බැරි දෙයක් නෑ යනුවෙන් ඇය මට පුංචි කාලයේ ඉඳන්ම උපදෙස් දුන් සැටි අදටද මතකයි. ඉතින් ඒ උපදේශය මගේ ඔළුවට කාවැදුණා. ඉතින් ඒ කැපවීම, සංවිධාන ශක්තිය මගේ ජීවිතයට බොහෝ සේ ප්‍රයෝජනවත් වුණා. පුවත්පත් කලාවේ ඉහළටම ගමන් කරන්නට මට හැකි වුණේ ඒ නිසාමයි.
ඒ වගේම කවුරුන් හෝ වරදක් කළත් සමාව දීමේ ගුණය අම්මාට තිබුණා. ඒ හා සමානවම වැරදි කළවුන්ට සමාව දීමේ ගුණය මට පිහිටලා තිබෙනවා.
දවසක් අපේ නෑදෑ කෙනෙක් වස පානය කිරීමෙන් බොහොම අසාධ්‍ය වුණා. එදා අපේ අම්මා ඔවුන් රෝහල්ගත කිරීමට පෙරමුණ ගත් සැටි මට අද වගේ මතකයි. ඇත්තටම අපේ අම්මාගේ මරණ ගෙදරට විශාල පිරිසක් සහභාගී වුණා. ඉතින් එහි සහභාගී වූවන් අම්මා කළ උදවු මට සිහිපත් කළා. ඇත්තටම මවුපියෝ රටට ලෝකයට යහපතක් කළොත් එහි ප්‍රතිඵල දරුවන්ට ලැබෙනවා කියා මා විශ්වාස කරනවා. මට පවා මේ වන විට ලැබී ඇත්තේ මවුපියන්ගේ යහපත් ක්‍රියාවන්හි ප්‍රතිඵල යැයි මා නිබඳවම සිතනවා.
ජීවිතයේ සැඳෑ සමයේ සිය මව සමඟ දීප්ති මහත්මිය කටයුතු කළ ආකාරය මවක සහ දියණියක සතු යුතුකම් පිළිබඳ මහඟු ආදර්ශයක් වත්මන් පරපුරට ලබා දෙයි.
ජීවිතයේ අවසන් කාලයේදී අම්මා ඇද වැටීමෙන් ආබාධිත වුණා. ඉතින් ඒ අවස්ථාවේ අම්මාව බලා ගත්තේ මම. උදේ පාන්දර මම සේවයට ගියෙත් අම්මාගේ සියලු වැඩ කටයුතු කිරීමෙන් අනතුරුවයි. ඒ ආකාරයෙන් වසර 5ක් අම්මාට මම උපස්ථාන කළා. අම්මාට අසාධ්‍ය වන සැණින් රෝහල්ගත කිරීමට පවා මම කටයුතු කළා. ඇතැම් විට රාත්‍රියේ ඇයට හදිසි රෝගී තත්ත්වයක් ඇති වුවහොත් මම තනිවම හෝ අම්මාව රැගෙන රෝහලට ගිය අවස්ථා තිබුණා. ඒ තරම් මවුපිය දරු සබඳතාවක් අප අතර පැවතුණා. අම්මාට අසනීප වන විට මගේ ඇඟ වෙව්ලනවා. ඇය මට ආදරය කළා වගේම මමත් ඇයට ආදරය කළා. අම්මාගේ 80 වැනි උපන් දිනයට අපි ලොකු උත්සවයක් සංවිධාන කළා. ඒ උත්සවය පැවැත්වුණේ මගේ වත්තල නිෙවසේදියි.
අම්මාගේ හිතවතුන් ගෙන්වා ගැනීමට කළුතරට බස් රථයක් යවලා විශාල වියදමක් කරමින් අම්මාගේ සතුට වෙනුවෙන් මම කටයුතු කළා. අම්මා අසනීප වුණ කාලසමයේත් වත්තල සිට කළුතර අම්මාගේ හිතවතුන් හමුවන්නට මම අම්මාව එක්කරගෙන ගියා.
සිය මව ගැන අදහස් දැක්වීමෙන් අනතුරුව පියාණන් ගැනද අදහස් දැක්වීමට දීප්ති මහත්මිය අමතක නොකළාය.
මං ආදරය හඳුනා ගත්තේ තාත්තාගෙන් කීවොත් නිවැරදයි. ඇත්තටම ආදරය බොහෝ සෙයින් වින්දේ තාත්තාගෙනුයි. මම ආදරය ලැබූ නිසා සමාජයේ ආදරණීය චරිතයක් වුණා. පවුලේ එකම දරුවා ලෙස මට හැම දේම ලැබුණා.
ගෙදරට කේක් කෑල්ලක් ගෙනාවත් පවුලේ එකම දරුවා ලෙස එව ලැබුණේ මට. ඉතින් මට අහිමි වීමක් නැති වන තරමටම හැම දේම ලැබුණා. ඒ නිසා මට දෙයක් නොලැබුණා කියා ඇතිවන ඉරිසියාව ඇති වෙලා නෑ. එය පවුලේ එකම දරුවා නිසා ලැබුණු දෙයක් යැයි මට සිතෙනවා.
පියෙකු සහ දියණිය අතර සහසම්බන්ධය දීප්ති මහත්මිය විස්තර කළේ මෙයාකාරයෙනි.
තාත්තා පඩි අරගෙන එද්දී මට විශේෂ කෑම අරගෙන එනවා. ඒ කාලේ අද වගේ හැම්බේකන්, මිදි, ඇපල් වගේ කෑම සුලබ නෑ. ඉතින් තාත්තා මාසේ පඩිය ලැබෙන දවසට ඒ වගේ විශේෂ කෑම අරගෙන එනවා.
මමත් ඒ දවසට තාත්තා එනතුරු නොඉවසිල්ලෙන් බලා ඉන්නවා. ඒ වගේම තාත්තාගේ උකුලේ ඉන්න මං හරි ආසයි. තාත්තාත් නිතරම මාව උකුලට ගන්නවා.
පුංචි කාලයේ තාත්තා මාව සංගීත සංදර්ශන බලන්නට එක්ක යනවා. අම්මා ඒ වගේ විනෝද ගමන්වලට කැමත්තක් දැක්වූයේ නෑ. ඉතින් ක්ලැරන්ස්, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ සංගීත සංදර්ශන බලන්නට මම තාත්තා එක්ක ගියේ බොහෝම ආසාවෙන්. ඒ වගේම වෙසක් බලන්නට පොසොන් බලන්නට කළුතර කටුකුරුන්ද් රේස් බලන්නට නිතරම තාත්තා මාව එක්කගෙන යනවා. අම්මා විරුද්ධ වුණත් තාත්තා මාව ඒ වගේ තැන්වලට එක්ක ගෙන ගිහින් මාව සතුටු කළා.
දීප්ති සිය ආදරණිය පියාණන්ගේ දිවියේ සැඳෑ සමයේ සත්කාර කළ ආකාරය පියෙකු සහ දියණියක අතර පවතින සබඳතාවේ යුතුකම් කොටස ගැන අපට පාඩමක් උගන්වයි.
මගේ පළමුවැනි පුතා ලැබුණු කාලයේ තාත්තා වැටිලා උකුල් ඇටය කැඩුණා. ඉතින් ඒ කාලයේ රැකියාවේ කාර්යබහුලත්වය අතරමැද තාත්තාව බලන්නට මම රෝහලට ගිහින් තාත්තාගේ කටයුතු මගේ අතින්ම සිදු කළා. ඒ අතර තාත්තා අපිව දාලා ගියා. තාත්තා වගේම අම්මා අපෙන් සමු ගත් දින මගේ ජීවිතයේ දරාගත නොහැකිම ශෝකයක් ඇති වූ දවස් බව කිව යුතුයි. ඉතින් තාත්තාගේ වගේම අම්මාගේ අවසන් කටයුතු සිදු වුණෙත් මගේ අතින්.
සිය පියාගෙන් ඇය ලැබූ ජීවනාදර්ශ ගැන දීප්ති මහත්මිය පළ කළේ මෙවන් අදහසක්.
තාත්තා ස්වාධීන ජීවිතයක් ගත කළ කෙනෙක්. උදේ අවදි වී තේ කෝප්පය පවා තමාම හදා ගැනීමට ඔහු කටයුතු කළා. ඒ වගේම තමන්ගේ රෙදි සෝදනවා වගේම ඇතැම් විට අම්මාගේ සහ මගේ රෙදි පවා තාත්තා හෝදලා දෙනවා. ඉතින් තමන්ගේ කටයුතු තමා විසින් කර ගැනීමේ උත්සාහයක් තාත්තාට තිබුණා. එය තාත්තාගෙන් මටද උරුම වූ පුරුද්දක් වුණා. තමන්ගේ රාජකාරිය තමා විසින් කර ගැනීම තුළින් එය නිවැරදිව සහ පරිපූර් ණව කර ගැනීමට හැකි වන බව තාත්තා මට එහිදී ඉගැන්වුවා. ඒ වගේම තාත්තා කලට වෙලාවට සහ යමක් පිරිසිදුව පිළිවෙළට කරන කෙනෙක් බව සඳහන් කළ යුතුයි.
ඇය සිය ස්වාමිපුරුෂයා පියෙකු ලෙස දුටු ආකාරය අනතුරුව මෙසේ විස්තර කළාය.
මගේ ස්වාමිපුරුෂයා උපාලි සහ අපේ දෙවැනි පුතා අතර තිබුණේ සුවිසල් බැඳීමක්. ලොකු පුතා සහ මා අතර සමීප බැඳීමක් තියෙද්දී පොඩි පුතා වඩාත් සමීප වුණේ තාත්තාට. එයා පෙර පාසල් ගිය පළමු දවසේ ඇඬුවෙත් තාත්තා තාත්තා කියලයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු විශාල කැප කිරීමක් කළා. උපකාරක පන්ති අසලටම ගිහින් දරුවන් පැමිණෙන තුරු උපාලි බොහෝ වෙලා බලා සිටි හැටි මට අදටත් මතකයි. දරුවන් අයාලේ යා නොදී යහ මඟ ගියා නම් උපාලිට ඒ ගෞරවය හිමි විය යුතුයි.
පුතා ඉගෙන ගත්තේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ. එහි 4 වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ වෙනවා. ඉතින් දරුවන් දෙදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවේ උපාලි වුවමනාවටයි. මාගේ අකැමැත්තෙන් වුවද උපාලි දරුවන්ට ඉංග්‍රීිසි මාධ්‍යයෙන් ඉගැන්වීමට වඩාත් උනන්දු කරවූවා. අද එහි යහපත් ප්‍රතිඵල මගේ දරුවෝ භුක්ති විඳිනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ඔවුන්ට ගේ දොර හදා දෙන්නට, ඔවුන්ගේ විවාහ උත්සව වෙනුවෙන් පවා ඔහු අරපිරිමැස්මෙන් මුදල් ඉතුරු කළා. ඒ කාර්යය උපාලි මටත් වඩා හොඳින් කළා කීවොත් නිවැරදියි.
නිරපරාදේ කාමරවල විදුලි ලාම්පු දැල්වෙන්නට, ටැප් ඇර තබන්නට, විදුලි පංකා ක්‍රියාත්මක කරන්නට ඔහු ඉඩ දුන්නේ නෑ. දරුවන් හෝ මා එසේ කරනවාට පවා ඔහු නිතරම විරුද්ධ වුණා. ඒ බව කුඩා කල සිටම දරුවන්ට වටහා දුන් නිසාම දරුවන්ද අද වන විට නිරායාසයෙන්ම අරපිරිමැස්මට හුරු වී තිබෙනවා. එය ඔවුන් උපාලිගෙන් ලැබූ මහඟු දායාදයක්.
දීප්ති සහ උපාලි කැදැල්ලේ එකමුතුවේ රහස ගැන ඇය කියා පෑවේ මෙවන් අදහසකි.
අපි විවාහ වෙලා දැනට අවුරුදු 40ක්. අපි එකිනෙකට වෙනස් පවුල් දෙකක දෙදෙනෙක්. මම පවුලක එකම දරුවා. උපාලිගේ පවුලේ සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි දෙන්නා අතරින් මට ගොඩක් තරහ යනවා. උපාලිට තරහ යන්නෙම යනවා. තරහ ගියත් ඔහු හැම දෙයක්ම පාලනය කර ගන්නේ බොහෝම ඉවසීමෙන්. අපේ පවුලේ සමගිය වඩාත් රැඳි පැවතුණේ ඒ නිසා යැයි කිව යුතුයි. ඔහුත් ලේක්හවුස් ආයතනයේම ඡායාරූප කර් තෘ ලෙස කටයුතු කළා. මමත් එහි සරසවිය පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කරන අවදියේම ඔහුත් එහි සේවය කළා. ඉතින් මගේ හොඳම මිතුරා මගේ මහත්තයා කීවොත් ඉතාම නිවැරදියි. මගේ හැම දෙයක්ම මුලින්ම කියන්නේ මගේ මහත්තයාට. මගේ හැම වැඩකදීම ලොකු සහයෝගයක් දෙන්‌නේ ඔහු. එදා වගේම අදටත් මට ඔහු නැතිව බෑ වගේම ඔහුටද මා නැතිව බෑ.
සිය මව ගැන අදහස් දැක්වීමෙන් අනතුරුව පියාණන් ගැනද අදහස් දැක්වීමට දීප්ති මහත්මිය අමතක නොකළාය.
මං ආදරය හඳුනා ගත්තේ තාත්තාගෙන් කීවොත් නිවැරදියි. ඇත්තටම ආදරය බොහෝ සෙයින් වින්දේ තාත්තාගෙනුයි. මම ආදරය ලැබූ නිසා සමාජයේ ආදරණීය චරිතයක් වුණා. පවුලේ එකම දරුවා ලෙස මට හැමදේම ලැබුණා.
පියෙකු සහ දියණිය අතර සහසම්බන්ධය දීප්ති මහත්මිය විස්තර කළේ මෙයාකාරයෙනි.
පුංචි කාලයේ තාත්තා මාව සංගීත සංදර්ශන බලන්නට එක්ක යනවා. අම්මා ඒ වගේ විනෝද ගමන්වලට කැමැත්තක් දැක්වූයේ නෑ. ඉතින් ක්ලැරන්ස්, මිල්ටන් මල්ලවාරච්චි වැනි ගායකයන්ගේ සංගීත සංදර්ශන බලන්නට මම තාත්තා එක්ක ගියේ බොහෝම ආසාවෙන්. ඒ වගේම වෙසක් බලන්නට පොසොන් බලන්නට කළුතර කටුකුරුන්ද රේස් බලන්නට නිතරම තාත්තා මාව එක්කගෙන යනවා. අම්මා විරුද්ධ වුණත් තාත්තා මාව ඒ වගේ තැන්වලට එක්ක ගෙන ගිහින් මාව සතුටු කළා.
දීප්ති සිය ආදරණීය පියාණන්ගේ දිවියේ සැඳෑ සමයේ සත්කාර කළ ආකාරය පියෙකු සහ දියණියක අතර පවතින සබඳතාවේ යුතුකම් කොටස ගැන අපට පාඩමක් උගන්වයි.
මගේ පළමුවැනි පුතා ලැබුණු කාලයේ තාත්තා වැටිලා උකුල් ඇටය කැඩුණා. ඉතින් ඒ කාලයේ රැකියාවේ කාර්යබහුලත්වය අතරමැද තාත්තාව බලන්නට මම රෝහලට ගිහින් තාත්තාගේ කටයුතු මගේ අතින්ම සිදු කළා. ඒ අතර තාත්තා අපිව දාලා ගියා. තාත්තා වගේම අම්මා අපෙන් සමු ගත් දින මගේ ජීවිතයේ දරාගත නොහැකිම ශෝකයක් ඇති වූ දවස් බව කිව යුතුයි. ඉතින් තාත්තාගේ වගේම අම්මාගේ අවසන් කටයුතු සිදු වුණෙත් මගේ අතින්.
සිය පියාගෙන් ඇය ලැබූ ජීවනාදර්ශ ගැන දීප්ති මහත්මිය පළ කළේ මෙවන් අදහසක්.
තාත්තා ස්වාධීන ජීවිතයක් ගත කළ කෙනෙක්. උදේ අවදි වී තේ කෝප්පය පවා තමාම හදා ගැනීමට ඔහු කටයුතු කළා. ඒ වගේම තමන්ගේ රෙදි සෝදනවා වගේම ඇතැම් විට අම්මාගේ සහ මගේ රෙදි පවා තාත්තා හෝදලා දෙනවා. ඉතින් තමන්ගේ කටයුතු තමා විසින් කර ගැනීමේ උත්සාහයක් තාත්තාට තිබුණා. එය තාත්තාගෙන් මටද උරුම වූ පුරුද්දක් වුණා. තමන්ගේ රාජකාරිය තමා විසින් කර ගැනීම තුළින් එය නිවැරදිව සහ පරිපූර්ණව කර ගැනීමට හැකි වන බව තාත්තා මට එහිදී ඉගැන්වුවා. ඒ වගේම තාත්තා කලට වෙලාවට සහ යමක් පිරිසුදුව පිළිවෙළට කරන කෙනෙක් බව සඳහන් කළ යුතුයි.
ඇය සිය ස්වාමිපුරුෂයා පියෙකු ලෙස දුටු ආකාරය අනතුරුව මෙසේ විස්තර කළාය.
මගේ ස්වාමිපුරුෂයා උපාලි සහ අපේ දෙවැනි පුතා අතර තිබුණේ සුවිසල් බැඳීමක්. ලොකු පුතා සහ මා අතර සමීප බැඳීමක් තියෙද්දී පොඩි පුතා වඩාත් සමීප වුණේ තාත්තාට. එයා පෙර පාසල් ගිය පළමු දවසේ ඇඬුවෙත් තාත්තා තාත්තා කියලයි.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ඔහු විශාල කැප කිරීමක් කළා. උපකාරක පන්ති අසලටම ගිහින් දරුවන් පැමිණෙන තුරු උපාලි බොහෝ වෙලා බලා සිටි හැටි මට අදටත් මතකයි. දරුවන් අයාලේ යා නොදී යහ මඟ ගියා නම් උපාලිට ඒ ගෞරවය හිමි විය යුතුයි.
පුතා ඉගෙන ගත්තේ ශාන්ත ජෝශප් විද්‍යාලයේ. එහි 4 වැනි ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ආරම්භ වෙනවා. ඉතින් දරුවන් දෙදෙනාම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබුවේ උපාලිගේ වුවමනාවටයි. මාගේ අකැමැත්තෙන් වුවද උපාලි දරුවන්ට ඉංග්‍රීිසි මාධ්‍යයෙන් ඉගැන්වීමට වඩාත් උනන්දු කරවූවා. අද එහි යහපත් ප්‍රතිඵල මගේ දරුවෝ භුක්ති විඳිනවා.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ඔවුන්ට ගේ දොර හදා දෙන්නට, ඔවුන්ගේ විවාහ උත්සව වෙනුවෙන් පවා ඔහු අරපිරිමැස්මෙන් මුදල් ඉතුරු කළා. ඒ කාර්යය උපාලි මටත් වඩා හොඳින් කළා කීවොත් නිවැරදියි.
නිරපරාදේ කාමරවල විදුලි ලාම්පු දැල්වෙන්නට, ටැප් ඇර තබන්නට, විදුලි පංකා ක්‍රියාත්මක කරන්නට ඔහු ඉඩ දුන්නේ නෑ. දරුවන් හෝ මා එසේ කරනවාට පවා ඔහු නිතරම විරුද්ධ වුණා. ඒ බව කුඩා කල සිටම දරුවන්ට වටහා දුන් නිසාම දරුවන්ද අද වන විට නිරායාසයෙන්ම අරපිරිමැස්මට හුරු වී තිබෙනවා. එය ඔවුන් උපාලිගෙන් ලැබූ මහඟු දායාදයක්.
දීප්ති සහ උපාලි කැදැල්ලේ එකමුතුවේ රහස ගැන ඇය කියා පෑවේ මෙවන් අදහසකි.
අපි විවාහ වෙලා දැනට අවුරුදු 40ක්. අපි එකිනෙකට වෙනස් පවුල් දෙකක දෙදෙනෙක්. මම පවුලක එකම දරුවා. උපාලිගේ පවුලේ සහෝදර සහෝදරියන් එකොළොස් දෙනෙක් ඉන්නවා. ඒ වගේම අපි දෙන්නා අතරින් මට ගොඩක් තරහ යනවා. උපාලිට තරහ යන්නෙම නෑ. තරහ ගියත් ඔහු හැම දෙයක්ම පාලනය කර ගන්නේ බොහෝම ඉවසීමෙන්. අපේ පවුලේ සමගිය වඩාත් රැඳි පැවතුණේ ඒ නිසා යැයි කිව යුතුයි. ඔහුත් ලේක්හවුස් ආයතනයේම ඡායාරූප කර්තෘ ලෙස කටයුතු කළා. මමත් එහි සරසවිය පුවත්පතේ කතුවරිය ලෙස කටයුතු කරන අවධියේම ඔහුත් එහි සේවය කළා. ඉතින් මගේ හොඳම මිතුරා මගේ මහත්තයා කීවොත් ඉතාම නිවැරදියි. මගේ හැම දෙයක්ම මුලින්ම කියන්නේ මගේ මහත්තයාට. මගේ හැම වැඩකදීම ලොකු සහයෝගයක් දෙන්‌නේ ඔහු. එදා වගේම අදටත් මට ඔහු නැතිව බෑ වගේම ඔහුට ද මා නැතිව බෑ.
පසිඳු මිහිරාන් රැටියල