සාහිත්‍ය මාසයේ අවසන් දින කිහිපයත්, කියවීමේ මාසයේ මුල් දින කිහිපයත් එකට එක්තැන් කරමින් පසුගිය දා BMICH පරිශ්‍රයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ආරම්භ විය. මේ ගෙවී යන්නේ එහි අවසන් දින කිහිපයයි. සාහිත්‍ය නැමැති වියළි කෙත්බිමට ඇද හැලෙන්නා වූ සිහිලැල් වැහි පොදක් බඳු මේ ප්‍රදර්ශනය පොතපතට පෙම්බඳින බොහෝ දෙනකුගේ සාහිත්‍ය පවස නිවා සනසාලයි.
ඉතාමත් ජනප්‍රිය ලේඛක ලේඛිකාවන්ගේ පොත් සේම මාධ්‍ය ක්ෂේත්‍රයේ නියැලි බොහෝදෙනකුගේ පොත් වැඩි ප්‍රමාණයක් ද ඒ සමානව නවක රචක රචිකාවියන්ගේ පොත් ද මේ භූමියේදී අපට දැක ගත හැකි විය.
ඇතැම් පොත් කුටි අතුරු සිදුරු නැතුව පිරී ඉතිරී ගොස් තිබූ අතර ඇතැම් පොත් මිලදී ගැනීම
වෙනුවෙන් දිගු පෝලිම් ද දකින්නට ලැබුණි. මේ එම ප්‍රදර්ශනයේ දී අප නෙත ගැටුණු පොත් කිහිපයකි.
අවසන් දින කීපය හෝ මේ පොත් ප්‍රදර්ශනයට එක්ව හොඳ පොතක් පතක් මිලදී ගැනීමට මෙය උපකාරයක් වේ යැයි සිතමි.

