Monday, December 8, 2025
Epaper
Home Recipeරෝග රැසකට සුවය දෙන නිල් කටරොළු ශාකය

රෝග රැසකට සුවය දෙන නිල් කටරොළු ශාකය

by Thanushika

නිල් පැහැයෙන් යුත් ඉතා වර්ණවත් පුෂ්පයක් වන නිල් කටරොළු මල් ලංකාවේ බොහෝමයක් ප්‍රදේශවල දක්නට ලැබෙන ශාකයකි.

මෙම ශාකයේ ඇති මල්, කොළ, කරල්, මුල් ආදී සෑම කොටසකින්ම බොහෝමයක් ගුණ ඇති ශාකයකි. මෙකී ඖෂධීය ගුණ රැසක් ලබාදෙන නිල් කටරොළු ශාකය සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, දන්ත රෝග, ගර්භාශ රෝග, සමේ පැහැපත් බව රැක ගැනීමට, තුවාල පිරිසුදු කිරීමට, මානසික ආතතියට ආදී රෝග රැසකට ගුණදෙන ශාකයක් ලෙස නිල් කටරොළු හැඳින්වේ. එමෙන්ම නිල් කටරොළු මල් විටමින් A,C හා E වලින් පොහොසත් වන අතර ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩි කරන හැකියාවකින් ද යුක්ත වේ. ශරීර බර අඩු කිරීමටත්, එහි ඇති ප්‍රතිඔක්සිකාරක මඟින් ආහාර ජීර්ණය ක්‍රමානුකූලව සිදුකිරීමටත් කටරොළු මලේ ඇති ගුණවලට හැකි වී තිබේ.

ඒ අනුව නිල් කටරොළුවලින් සාදාගන්නා ඉතා රසවත්, ගුණවත් සේම ඇසට ප්‍රියඋපදවන ආහාර රාශියක් තිබේ. බොහොමයක් පිරිස් වර්තමානය වන විට මෙම ක්‍රම අත්හදා බලමින් සාර්ථක ප්‍රතිඵල අත්පත් කර ගත්තද ඇතැමුන්ට තවමත් මෙකී ගුණ පිළිබඳත් එම ශාකය ප්‍රයෝජනයට ගන්නා ආකාරය පිළිබඳත් නිසියාකාරව අවබෝධයක් ලැබී නැත. ඒ අනුව නිල් කටරොළුවලින් සාදා ගන්නා ආහාර ලෙස නිල් කටරොළු තේ, නිල් කටරොළු බත්, කේක්, ජෙලි, පෑන්කේක්, සරුවත් වැනි දේ හඳුන්වා දිය හැකිය.ඇතැම් අවස්ථාවල ස්වාභාවික ආහාර වර්ණකයක් ලෙස ද භාවිතයට ගන්නා අවස්ථා දැක ගත හැකිය.

ඒ අනුව ලෙඩ රෝග රැසකට ගුණදෙන නිල් කටරොළු ශාකයේ මුල් වියළා කුඩුකර දවසට ග්‍රෑම් දෙකක පමණ ප්‍රමාණයක් උණුවතුරට දමා තම්බා පානය කිරීම කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, ඇදුම වැනි රෝග රැසකට ගුණදායක වේ. එමෙන්ම නිල් කටරොළු මල්, බීම ද මෙකී රෝග සඳහාත් ගර්භාශ රෝග සඳහාත් මෙන්ම ආර්තව වේදනාවලට ද ඉක්මන් සහනයක් ලබා දේ.

නිල් කටරොළු බීම

සෝදාගත් නිල් කටරොළු මල් පහක් පමණ

සීනි තේ හැන්දක්

ලුණු ස්වල්පයක්

දෙහි ස්වල්පයක්

උතුරන වතුර වීදුරුවකට නිල් කටරොළු මල් දමා විනාඩි දහයක් පමණ තැම්බෙන්න හැරිය යුතුය. ඉන්පසුව නිල් කටරොළු මල් තැම්බූ වතුර පෙරා එයට සීනි, ලුණු හා දෙහි ස්වල්පයක් එක්කර මිශ්‍ර කර රසවත් නිල් කටරොළු බීම සකසාගත හැකිය.

නිල් කටරොළු තේ

නිල් කටරොළු මල් 6-7ක්

හොඳින් උණු කරගත් ජලය

මී පැණි තේ හැන්දක් පමණ

 

මුලින්ම නිල් කටරොළු මල් හොඳින් සෝදා පිරිසුදු කර ගන්න. ඉන්පසු උතුරුවාගත් ජලය කෝප්පයකට නිල් කටරොළු මල් එකතු කර විනාඩි කිහිපයක් වසා තබන්න. ඉන්පසුව කටරොළු මල් ඉවත් කර හෝ පෙරා මී පැණි එකතු කර පානය කරන්න. තේ පානය මඟින් සැලසෙන සෞඛ්‍යමය වාසි රැසක් තිබේ.

එනම් සිරුරේ බර අඩු කරයි.

හිසකෙස් වර්ධනය වේ.

මානසික සෞඛ්‍ය ශක්තිමත් කරයි.

ඇස් පෙනීම වැඩිදියුණු කරයි.

දියවැඩියා විරෝධී ගුණ ඇත.

ආහාර දිරවීමේ ක්‍රියාවලියට සහාය වෙයි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?