මේෂ
නුරුස්සනා ගති කේන්තිකාරකම් මතු වේ. නව මාර්ගයක් මුදල් ඉපයීමට වෘත්තියෙන් හා ව්‍යාපාරවලින් මඟ සෑදේ. පිනට දහමට ළැදි වේ. අන් අය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සැලසේ. අධ්‍යාපනයට සුබ වේ.
වෘෂභ
තරමක් ආත්මාර්ථකාමී ගති ඉස්මතු වේ. සතුරු මිතුරන් මුණගැසෙන සතියකි. විවාහ මංගල කටයුතුවලට බාධා මතු වේ. දරුවන් නිසා අපහසුවට පත්වන සතියකි. බොහෝ බුද්ධියෙන් කටයුතු කළ යුතුය. වචනයෙන් ප්‍රවේශම් වන්න.
මිථුන
උගත්කමට සරිලන රැකියා හිමිවේ. ආත්ම ශක්තිය බලවත් වී සාර්ථකත්වය ළඟා වේ. කතාවෙන් වාසි සෑදේ. ව්‍යාපාරවලින් දියුණුව ඇති වේ. ධනය කීර්තිය වැජඹෙන කාලයකි. උත්සාහයන් සාර්ථකවන සතියකි. උත්සාහයෙන් කටයුතු සාර්ථක කර ගනී.
කටක
මවුපාර්ශ්වයෙන් සහ සමාජයෙන් උපකාර හිමි වේ. සමාජ සේවා වැඩවලින් දියුණුවක් ලබයි. උත්සාහවන්ත වේ. වෙෙළඳාම් කටයුතු, වෛද්‍ය වෘත්තිය හා හෙද වෘත්තීයට ඉතා සුබ සතියකි. විවාහයේ තරමක් සිත් රිදීම් මතු වේ. ඉහළ තරාතිරම්වල අය හා එකට වැඩ කිරීමට ලැබෙයි.
සිංහ
කතාවට දක්ෂ වුවත් දුරදිග බලා වචන භාවිත නොකිරීමෙන් කරදර මතු වේ. කෘෂිකර්මාන්තයට සුබයි. ධනය මුල් වූ විවාහ මංගල යෝග හමුවේ. බාධා ඇතත් යම් කිසි ආදායම් ලබන යෝග වේ. රැකියා ව්‍යාපාරවලට අසුබ නැත. සාමාන්‍ය ලෙස යයි. මවුපියන්ගෙන් ලැබීම් ඇති සතියකි.
කන්‍යා
තම දෛනික කටයුතු කල්දමන සතියකි. බුද්ධියෙන් කටයුතු කිරීමෙන් යහපත උදා වේ. රැකියා ව්‍යාපාරවල දියුණුව ඇති වේ. මවුගෙන් ලැබීම් ඇතිය. ගෘහය යහපත් වන අතර බලාපොරොත්තු වූ යමක් ළඟාවන යෝග ඇත. වියදම තරමක් වැඩිය.
තුලා
වාහන සම්බන්ධව මිලදී ගැනීම්, විකිණීම් සිදු වේ. සිත් කරදර මතුවන කාලයකි. රැකියාවේ කරදර හෝ ප්‍රශ්න මතු වේ. තම පෙනුම පිළිබඳ වැඩිපුර සිතන සතියකි. විනෝද ගමන් බිමන් යෙදේ. තම නෑ හිතවතුන් සමඟ කටයුතු කරයි. අධ්‍යාපනයට සුබ වේ.
වෘශ්චික
ක්‍රීඩාවෙන් දියුණුවක් ඇති වේ. මවට අසුබ වේ. පිනට දහමට ළැදි වේ. විවාහ කටයුතුවලට සුබ වේ. බලාපොරොත්තු වූ දෙයක් සාර්ථක වන යෝග ඇත. අධ්‍යාපනය හා රැකියා අංශවල බාධා ඇතත් සාර්ථක වේ.
ධනු
ධනලාභ හිමි සතියකි. ඉගෙනීමේ ඉහළ ප්‍රතිඵල ලබයි. භූමි සම්බන්ධ ගැටලුවකින් හෝ මිලදී ගැනීමකින් භූමියක් ලබන යෝග ඇත. තරමක් වෙහෙසකර සතියකි. නීති ප්‍රශ්නයකින් ජය හිමි වේ. තමාගේ තත්ත්වය ඉහළ යයි.
මකර
වාසනාව ධනය අතින් සුබ ආරංචියක් ලබයි. තම වාහන ප්‍රශ්න විසඳේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වැඩි වියදම් දරයි. හිතේ සතුට හිමි වේ. රැකියාවේ ඉහළ තත්ත්වයන් ද පෙර පැවති රෝග යහපත් තත්ත්වයට හැරේ.
කුම්භ
තරමක් වියදම අධික වේ. හිතවතුන් තමා සොයා එන සතියකි. මුදලින් වාසි මතු වේ. තම බලය පතුරා ගෙදර හා රැකියා දියුණුව මතු වේ. භූමි ලාභ හිමි වේ. කලා අංශයේ අයට සුබ වේ. ලියකියවිලි සම්බන්ධ කටයුතුවලදී ප්‍රවේසම් වන්න. අස්ථි රෝග මතු වේ.
මීන
දරු සම්පත් බලාපොරොත්තු වන අයට යහපත උදා වේ. තම ජීවිතයේ ප්‍රධාන කටයුත්තකට යෝග ඇත. සහෝදර පාර්ශ්වයෙන් සුබ තත්ත්වයක් හිමි වෙයි. තරමක් රෝග තත්ත්ව මතු වෙයි. රැකියාවලට සුබ වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
අචිනි ලක්මාලි