ගෙවතු වගාව පිළිබඳ තොරතුරු ඕෙන තරම් වැඩසටහන්වලින් ඔබ දැනගෙන ඇති. ඒත් අද කියන්න යන්නෙ සාමාන්‍යයෙන් නාගරික ගෙවත්තක, පර්චස් 5 ක්-10ක් වගේ ඉඩකඩක කොහොමද හිතෙන හිෙතන භෝගයක් වවන්නෙ කියලා. මේක හරිම අමාරු දෙයක්. එළවළු වගාව බඳුන් ගත කර, නිර්පාංශු වගා ලෙස, වගා කුලුනු වගේ සුළු ඉඩකඩ තුළ වගා කරන්න පුළුවන්. එහෙත් බහු වාර්ෂික භෝගයක් වගා කර ගැනීම අපට ගැටලුවක්. වර්තමානයේ අපේ ආහාර රටාවත් සමඟින් දිෙනකට පලතුරු ග්‍රෑම් 250ක් ආහාරයට ගන්න කියලා සෞඛ්‍ය අංශ දැනුම්වත් කර තියෙනවා. ඒත් වෙෙළඳපොළේ තිබෙන පලතුරු මිල ගණනුත් එක්ක නැවුම් පලතුරක් ගන්න අපට අවස්ථාව නැහැ.
සීමිත ඉඩක බහු වාර්ෂික බෝගයක්
අපේ මේ සීමිත ඉඩකඩේ පලතුරු ගහක්, කොස් ගහක්,පොල් ගහක්, වවා ගන්න හැකියාවක් තියෙනවද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. පොඩි ඉඩකඩේ කොස් ගහක්, දෙල් ගහක් වගේ එකක් හැදුවොත් අපේ ගෙට මුල් ගිහිල්ලා බිත්ති පුපුරලා ගෙබිම බොල් වෙලා ඉරිතලනවා. ඒ වගේම විවිධ ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පාන්නට සිදුවෙනවා. හැබැයි මෙයට හොඳ විසඳුමක් තියෙනවා. ඒ තමයි බඳුන්ගත වගාව. ඒවා පසුකාලීනව ගෙබිමේ ඉන්දවිය හැකියි. හැබැයි ගෙවත්තේ වවන කොට සැලකිලිමත් වන්න ඕෙන කාරණා කීපයක් තියෙනවා. ඒ තමයි වගාවට අත්‍යවශ්‍ය සාධක. හිරුඑළිය, ජලය, පස, ඉඩකඩ. ඒ වගේම ඔය කාලය, ධනය වගේ අනෙකුත් කාරණා. මෙන්න මේවා කළමනාකරණය කර ගත්තොත් අපිට හොඳ ගෙවත්තක් හදා ගන්න පුළුවන්. උදේම හිරුඑළිය ලැබෙන තැන අපට පුළුවන් පලා වර්ග වවන්න. දවල් හිරුඑළිය ලැබෙන තැන ගෙඩි හැදෙන භෝග වවන්න. හවස හිරුඑළිය ලැබෙන තැනෙක කටු සහිත භෝග වවන්න පුළුවන්. හිරුඑළිය නැති තැනෙක කහ, ඉඟුරු, කොච්චි, නයිමිරිස්, ඇන්තූරියම් වගේ ඒවා වවන්න පුළුවන්. හිරුඑළිය මනා කළමනාකරණයත් මඟින් වගාවට බලපාන රෝග පළිබෝධ හානි අවම කරගන්න පුළුවන්. ගෙවත්තේ දිරන කිසිම දෙයක් පුච්චන්න හොඳ නැහැ.
අපට පුළුවන් දිරන්න තියලා කොම්පෝස්ට්, කොළ පොහොර වගේ දෙයක් මේකෙන් හදාගන්න. ගෙදරට ගේන ප්ලාස්ටික් බෝතල්වලට වතුර පුරෝලා ඉඳිකටුවකින් හිල් කරලා වතුර බිංදුව බිංදුව වැටෙන්න සලස්සවන්න. පෝච්චියේ තිබ්බහම ගහකට ජලය සපයන ප්‍රශ්නයත් විසඳගන්න පුළුවන්. ඒ වගේම වගා කුලුනු, භෝග වැට වගේ දේවල්වලින් සිරස් ඉඩකඩ පරිහරණය කරන්න පුළුවන්. හොඳින් දහවල හිරුඑළිය වැටෙන තැන්වල තමයි අපිට අර බහු වාර්ෂික භෝගයක් පලතුරු ගහක් වවාගන්න ක්‍රමවේදය කළ හැකි වන්නේ.
අපි දන්නවා වෙෙළඳපොළේ ලීටර් 300ක් ලොකු නිල් පාට බැරලය. සාමාන්‍යයෙන් මිලට ගන්නවනම් රුපියල් 1300ක් 1400ක් විතර වෙනවා. මෙම බැරල් එක දෙකට මැද්දෙන් කැපුවොත් අපට ගස් දෙකක් හිටව ගන්න පුළුවන්. බැරලය දෙකට මැද්දෙන් කපල ඩ්‍රිල් එකක් ආධාරයෙන් සිදුරු හයක් විතර විද ගන්නවා.
ඉන් පස්සේ අපි පැළය සිටුවන්න හිතෙන ස්ථානයටම ගොස් ගල් තුනක් හතරක් හෝ නැත්නම් ගඩොල් කැට තුනක් හතරක් උඩ මේ බැරලය තබා කුඩා සිදුරු නොවැසෙන පරිදි උළුකැට හෝ පැතලි ගල් පතුරු වගේ දෙයක් තබන්න. ඒ මතට අඟලේ ගල් කැට එනම් මැටල් වගේ දෙයක් බැරලේ අඟලක් විතර උසට පුරවා ගන්නවා.
ඒ මතට ලොකු වැලිකැට අඟල් භාගයක් විතර පිරෙන මට්ටමට පුරවන්න. මෙලෙස කරන්නේ හොඳ ජලවහනයක් පවත්වාගෙන යාමටයි. පසුව අපි පැළයක් හැදෙන්න ඕෙන කරන මාධ්‍යය හදාගන්න ඕෙන. සාමාන්‍යයෙන් මතුපිට පස් කොටස්(02) දෙකක් කොම්පෝස්ට් හෝ කාබනික පොහොර හෝ වියළි ගොම කොටස්(01) එකක් තිබෙනවා නම් කොහු බත් කොටස්(01) එකක් වැලි කොටස්(01) එකක් එකට මිශ්‍ර කර ගන්න. බැරලයේ ලොකු වැලි තට්ටුව මතට බැරලය භාගයකට ආසන්නව පමණ පිරෙනතුරු පස් මිශ්‍රණය පිරවිය යුතුයි. ඒ මත හිටවන පැළය තැන්පත් කරන්න. සිටුවීමට තෝරගන්නේ මේ සඳහා බහුවාර්ෂික භෝගයක්. එය සමහර විට කොස් ගහක් සියඹලා ගහක් අඹ ගහක් බෙලි, දිවුල්, ජම්බු වගේ ඕනේ බහු වාර්ෂික භෝගයක් මේ සඳහා යොදා ගන්න පුළුවන්. අපි මේකෙදි තෝරගන්න ඕනෙ බොහෝ දුරට වැඩුණු ගහක ගෙඩි හැදෙන ගහකින් ලේයර් කර හදා ගත්ත අතු පැළයක්. මේ අත්ත සමහර විට ලොකු අත්තක් වුණොත් හුඟක් හොඳයි. පැන්සලක තරම් අත්තක ඉඳලා ලොකු අත්තක් දක්වා අත්තක් තෝරගන්න පුළුවන්. මෙසේ ලේයර් කර තෝරා ගත් පැළයක් බඳුනක හිටවා, පසුව ඒ බඳුනින් අරගෙන මේ බැරල් එකේ හිටවන්න පුළුවන්. එයින් පසුව තෝරාගත් පරිසරයට මුදාහරින්න. එය ඔබේ අවශ්‍යතාව අනුව පමණක් සිදුකළ යුතුය.
විෂ රසායන අවම කරන්න
එහෙම නැත්නම් අග්‍රස්ථ අංකුරයක් බද්ධ කරපු පැළයක් ලෙස සිටුවා ගන්න. අපි දන්නවා අග්‍රස්ථ අංකුරයක් කියන්නේ ගෙඩි හැදෙන ගහක අත්තක් කියලා. මේවා විශ්වාසවන්ත පැළ තවානකින් අධිශ්‍රේණි පැළයක් ලෙසත් ලබාගන්න පුළුවන්. අධිශ්‍රේණි පැළයක් ලබාගැනීම තුළින් ඉක්මනින් අපට ඵලදාව ගන්න පුළුවන්. මෙසේ ලබාගන්න පැළය සිටුවන වළෙහි භාගයකට ආසන්න පස් එකතු කරන්න. ඒ වටා පොල්ලෙලි උඩ අතට සිටින සේ සකස්කර වටේටම දැව අඟුරු, කරදහයියා එකතු කරන්න. ඒ මතට සාදාගත් පස් මාධ්‍ය නැවත දමා පැළයේ පස් පවතින මට්ටමට වතුර දාන්න. පසුව සති දෙකෙන් දෙකට (දවස් දාහතරකට වරක්) මේ පැළයට කාබනික පොහොර ග්‍රෑම් 250ක් විතර යොදන්න. මීට අමතරව වෙළෙඳපොළේ පවතින පරිසර හිතකාමී නව පරම්පරාවේ පොහොර (4th -5th Generation frtilizer ) එකක් මඟින් පත්‍ර මතට ශාක පෝෂක ලබා දෙන්නත් පුළුවන්. ඒත් එක්කම විවිධ කෘමි හානි එන නිසා අපිට පුළුවන්. කාබනික කෘමි විකර්ෂක යොදන්නත් පුළුවන්. අපි ගෙදරක හදන දේට විෂ රසායනික භාවිතය අවම කරගන්න ඕනෙ. හේතුව එය ශරිර සෞඛයට අහිතකර බැවින්.
ගස වැඩෙද්දි බලන්න ඕෙන ගසේ මුල් අවට පොළොවෙන් ඈතට සම්බන්ධ වෙනවද කියලා. එය අවට පොළොවට සම්බන්ධ වීම වළක්වන්න නම් එම මුල් කපා ඉවත් කරන්න. ගසට වසර එකහමාරක් දෙකක් යද්දී මුල් කප්පාදුවක් කරන්න අමතක කරන්න හොඳ නැහැ. එය එක පැත්තක මුල් ඉවත්කර සිදු කරන්න. පස් මාධ්‍ය ගල්කැට තට්ටුව දක්වාම ඉවත්කර අලුතින් පස් මාධ්‍ය එක්කරන්න. මෙය එකවර නොවේ මාරුවෙන් මාරුවට වසර 2ක 3කට වරක් කළ යුතුයි. එහෙත් වඩාත් සුදුසුම බඳුන් විදිහට, මේ බැරල් කොන්ක්‍රීට් පෝච්චි, පොලිසැක් මළු, බාල්දි, බේසම් වගේ ඒවත් භාවිතයට ගැනීම.
හැබැයි ගසක් සඳහා ලීටර් 200ක පරිමාවකවත් භාජනයක් යොදා ගැනීම යෝග්‍යයි. අපට ලීටර් 300ක බඳුන් නම් සාමාන්‍යයෙන් වර්ග අඩි 10ක ගස් 6ක් පමණ නඩත්තු කළ හැකියි. මේ ගසක ගෙඩි හැදෙන්නේ අපේ පරිභෝජනයට නොවෙයි ගසේ පරම්පරාව පවත්වාගෙන යන්නෙ. ඒ නිසා අපි ගසට ලබාදෙන පොහොර ජලය සහ අනෙකුත් සාධක වැඩි වෙනවානම් ගස එයාගේ තරුණ බව රැකගෙන හැදි වැඩී යනවා. ගෙඩි හදන්නෙ නැහැ.
ගසේ වර්ධන වේගය අඩු වෙලා, ජලය අඩුවෙලා, පෝර අඩුවෙලා යනවා වගේනම් ගහ මැරෙයි කියන බයට එයාගේ වර්ගයා පරම්පරාව පවත්වා ගෙන යන්න ඕෙන නිසා ඉක්මනින් ගෙඩි හදනවා. මේක අවබෝධ කරගෙන අපි පෝච්චි බඳුන්ගත වගාව කරගෙන යන්න ඕනෙ. අපට හැමදාම පලතුරු. අවාරෙත් පලතුරු ගන්න පුළුවන්කම තියෙනවා.
උපදෙස්
ටී.එම්.එස්. තෙන්නකෝන්
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජාතික පොහොර ලේකම් කාර්යාලය
කෑගල්ල