Monday, October 13, 2025
Epaper
Home විශේෂාංගනාගොඩ ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහා විද්‍යාලයේ 150 වැනි සමරු උලෙළ ඔක්තෝ්බර් 10 වැනිදා

නාගොඩ ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහා විද්‍යාලයේ 150 වැනි සමරු උලෙළ ඔක්තෝ්බර් 10 වැනිදා

by Thanushika

අතිශය භාරදූර වගකීම් සමුදායක් කැටි වූ විදුහල්පති තනතුර වූ කලී හිසේ රැඳ වූ කටු ඔටුන්නකට සම කළ හැකියි. 19 වසරක් වූ වෘත්තීය ජීවිතයෙන් දෙවසරක ආසන්න කාලයක් ඒ කටු ඔටුන්න මල් ඔටුන්නක් කොට හොබවන්නට වාසනාවන්ත වූ ඇය මේජර් ප්‍රියංගිකා ශිරෝමි නම් වන්නීය. එවන් පසුබිමක් තැනුණේ අැගේ නොසිඳෙන ශක්තිමත් දූරදර්ශී ක්‍රියාකලාපයත් නිසාමය.

බස්නාහිර පළාතේ මීගමුව අධ්‍යාපන කලාපයේ ජා ඇල අධ්‍යාපන කොට්ඨාසයේ නාගොඩ ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහා විදුහලේ අභිමානවත් විදුහල්පති ධුරය හොබවන්නී ඇයයි.

මත්තුමගල රෝමානු කතෝලික විද්‍යාලයෙන් හා ශාන්ත ආනා බාලිකා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදැරූ ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියකි. ඉන් අනතුරුව ජාතික ශිෂ්‍යභට බලකායට එක්ව මේජර්වරියක ලෙස කටයුතු කළ ඇය 19 වසරක ගුරු වෘත්තීයට සමුදුන්නේ විදුහල්පති ශ්‍රේණි විභාගය සමත් වීමෙනි. ඒ අනුව විදුහල්පතිනියක ලෙස ලැබූ පළමු පත්වීම වූයේ මෙම නාගොඩ ශාන්ත ජෝන් ද බැප්ටිස්ට් මහා විද්‍යාලයටයි.

තම පාලන කාලය තුළ දී විදුහලේ 150 වැනි සංවත්සරය සැමරීමට අවස්ථාව ලැබීම ස්වකීය ජීවිතයේ ලද මහත් භාග්‍යයක් සේ එතුමිය සලකයි. පසුගිය දා පාසලේ පැවැත් වූ ජුබිලි වර්ෂය ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවට මීගමුව කලාප අධ්‍යක්ෂ කේ. එල්. ඒ. එස්. කඹුරුගමුව මහතා පැමිණ පාසල් සංවර්ධන කටයුතු සඳහා බෙහෙවින් උදවු උපකාර කළ බවත් එසේම පාසල යාබඳ පල්ලියේ ගරු ලින්ටන් ජෝෂප් පියතුමා විශේෂයෙන් සහයෝගය ලබා දෙන බවත් ඇය පැවසුවේ ස්තූති පූර්වකවය.

එළැඹෙන ඔක්තෝබර් 10 වැනිදා ජුබිලි වර්ෂ සමාප්තිය සටහන් කරමින් දිව්‍ය පූජා මෙහෙය පැවැත්වෙන බව ද, ඒ වෙනුවෙන් ඉකුත් 5 වැනිදා විශේෂ පා ගමනක් පැවැත් වූ බව ද සඳහන් කළේය. ජුබිලි දිව්‍ය පූජා මෙහෙය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ.

විදුහලේ 150 වැනි සංවත්සරය පෙරටු කරගනිමින් විදුහල්පතිනිය අප හා පැවසුවේ “වර්තමානයේ කොයිතරම් දක්ෂතා ඇති සිසුවියන් හිිටියත්, ඔවුන්ගේ අනාගතය සාර්ථක වනුයේ ඔවුන්ට නිසි අධ්‍යපනයක් ලබාදීමේ දී ඊට සුදුසු සමාජ පරිසරයක් ද නිර්මාණය කරගත් කළ ඒ සඳහා මවුපිය සහාය ඉතා අත්‍යවශ්‍ය බවත්ය.

පාසලේ ආදී ශිෂ්‍ය සංගමය නිරන්තරයෙන් පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් ඇප කැප වන බව අපට දැන ගන්නට ලැබුණි.

මේ පාසලේ ඉතිහාසය ගැන සිහිපත් කළොත් 1875 වසරේදී නාගොඩ දේවස්ථානය මුල්කොට ගෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 11 දෙනෙක්ගෙන් ආරම්භ වූවකි. අද වනවිට පාසලේ ආචාර්ය මණ්ඩලය 31කි. අනධ්‍යයන කාර්ය මණ්ඩලය හතරදෙනෙකි. පළමුවැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා දූ දරුවෝ 450කට ආසන්නය. ජාතික විභාග සඳහා ඉදිරිපත් වන ශිෂ්‍ය ප්‍රමාණයෙන් සැලකිය යුතු පිරිසක් විශිෂ්ට ප්‍රතිඵල වාර්තා කිරීමට සමත්ව සිටිති.

එසේම එම්. ජයසිංහ ආචාර්යවරයාගේ ගුරුහරුකම් ඇතිව 2025 කොට්ඨාශ දැල්පන්දු තරගාවලියේ 18න් පහළ පළමු ස්ථානයත්, 16න් පහළ කණ්ඩායම දෙවැනි ස්ථානයත් දිනා ගන්නට හැකි වීම මෙම පාසල ලැබූ විශාල ජයග්‍රහණයකි.

කොහොම නමුත් අපේ කාලයට වඩා දැන් කාලය වෙනස්. අපේ මවුුපියෝ කිවුවෙ ඉගෙන ගැනීමෙන්ම තමයි ජීවිතය ජයගන්න පුළුවන් කියලා. ඒත් දැන් දරුවො පාසලෙන් සමුගන්නෙ කුමන හෝ රැකියාවක නිරත වී මුදල් උපයනවා කියන අරමුණෙනි. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.

“දයාබර මවුපියනි, ගුරුවරුන්ට දරුවාගේ කුසලතා හඳුනාගෙන ඒ ඔස්සේ නිර්මාණශීලී දැන උගත් බුද්ධිමතකු බිහි කිරීමට උදවු කරන්න.”

 

ශාන් රඹුක්වැල්ල

අචිනි ලක්මාලි චන්ද්‍රසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?