මේ මට ඇහුණු කතාවක්. “අපේ එහා ගෙදර අක්කා එයාගේ ගෙදර අවුරුදු දෙකක බදු ගිවිසුමකට යටත් වෙලා මනුස්සයෙකුට කුලියට දුන්නා. ඒ මිනිස්සු ඒ ගෙදර ගොඩක් විනාශ කරලා. මේ දෙගොල්ලො අතර පොඩි ප්‍රශ්නයක් ඇතිවෙලා, කුලියට ආපු මිනිස්සු ගෙදරින් යන්න හදනවා.”
මේ එදිනෙදා සමාජයේ ඇහෙන කතාබහට ලක්වෙන කාරණාවක්. සැබවින්ම ගෙයක් කුලියට දීමේදී සහ කුලියට ගැනීමේදී ඔබ නොදන්නා කරුණු බොහෝමයක් පවතියි. අපි ඒ පිළිබඳව සාකච්ඡා කළේ නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය නීතීඥ හිරාන් සෙනෙවිරත්න මහතා සමඟයි.
නීතිඥතුමනි, අවුරුදු දෙකක බදු ගිවිසුම ඇතිව තිබියදී කුලියට ගත් මිනිසුන් අවුරුදු දෙකට පෙර එම නිෙවසින් නොකියා පිටත්ව යාමට සූදානම් වනවිට, නිවෙසේ අයිතිකරුට මුදල් ලබාගත හැකි වනුයේ කෙසේද?
නිෙවස කුලියට දීමේදී අයිතිකරු විසින් ප්‍රධාන මුදලක් (key money) ලබා ගන්නවා. බදු ගිවිසුම යටතේ මෙකී කුලීකරුවන් නිෙවසෙන් ඉවත් වී යනවා නම් මාස තුනක් හෝ ඇතුළත දැනුම් දෙන්න කියලා තමයි කියන්නේ. නමුත් එසේ නොවන අවස්ථාවකදී ලබාගත් අත්තිකාරම් මුදලෙන් විදුලි බිල්, වතුර බිල්, හානිපූර්ණය සඳහා මුදල් ලබාගෙන ඉතිරි මුදල එම මිනිසුන්ට ලබා දෙන්න පුළුවන්.
මේ හා සම්බන්ධ පනතක් තිබේද?
1972 තමයි ගෙවල් කුලී පනත ආවෙ. නමුත් 1980 පටන් බදු ඔප්පුව මත කටයුතු කරන්න පුළුවන්.
ගිවිසුම අනිවාර්යයෙන්ම ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ ලියාපදිංචි කරන්න. එහෙම වුණාම නිවෙස් හිමියාට අදාළ නෛතික බලය ලැබෙනවා.
බදු ගිවිසුම් කාලයට පෙර කුලීකරුන් නිෙවසින් ඉවත්ව ගියවිට, වෙනත් පිරිසකට මෙම නිෙවස කුලියට ලබාදිය හැකි ද?
ඔව්. ලබා දෙන්න පුළුවන්. නීත්‍යානුකූලව අයිතිය තිබෙන්නේ නිවෙස් හිමියාට නිසා එය ලබා දෙන්න පුළුවන්.
ගිවිසුම ප්‍රකාරව අදාළ කාලයට කුලියට පැමිණි මිනිසුන්ට නිෙවසින් ඉවත්වන බව පැවසුවහොත් සිදුවන්නේ කුමක්ද?
එසේ සිදුවන අවස්ථාවකදී ප්‍රධාන මුදල හෙවත් key money පූර්ණ වශයෙන්ම එම කුලියට පැමිණි මිනිසුන්ට ලබාගන්න පුළුවන්.
නිවෙස් හිමියාගේ අවශ්‍යතාවකට එම නිෙවස වුවමනා නම් එය නැවත ලබා ගන්නේ කෙසේද?
එවැනි අවස්ථාවකදී බදු ගිවිසුම ප්‍රකාරව මාස දෙකක් හෝ තුනක් ඇතුළත කුලීකරුවන් වෙනත් නිෙවසක් සොයාගැනීමට පැවසිය යුතුයි.
කුලීකරුවන් නිසි කලට මාසික කුලී ගාස්තුව නොගෙවන්නේ නම් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
මුලින්ම ගෙවන්න කියා බල කරන්න පුළුවන්. දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය අවබෝධයකින් යුතුව මේ කාරණාව විසඳගන්න පුළුවන්.
ඇතැම් කුලීකරුවන් විසින් අදාළ නිෙවසක් කිසිදු තැකීමකින් තොරව විනාශයට පත්කරන අවස්ථා බහුලව දක්නට තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළොත්?
නිෙවස හිමියා සතුව ප්‍රධාන මුදලක් තිබෙන නිසා එයින් හානිපූර්ණ මුදල ලබාගන්න පුළුවන්. නැත්නම් අදාළ කුලීකරුවන් විසින් පැවති තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍යයි.
කුලීකරුවන් බලහත්කාරයෙන් නිෙවස තුළ සිටිනවා නම්?
කතාබහ කර විසඳා ගැනීමටම නොහැකි තත්ත්වයක් නම්, එහිදී නිවෙස් හිමියාට නඩු කියන්න පුළුවන්. නව පනත අනුව උසාවියේ ලඝු පටිපාටියට යටත්ව කටයුතු කරන්න පුළුවන්.
ශ්‍රී ලංකාවේ පැනවූ “2023 අංක 1 දරන” පනත වන්නේ බද්දට දී ඇති පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යි.
මෙම පනත මඟින් ඉඩම් හිමියන්ට (බදු දෙන්නන්ට) බදු දී ඇති දේපලවල සන්තකය නැවත ලබා ගැනීම සඳහා සරල හා ලඝු ක්‍රියා පටිපාටියක් සපයනු ලබයි.
යම් බදු ගෙවන්නකු (බදු ගැනුම්කරුවකු) බදු කාලය අවසන් වූ විට පරිශ්‍රය නිදහස් කිරීමට අපොහොසත් වුවහොත්, ගිවිසුම කඩ කළහොත්, හෝ කුලී හෝ වෙනත් ගාස්තු ගෙවීමට අපොහොසත් වුවහොත්, බදු දෙන්නාට උසාවි ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙම පනතින් ඉඩ ලබා දෙනවා.
මෙම පනතේ අරමුණ වන්නේ දේපල ආපසු ලබා ගැනීම සඳහා වන නීතිමය ක්‍රියාවලිය කඩිනම් කිරීම. එමඟින් හිස් සන්තකය, නොගෙවූ කුලී මුදල්, සහ වෙනත් අලාභ හානි ද අයකර ගැනීමට ඉඩ සලසනවා.
නීතිඥතුමනි, නිෙවසක් කුලියට දීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
බදු ගිවිසුමකට අනුව නිවෙස කුලියට ලබා දෙනවා නම්, එම කුලීකරුවාට එම නිවෙස නැවතත් බද්දට දීමට නොහැකියි. නීති විරෝධී වැඩකටයුතුවල නිරතවීමට කිසිදු අවසරයක් නැහැ. නිෙවසේ වටිනාකම අනුව කුඩා ප්‍රමාණයේ හානියක් නිෙවසට සිදු කර තිබෙනවා නම් එය කුලීකරු විසින් දරාගත යුතු අතර, ඊට වඩා විශාල හානියක් නම් එය ගෙහිමියා විසින් සකස් කර දිය යුතුයි. උදාහරණයක් විදිහට සිවිලිමක් කඩා වැටීම ආදිය. අදාළ දිනයට කුලී ගාස්තු ලබා ගැනීමට වගබලා ගන්න.
ඒ වගේම නිෙවසක් කුලියට ලබා ගැනීමේදී, කුලීකරුවන් විසින් සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
එම නිෙවස තිබෙන වටපිටාව, අසල්වැසියන්, තමන්ගේ කටයුතුවලට බාධාවන් සිදුවනවා ද යන වග, කුලී හිමියාගේ වටපිටාව ආදිය ගැන සැලකිලිමත් වෙන්න ඕන. බදු ගිවිසුමකට යටත්ව කටයුතු සිදු කරනවා නම් අදාළ දෙපාර්ශ්වයම බදු ගිවිසුම ඉතාමත් හොඳින් පරිශීලනය කර තිබීම අනිවාර්යයි.
උපදෙස්: නීති විද්‍යාලයේ බාහිර කථිකාචාර්ය
හිරාන් සෙනෙවිරත්න
LL.B (Sri Lanka) LL.M (UK)
