Monday, October 13, 2025
Epaper
Home විශේෂාංගසොබා දහමේ චමත්කාරය අත්විඳිමු

සොබා දහමේ චමත්කාරය අත්විඳිමු

by Thanushika

සැබෑ මාධ්‍යවේදියාගේ වගකීම විය යුත්තේ ජනතාව අවිද්‍යාෙවන් මුදවා ගැනීමට උපකාර කිරීමයි. එනම් මිථ්‍යා අදහස්වලින් ජනතාව මුදා ගැනීමය. නමුත් බොහෝ මාධ්‍යවේදීන් … මෙය විද්්‍ත් හෝ වේවා මුද්‍රිත හෝ වේවා වෙනසක් නොමැතිව එල්ල වන චෝදනාවක් වන්නේ මිථ්‍යාව සමාජය පුරා පතුරවීමට උපකාර කරන බවයි. එවැනි මිථ්‍යාව වපුරන ව්‍යාපාරිකයන්ට වක්‍රාකාරව හෝ සෘජුව මාධ්‍ය සහය දක්වන බවයි. සැබැවින්ම ඔබ සැබෑ මාධ්‍යකරුවකු නම් කවදා කිසිදින කුමන හෝ ආකාරයෙන් මිථ්‍යාව සමාජගත කිරීම කෙසේවත් අනුමත කළ නොහැක. මාධ්‍යයෙහි මෙහෙවර විය යුත්තේ ජනතාව සමාජය ඉදිරියට ගෙන යාමට මිස ආපස්සට ඇද දැමීම නොවේ. ඒ සඳහා ජනතාවගේ මනස මිථ්‍යාෙවන් තොර තර්කානුකූල මනසක් සකස් කිරීම සැබෑ මාධ්‍යකරුවාගේ යුතුකමකි. එහෙත් ජනතාව ආකල්ප අතින් සහ සෞභාග්‍යවත් ජීවිතයකට මඟ පෙන්වීම යනු මිථ්‍යාව පැතිරවීමක් යැයි සිතිය නොහැක. මේ අප ගත කරන්නේ 21 වැනි සියවසේ වුවත් ‘ජ්‍යෝතීර්වේදය‘ විද්‍යාත්මකව පවා පිළිගත් ශාස්ත්‍රයකි. එමෙන්ම ධනාත්මක සිිතිවිලි ජීවිතය ආශීර්වාදය කැන්දා ගැනීමට ඉවහල් වන බව ලෝකයම පිළිගත් සත්‍යයකි. විශ්ව ශක්තිය, සූර්යය නමස්කාරය විශ්වාස කරති. විශ්වයට ස්තූති කරමින් සූර්ය නමස්කාරය කරමින් දවස ආරම්භ කිරීමට අද බොහෝ දෙනෙක් පසුබට නොවෙති. ජනතාවගේ අාකල්ප සුබවාදී, කරවමින් යම් යම් වාසනාව, යහපත කැන්දන අදහස් ජීවිතයට එකතු කිරීම කොහොත්ම මිත්‍යාව පැතිරවීමක් නොවේ. අපගේ කායික හා මානසික සතුට ලැබීමට, නිවෙසට සෞභාග්‍ය ලැබීමට, ධන ලාභය අනිවාර්යයි. නිවැසියන්ගේ නීරෝගිකම අංක එකයි. දරුවන්ගේ අධ්‍යාපනය දියුණුවට රැකී රක්ෂා දියුණුව යනාදී ඉලක්ක කර ගනිමින් අපේ ජීවිතයට යම් සැනසිල්ලක්… වාසනාවක් ගෙන එම සඳහා සොබාදහමින්්‍ අපට දායාද කර ඇති ගහකොළින් ලැබෙන සහනය විශ්මය ජනකය. එවැනි දෑ උපයෝගී කරගනිමින් අපේ ජීවිතවලට සහනයක් ලබාගැනීමට හැකිනම් එය වරදක් ද?

නමුත් අප මේ සඳහන් කරන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පස්සේ යමින් විශාල ධනස්කන්දයක් විනාශ කර ගනිමින් නිකරුණේ කාලය, ශ්‍රමය, ධනය විනාශ කිරීම ගැන නම් නොවේ.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?