Monday, October 13, 2025
Epaper
Home ජ්‍යෙතිෂයඔක්.0 6 සිට ඔක්.13 දක්වා

ඔක්.0 6 සිට ඔක්.13 දක්වා

by Thanushika

මේෂ

අනුකම්පා සහගත ගති ඇති කරයි. පිටස්තර අයගේ උපකාර ද හිමිවන සතියකි. විදෙස් ගමන් බිමන් සාර්ථක වේ. රැකියාවේ තම වගකීම් ඉහළ යන යෝග ඇත. සතුරු කරදර ද මතු වේ. ගෙදර දොර ඉතා ඉවසීමෙන් යා යුතු වේ.

වාෂභ

තමන් ගන්නා ස්ථිර තීරණවලින් පාඩු, හානි මතු කරයි. රැකියාවේ අන් අයගෙන් ප්‍රසාද ලබන අතර තම විවාහක අන් පාර්ශ්වයට අගුණ කරයි. කාලයක් බලාපොරොත්තු වූ යමක් සාර්ථක වන යෝග ඇත. මිල මුදල් ලැබීම් ඇති කරයි. ව්‍යාපාර දියුණු වේ. ගෙදර දොර ප්‍රශ්න මතු වේ.

මිථුන

ඉවසීම නැති වී යන සතියකි. කුටුම්භය තුළ ඉන් ප්‍රශ්න මතු වේ. පින් දහම් කටයුතුවලින් සිත් සතුටු වේ. මංගල සාර්ථක වනු ඇත. විදේශ ගමන සාර්ථක වේ. ඉගෙනීමේ කටයුතුවන නිරත අයට ඉහළ ලැබීම් දියුණුව ඇති කරයි.

කටක

වෛර සහගත ගති ඉස්මතු වී නිතර ප්‍රචණ්ඩකාරී ස්වභාවයක් ගනී. විවාහයේ ප්‍රශ්න මතු කරයි. ව්‍යාපාර පාර්ශ්වයන්ගේ සබඳතා නිසා සතුරු කරදර ඇති වේ. ඉගෙනීමට සුබය. රැකියාවේ ස්ථාන මාරු මතු කරයි. පිනට දහමට යොමුවන සතියකි.

සිංහ

පෙර තිබූ පවුලේ ආරවුල් තත්ත්ව කෙමෙන් කෙමෙන් මැකී යයි. දුරදිග බලා වැඩ කරනා සතියකි. ලැබීමට තිබූ මුදලක් ලබන යෝග ඇත. සෙම් රෝග හා සිත් අමාරු ඇති වේ. වතුර අගුණය. ඉගෙනීමට සහ රැකියා අංශවල දියුණුව මතුවේ.

කන්‍යා

රාජ්‍ය අංශයේ සහයෙන් දියුණුවක් ඇති කරයි. විනෝදකාමී ගති සහ සිතුවිලි මතු වේ. භූමිලාභ හිමි කරයි. තරමක් ලේ ආශ්‍රිත රෝග හා ශාරීරික අප්‍රාණිකතා මතු වේ. විදෙස් ගමන් සාර්ථක වේ. ස්ථාන මාරු හා පදිංචි මාරුවීම්වලට යෝග සෑදේ.

තුලා

තරමක් නොඉවසුම්කාර ගති නිතර මතු වේ. නමුත් පිනට දහමට ද ළැදි වී කටයුතු කරයි. ලැබීමට, දියුණුවට සුබයි. වාහන ලාභ, දේපොළ ලාභ හිමි වේ. ව්‍යාපාර දියුණුව ඇතිවේ. තරමක් නොසිතූ ලෙස ලෙඩ හානි මතු කරයි. ඉක්මන්කාර ගති නිසා කරදර මතු වේ. ඉගෙනීම් කටයුතුවලට සුබ වේ.

වෘශ්චික

අනුකම්පා සහගත ගති ඉස්මතු වේ. විවාහයේ ප්‍රශ්න මතු වෙයි. රැකියාවේ උසස් තත්ත්වයන් හිමිවේ. තමාගේ ශක්තිය අන් අය දකිනා අතර සුදුසු තැන හිමි කරයි. සෙම් රෝග පිත් අමාරු මතු වේ. වතුරින් අගුණය. හිතුවක්කාර ගති ද යටපත් නොවන ගති ද ඇති වේ.

ධනු

දරුවන්ගේ ප්‍රශ්න නිසා මානසික පීඩා ඇති කරයි. රැකියා දියුණුව ඇත. ආර්ථික ස්ථාවරත්වයන් හිමි වේ. පෙර ආරම්භ කරන ලද අලුත් වැඩවලට යහපත් ප්‍රතිඵල උදා කරයි. අධ්‍යාපනයට සුබය. විදෙස් ගතවීම් සාර්ථක වන කාලයකි.

මකර

නොඉවසුම් ගති නිසා නි‍ෙවසේ කරදර මතු කරයි. පිටස්තර අයගේ බලපෑම මත මානසික පීඩා ඇති වේ. මංගල ප්‍රශ්න මතුවේ. ප්‍රේම සබඳතා බිඳ වැටේ. කුඩා ව්‍යාපාරවල යහපත් තත්්ත්ව ලාභ හිමි වේ. අධ්‍යාපනයේ උපන් තත්ත්වයන් සහ ලැබීම් ඇති වේ.

කුම්භ

මූල්‍යමය අතින් තරමක් ශක්තිමත් සබඳතා ඇති කරයි. රැකියාවේ දියුණුව හා දුරදිග බලා කරන කටයුතු යහපත් වේ. අධ්‍යාපනය අලුත් දේ ඉගෙනීමට පෙලඹේ. දරුවන්ගේ ප්‍රශ්න යටපත් වන යෝග ඇත. පිනට දහමට බරවන සතියකි. විදේශ ගමන් සාර්ථක වේ.

මීන

ලැබීම් මෙන්ම අහිමිවීම් ද ඇති වේ. අවදානම්කාරී කටයුතුවලදී අනතුරු පීඩා ද ඇතිවීමට යෝග ඇත. අධ්‍යාපනයට සුබ වන අතර තරමක් බාධා ඇත. වචනයෙන් විවාහයේ සිත් රිදීම් ඇති වේ. වියදම අධිකය.

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?