2024 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනා ගත්තේ දකුණු අප්‍රිකා ජාතික ෂෙගෝ ගලේ විසිනි. දෙවැනි ස්ථානය දිනාගත්තේ ශ්‍රී ලංකාව නියෝජනය කළේ ඉෂාදි අමන්දායි. ඉතින් ලෝක විවාහක රූ රැජින වූ ෂෙගෝ ගලේ පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණීම කාගේත් අවදානයට යොමු වුණා. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේ ප්‍රධාන විනිසුරුවරිය ලෙස කටයුතු කිරීමටයි. ඒ අනූව දිවයිනට පැමිණි ඇය කටුනායක ගුවන්තොටුපළේ දී පිළිගනු ලැබුවේ 2024 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන ස්ථානය දිනාගත් ඉෂාදි අමන්දා විසිනුයි.
මෙම ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික සංවිධායක ලෙස චන්දිමාල් ජයසිංහත්, තරගාවලියේ පුහුණුකරු රුක්මාල් සේනානායකත් කටයුතු කළහ.
ඒ අනූව 2025 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලිය පසුගිය දා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ඒ අවස්ථාවේදී ෂෙගෝ ගලේ, ඇයගේ හොඳම යෙහෙළිය ඉෂාදි අමන්දා සමඟින් ඡායාරූප ගැනීමටත් අමතක කළේ නැහැ.