Sunday, December 7, 2025
Epaper
Home Recipeගුණදායි බුත්සරණ විවිධ ආකාරයට

ගුණදායි බුත්සරණ විවිධ ආකාරයට

by Thanushika

සීනි අල, සීනි කෙසෙල් වැනි විවිධ නම්වලින් හඳුන්වන බුත්සරණ, වර්තමානයේ බොහෝදෙනා අතර එතරම් ජනප්‍රිය නොවුණත් ගම්වල පඳුරු පිටින් බෝවන ගුණදායී අල වර්ගයක් ලෙස බුත්සරණ හඳුන්වා දිය හැකිය. අලයක් ලෙස පමණක් මෙය ආහාරයට ගත්තද මෙහි ඇති ඖෂධීය ගුණය බොහෝය. බුත්සරණ ශාකයේ අල මෙන්ම එහි කොළ, මල් සහ ගෙඩි ද ඖෂධ ලෙස භාවිත කරයි.

බුත්සරණ ශාක වර්ග දෙකකි. එනම් රතු බුත්සරණ හා සුදු බුත්සරණ වේ. බුත්සරණහි ඖෂධීය හා පෝෂණීය ගුණය පිළිබඳ සඳහන් කිරීමේදී සෙංගමාලය, කහ උණ සුව කරවීම, කිරි මැලියම්, ළදරු සෙම් රෝග නිවාරණය කරවීම මෙන්ම කුණකටු විෂ හා කරවල් විෂ නසනු ලබයි.

බුත්සරණ කැඳ

බුත්සරණ පිටි
පොල්කිරි
සුදුලූනු
ගම්මිරිස්
අමු ඉඟුරු
ලුණු

බුත්සරණ පිටි මේස හැඳි 02ක් මැටි භාජනයකට දමා එයට පොල් කිරි එකතු කරන්න. එයට තළා ගත් ගම්මිරිස්, සුදුලූනු හා අමු ඉඟුරු සමඟ අවශ්‍ය පරිදි ලුණු ටිකක් මුසු කරන්න. පසුව මෙම මිශ්‍රණය ළිප තබා පොල් කිරි උතුරන විට බිම තබා නිවෙන්නට හැර බීමට ගන්න. සෙංගමාලය වැලඳුණු රෝගියකු නම් සතියකට 3-4 වරක් බුත්සරණ කැඳ පානය කිරීම යෝග්‍යයි. (මෙය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරේ දිය යුතු අතිරේක පෝෂ්‍යදායී ආහාරයක් වශයෙන් සැලකිය යුතුයි.)

 බුත්සරණ මල් ආලේපය

බුත්සරණ මල්
වරකා පොතු
ගුරුල්ල පොතු
ඊරිය කිරි
තැඹිලි පොල්
කළුදුරු
සූදුරු
සීනක්කාරම්
පුෂ්කර
තලතෙල්
ගිතෙල්

බුත්සරණ මල්, වරකා පොතු, ගුරුල්ල පොතු, ඊරිය කිරි සහ තැඹිලි පොල් සමඟ කොටා ගන්න. කොටාගත් මිශ්‍රණය මිරිකා එම යුෂයට කළුදුරු, සූදුරු, සීනක්කාරම් හා පුෂ්කර කුඩු එක්කර තලතෙල් හා ගිතෙල් දමා පදමට සිඳුවන්න.

මෙම ඖෂධය ළදරුවන්ගේ දිවේ ආලේප කිරීමෙන් ඔවුන්ගේ මුඛයේ හට ගන්නා කිරි මැලියම් හා සෙම් දොස් ඉවත් කරගත හැකියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?