” කෑවොත් පලතුරක්, කැපුවොත් මරණයක් ” යන තේරවිල්ල ඔබ, මම සියලු දෙනාම කුඩා කල විසඳූ තේරවිල්ලකි. මෙම තේරවිල්ල විසඳු කල පිළිතුර වන්නේ ” බෙලි ” වේ. නමුත් මෙය පලතුරක් පමණක්ම නොවේ. සැබවින්ම දිව්‍යමය ඖෂධයකි. බෙලි ගෙඩියේ මදය පමණක් නොව බෙලි ගසේ සෑම කොටසක්ම දේශීය ආයුර්වේද ක්‍රමයට අනුව සැබවින්ම දිව්‍යමය ගුණ ඇති ඖෂධ වේ.
බෙලි ගසේ මව්බිම වන්නේ ඉන්දියාවයි. පසුව ශ්‍රී ලංකාවටත් වෙනත් රටවල් කිහිපයකටත් බෙලි ගස ව්‍යාප්ත විය. බෙලිගස, බෙලි ගසේ පත්‍ර ඉන්දියානුවන් ඉතාමත් දේවත්වයෙන් සලකයි. එමෙන්ම බෙලි ගසක් ආසන්නයේ ජලය ඇති බව මෙරට පැරණි ගැමියන්ගේ විශ්වාසයයි. මේ හේතුවෙන් බෙලි ගසක් අසල ළිඳක් කැපීමට පවා මෙරට පැරණි ගැමියෝ උත්සුක වූහ. තවද මෙරට පැරණි ගැමිලියන් බෙලි මදය කුල්ලේ ආලේප කළේ එයින් කුල්ලේ කල්පැවැත්මේත්, කුල්ලේ සිදුරු වසා දැමීමේත් අපේක්ෂාවෙනි.
බෙලි මද 100gක කිලෝ කැලරි 137gක ශක්තියක් ද කාබෝහයිඩ්‍රේට් 31.8g ක්ද මේදය 0.3 gක් ද ප්‍රෝටීන් 1.8 g ක් හා ඛනිජ ලවණ මෙන්ම විටමින් ද අඩංගු වේ. මෙහි අඩංගු විටමින් ලෙස විටමින් A,B,C, B1, B2, බීටා කැරොටින් යන විටමින් පෙන්වා දිය හැකිය. බෙලි 100gක තන්තු 2.9gක් හා ජලය 61.5g ක ප්‍රමාණයක් අඩංගු වේ.
සෙංගමාලය, මලබද්ධය, වමනය, අජීර්ණය, දැවිල්ල, හෘද රෝග, අතීසාරය, දියවැඩියාව, අස්ථි රෝග, වාත රෝග, රක්තවාතය, උදර වේදනා යන ආදී රෝග මෙන්ම තවත් රෝග රැසක් සුවකර ගැනීම සඳහා බෙලි ශාකයේ කොටස් උපකාරී වේ.
කාන්තාවන්ගේ ඔසප් වේදනාව නිසා ඇතිවන හිසරදය, විඩාව, කම්මැළිකම සමනය කිරීම සඳහා බෙලි ශාකය උපකාරී වන අතර දිනකට දෙවරක් බෙලි මල් ජලය පානය කිරීමෙන් කාන්තාවන්ගේ ඔසප් වේදනාව ද සුව කර ගත හැකිය.
බෙලිවල අඩංගු පැන්ට තොනික් අම්ලය, මැග්නීසියම්, පොටෑසියම්, කැෆේන් යන සංයෝග කාන්තාවන්ගේ ඔසප් වේදනාව සමනය කිරීමට සමත් වේ.
නොඉඳුණු බෙලි මද මලබද්ධයට හා හොඳින් පැසුණු බෙලි මද මල භේදය ඇති කරවයි. (ලාටු සහිත බෙලි මද බඩ වේළවන අතර ලාටු රහිත බෙලි මද මළ බද්ධයට උපකාරී වේ.) බෙලි මල් අතීසාරය, වමනය, පිත සුව කරන අතර පිපාසය සංසිඳුවයි.
බෙලිකටු තැම්බූ ජලය දැවිල්ල, අරුචිය සුව කරන අතර, හෘදය හා මොළය ශක්තිමත් කරයි. බෙලි ගැට විරේකයක් ලෙස ක්‍රියා කරන අතර බෙලි මුලේ අරටුවෙහි ලේ ගැලීම් වැළකීම හා කුසගිනි වඩවන ගුණය ඇත.
බෙලි ඖෂධයක් පමණක් නොව, රසවත් ආහාර ගණනාවක්ම පිළියෙල කළ හැකි පලතුරකි.
බෙලි බීම
ඉතාමත් භයානක රෝග වන කොලෙස්ටරෝල්, දියවැඩියාව හා ගැස්ට්‍රයිටිස් යන රෝග සුව කර ගැනීම සඳහා බෙලි බීම ඉතාමත්
ගු ණදායක ඖෂධයකි. ඔබට දියවැඩියාව වැලඳී ඇතිනම් බෙලි පානයට සීනි එකතු නොකරන්න.
ඔබ අසලම ඇති මෙවැනි දිව්‍ය ඔසු ආහාරයට ගැනීමට පුරුද්දක් ඇති කරගැනීමෙන් ඔබේ ජීවිතයද සෞඛ්‍යමත්, ඵලදායි ලෙස වෙනස් කරගැනීමට උත්සාහ ගන්න.
බෙලි පුඩිං
හොඳින් ඉදුණු බෙලි ගෙඩියක මදය ඉවත්කොට එයට fresh milk, පොල්කිරි, ලුණු, බිත්තර දෙකක් දමා බ්ලෙන්ඩර් කරන්න. පසුව මිශ්‍රණය හොඳින් පෙරා දියර පමණක් වෙන් කර ගන්න. වෙනත් බඳුනක අඩියට කැරමල් කරන ලද සීනි දමා සකස් කරගන්නා ලද බෙලි දියරය එහි මත දමා හොඳින් තම්බාගන්න.