Monday, October 13, 2025
Epaper
Home වෛද්‍යනරක් වූ දතට සිට වූ දතක්

නරක් වූ දතට සිට වූ දතක්

by Thanushika

බොහෝ අය මුඛ සෞඛ්‍යය ගැන සිතන විට ඔවුන් දීප්තිමත් සිනහවක් ගැන සිතති. නමුත් දත්ත සෞඛ්‍යය යනු පෙනුමට පමණක් සීමා වූ දෙයක් නොවේ. දුර්වල මුඛ සනීපාරක්ෂාව විදුරුමස් රෝග, දත් දිරායාම, හෘද රෝග සහ දියවැඩියාව වැනි බරපතළ සෞඛ්‍ය තත්ත්වයන්ට පවා හේතු විය හැකියි. ඇත්ත වශයෙන්ම මුඛය බොහෝ විට සමස්ත සෞඛ්‍යයටම දොරටුව ලෙස සැලකේ.

මුඛය තුළ ගොඩනඟන බැක්ටීරියා රුධිරයට ඇතුළු වී අනෙකුත් අවයවවලට බලපෑම් කළ හැකි අතර ආසාදන හා නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම වැඩි කරයි. දන්ත සත්කාර නොසලකා හැරීමෙන් දුර්ගන්ධය, සැපීමේ අපහසුතා සහ දත් නැතිවීම පවා විය හැකි අතර එය පෝෂණයට සහ ආත්ම විශ්වාසයට සෘජුවම බලපායි. ඒ බැවින් හොඳ මුඛ සනීපාරක්ෂාවක් පවත්වා ගැනීම, ශාරීරික හා චිත්තවේගී යහපැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වේ.

දන්ත සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ආහාර මොනවාද?

දත්වලට අහිතකර ලෙස බලපෑ හැකි ආහාර විදිහට සීනි සහිත ආහාර, පිටි සහිත ආහාර සහ බිස්කට් සහ රිෆයින් ෆුඩ්ස් (Refined Foods) හඳුන්වන්න පුළුවන්. රිෆයින් ෆුඩ්ස් කියලා කියන්නේ ෆයිබර් ඩයට් එකක් නැතුව ක්ෂණිකව එකපාරට කටේ දියවෙලා යන ආහාරවලට. බැක්ටීරියා සමඟ ක්‍රියා කරන පළවැනිම සාධකය නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය වන උපස්තරය තමයි සීනි, සුක්‍රෝස්. එතකොට සීනි සහිත

පිටි සහිත ආහාර තමයි ගොඩක් වෙලාවට දත්වලට අහිතකර වෙන්නේ. බිස්කට් වගේ දේවල්, පිටි සහිත ආහාර, පාන්, බනිස් වැනි බේකරි නිෂ්පාදන ඒ වගේම තේ කිරි වැනි පානය කළ පසු කටේ හැම තැනටම ගලාගෙන යන සීනි සහිත පාන වර්ගත් අහිතකර ලෙස දත්වලට බලපාන්න පුළුවන්.

දන්ත බද්ධ කිරීමක් (Dental Implants) කියලා හඳුන්වන්නේ මොකක්ද?

බද්ධ කිරීමක් කියලා කියන්නේ දතක් නැතුව ගියහම දතක් Replace කරන එක. දතක් බද්ධ කිරීමක් ,විද්‍යාත්මකව කරන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි, මුලින්ම ආදි කාලයේ කළේ. දත් ඇන්දක් දාන එක. තල්ලක් තියෙනවා. රෑට ඒක ගලවන්න ඕ‍ෙන. කතා කරන්න අපහසුයි. ඒ වගේ අපහසුකම් නිසා පස්සෙ කාලෙක අපි පටන් ගත්තා දෙපැත්තෙ දත් දෙක ශක්තිමත් නම් ඒවා සකස් කරලා ඒවට කොපු මඟින් දන්ත පාලමක් (Dental Bridge) දමන ක්‍රමය. එමඟින් ස්ථීරවම දතක් හෝ දෙකක් හෝ කිහිපයක් දාන්න පුළුවන්. හැබැයි දෙපැත්තෙ දත් තියෙන්න ඕ‍ෙන ඒක කරන්න. ඒ ක්‍රමයෙන් දෙපැත්තෙ දත් දෙක යම් තරමක් හානි කරනවා. ටික කාලයක් ගත වුණාහම ඒ දත් සුද්ද කරගන්නත් අපහසුයි. ඒ වගේ ඒ දේවල් වුණාහම අවුරුදු දහයක් පහළොවක් ගියහම එය දත් යටින් දිරන්න පුළුවන්. දෙපැත්තේ දත් දෙක සවුත්තු වුණොත් හැමදේම අසාර්ථකයි. අදටත් ඒ ක්‍රමය භාවිත කරනවා. ඒ ක්‍රමය භාවිත කරන රෝගීන්ට අපි විශේෂයෙන් කියනවා මේ විදිහට දත් මදින්න, වෛද්‍යවරයෙක් හමුවෙලා මාස හයෙන් හයට දත් සුද්ද කරගන්න කියලා. ඒ වගේ දේවල් කරනවා නම් මේ විදිහේ ක්‍රමවලට යන අයට කිසිම ගැටලුවකින් තොරව දත්වල සෞඛ්‍ය පවත්වාගන්න පුළුවන්.

ඊට පස්සෙ හොයාගත්ත දෙයක් තමයි මේ Dental Implants නැත්නම් දත් බද්ධ කිරීම කියලා හඳුන්වන්නේ. නමුත් මෙය හැමෝටම කරන්න බැහැ. අස්ථිය හොඳට තියෙන, නීරෝගි නම්, හනුවට අපි Titanium screw (ටයිටේනියම් ලෝහයෙන් සැකසූ ස්කුරුප්පු ඇණයක හැඩැති කොටසක්) එකක් බද්ධ කරනවා. හදිසියේම අපිට දතක් දාන්න පුළුවන්. නමුත් ඊට වඩා හොඳම දේ තමයි screw එක මාස තුනක් හෝ හතරක් තියලා අස්ථි සෛල හැදෙනකම් ඉඳලා ඊට පස්සේ දත සවිකරන එක. සාමාන්‍යයෙන් හිරි වැටීමක් කරලා පොඩි වෙලාවක් ඇතුළත රිදෙන්නේ් නැතිව කරගන්න පුළුවන් දෙයක්, බය වෙන්න කාරණාවක් නෙවෙයි.

ඒ වගේම සැලකිය යුතුයි සිගරට් වැඩිපුර පානය කරන කෙනෙක් හෝ පාලනය කළ නොහැකි දියවැඩියාව තියෙන කෙනෙක් නම්, එය සිදු කිරීමට අපහසුයි. අස්ථිය දිය වෙලා නම් දාන්න බැහැ. ඒවට අස්ථි බද්ධ කිරීමේ ක්‍රමත් අද ලෝකෙ තියෙනවා. නමුත් මූලික වශයෙන් නීරෝගි කෙනකුට හෝ අධික ලෙස සිගරට් පානය නොකරන, පාලනය කළ නොහැකි දියවැඩියාව නොමැති කෙනකුට කිසිදු ගැටලුවකින් තොරව බද්ධ කිරීම් සිදුකිරීමට පුළුවන්.

දත් බද්ධ කිරීමට සිදුවන අවස්ථාවන් මොනවා ද?

විශේෂයෙන්ම අනතුරක් සිදු වූ අවස්ථාවක, දතක් නැතුව ගිය අවස්ථාවකදී හෝ ගලවා අයින් කරන්නට සිදුවූ අවස්ථාවල අපි දත් බද්ධ කිරීමක් සිද්ධ කරනවා. අමතරව ස්වාභාවිකව දතක් දිරලා ගිය අවස්ථාවලදිත් බද්ධ කිරීම් සිදු කරන්නට සිද්ධ වෙනවා.

දත් බද්ධ කිරීමකදී අපිට අතුරු ආබාධ ඇතිවිය හැකිද ?

අතුරු ආබාධ අතිශය අඩුයි. ඒකට හේතුවක් දත් බද්ධ කිරීමක් සීයට අනූහතක්, අටක් සාර්ථකයි. ගොඩක් වෙලාවට අස්ථිය තියෙනවානම්, ක්‍රියාවලිය සුදුසුකම් සහිත වෛද්‍යවරයෙක් අතින් සිදු වෙනවානම් සාර්ථකත්වය වැඩියි. අතුරු ආබාධයක් වුණොත් උපරිමයෙන් දතෙහි සෙලවීමක් සිදුවෙයි. ඒ හැර අතුරු ආබාධ වීම ඉතාම අවමයි. පසුව විෂබීජ ගිහිල්ලා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නමුත් එක එක රට වල බද්ධ කිරීම් වර්ග තියෙනවා. බද්ධ කිරීමකදී වුණත් ගුණාත්මක බවින් අඩු බද්ධ කිරීමක් සිදුකළහොත් අසාර්ථක වීමේ ප්‍රවණතාව වැඩියි. නමුත් ගුණාත්මක බවින් වැඩි උසස් නිෂ්පාදන භාවිත කිරීමෙන් සාර්ථකව දත් බද්ධ කිරීම සිදුකරන්න පුළුවන් කිසිදු අතුරු ආබාධයකින් තොරව.

දත් බද්ධ කිරීමකින් පස්සේ ආහාර ගන්නෙ කොහොමද ?

මෙහෙමයි ඉම්ප්ලාන්ට් එක මුලින් දානවනේ දාපුවාම අස්ථිය ඇතුළේ තියෙන්නේ ටයිටේනියම් ලෝහයෙන්ම සෑදූ Screw එකක්. (ස්කුරුප්පු ඇණයක හැඩැති කොටසක්)එතකොට ඒක එළියට පේන්නේ නැහැ. හරි විදිහට කරනවානම් මාස තුනක් හතරක් ගිහිල්ලා අස්ථියට සම්බන්ධ වෙලා අස්ථි සෛල හැදිලා ශක්තිමත් වුණාම තමයි Screw කරන්නේ. හොඳට වටේ Margins පිරිසුදු කරන්න ඕනෙ. විදුරුමස අවට හොඳින් පිරිසුදු කරගන්න ඕනෙ. දෙවැනි දවසෙ වගේ ඉඳන් කන්න බොන්න පුළුවන්. ගැටලුවක් නැහැ.

ස්නායු පිරවුමක් (Nerve Filling) කියන්නේ මොකක්ද ඩොක්ටර්?

ඉස්සර නම් දත් කැක්කුමක් ආපුහාම අපි දන්ත වෛද්‍යවරයා වෙත ගිහින් ඒ දත ගලවා ගන්නවා. දැන් එහෙම ගලවන්නෙ නැතුව පහසුකම් තියෙනවා නම් දත බේරගන්න පුළුවන්. දතේ කොටස් දෙකක් තියෙනවා. විදුරුමසෙහි තිබෙන කොටස දන්තමූලය, උඩ කොටසට අපි කියන්නෙ දන්ත ශීර්ෂය (Crown) කියලා. Crown එක යම් ප්‍රමාණයක් හොඳට තියෙනවානම්, ඒත් කැක්කුමක් එනවා නම් එන්නේ ස්නායුවට. කල්ක කුහරය දක්වා වැඩිපුර දිරපු එකක්. නමුත් තියාගන්න පුළුවන් මට්ටමට දතේ යම් කොටසක් තියෙනවානම්, ඒවා ස්නායු ටික ඉවත් කරලා, කැක්කුමක් නොඑන විදිහට දත්වල මූලයේ කෙළවර දක්වාම තියෙන රුධිර නාල සහ මැරිච්ච ස්නායු සහිත කොටස් ඉවත් කර මුල දක්වාම විෂබීජ තොර කර විශේෂ පිරවුම් වර්ගයකින් මුල පිරවීමක් තමයි ස්නායු පිරවුමක් කියලා කියන්නේ.

ස්නායු පිරවුමක් මඟින් මොළයට බලපෑමක් ඇති කරනවද ?

කිසිසේත්ම නැහැ. දතේ ශක්තිමත් භාවය රැක ගැනීමට නම් දන්ත කොපුවක් සකස්කර ගත හැකියි. දත වියළිලා වගේ තියෙන්නේ. ඇතුළේ ජීවය නෑ, වටේ තියෙන ස්ථර මඟින් එයට ස්නායු සැපයුමක් තියෙනවා පිටට. නමුත් දත ඇතුළට ස්නායු සම්බන්ධයක් නැහැ. ගලවනවට වඩා ස්නායු පිරවුමක් කිරීම වටිනවා. මොකද දත් අතර පවතින සමබරතාව ආරක්ෂා කර ගැනීමට දායක වන නිසා.

ලෝකයත් සමඟ සසඳන විට ලංකාවේ දන්ත වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය පිළිබඳ කිව හැක්කේ කුමක් ද ?

අද මුළු ලෝකයම එක තැනකට ගොනු වෙලා තියෙන්නේ. යම්කිසි රටක මොනවා හරි දියුණු උපකරණයක් හැදුවොත් ඒ ගැන, දියුණු තාක්ෂණයත් එක්ක ලෝකෙම වගේ දැනගන්නවා. ඒක නිසා ඉස්සර වගේ ලොකු කාලයක් යන්නේ නැහැ, ලංකාව වගේ රටකට වුණත් ඒ තාක්ෂණ එන්න. වෛද්‍යවරු ගොඩක් අය පාඨමාලා නැත්නම් workshops වගේ දේවල් සංවිධානය කරනවා. දන්ත වෛද්‍ය සංගම් රැසක් තියෙනවා. ගොඩක් සංගම්වලින් ගොඩක් වෙලාවට දන්ත වෛද්‍යවරු, ඔවුන්ගේ දැනුම In service training කරන්න යොදා ගන්නවා. ගොඩක් අය වැඩමුළු මුදල් ගෙවා මෙන්ම නොමිලේ පවා කරනවා. දියුණු රටවල්වලට යන අපේ වෛද්‍යවරුන් ඒ ලබාගන්නා දැනුම ලංකාවට අරගෙන එනවා සහ ඒවා ක්‍රියාත්මක කරනවා. ගොඩක් වෙලාවට Digital Dentistry (Digital දන්ත වෛද්‍ය විද්‍යාව)වෙත යොමුවෙලා තියෙනවා. උදාහරණයක් වශයෙන් දත් බද්ධ කිරීමකදී යොදා ගන්නා මෙවලම් අච්චුවක් භාවිත කරන්නෙත් නැතුව ස්කෑන් කිරීමකින් සිද්ධ කරලා Email ඔස්සේ විද්‍යාගාර වෙත යවලා අච්චුවකින් තොරව ඒ මෙවලම් නිවැරදිවම සකසා ගැනීමේ පහසුකම් දැන් ලංකාවේ තිබෙනවා.

උපදෙස්

දන්ත ශල්‍ය වෛද්‍ය

අමල් රණසිංහ

ආකාශා අමරසේකර

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?