Saturday, October 18, 2025
Epaper
Home Recipeදවසම ප්‍රබෝධයෙන් තබන උදෑසනට ගැළපෙනම ස්මූති

දවසම ප්‍රබෝධයෙන් තබන උදෑසනට ගැළපෙනම ස්මූති

by Thanushika

නිවෙසේ උදෑසනට තියෙන කාර්යබහුලත්වය ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. උයලා පිහලා ලක ලැහැස්ති වෙලා දරුවන්ව ඉස්කෝලෙට යවන්න, කාර්යාලයට යන්න.. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැහැ. ඒ නිසා ගොඩක් අයට උදෑසන ආහාර වේල මඟ හැරෙනවා. අද කියන්න යන්නේ දවසම ප්‍රබෝධවත්ව තියන්න ඉක්මනින්ම හදාගන්න පුළුවන් ශක්තිජනක පාන වර්ග කිහිපයක් හදන විදිහයි. ස්මූති කියලත් මේවා හඳුන්වනවා. අමුද්‍රව්‍ය කිහිපයක් යොදාගෙන සකසන මේ ස්මූති දුවට, පුතාට, අම්මට, තාත්තට ඇතුළු මුළු පවුලටම ගැළපෙන නිසා උදෑසන ආහාරය හරි ඉක්මනින් සකසා ගන්නත් පුළුවන්.

බ්ලූබෙරි ස්මූති

ආමන්ඩ් කිරි කෝප්ප 1/2ක්
ශීත කළ බ්ලූබෙරි කෝප්ප 1/2ක්
අවශ්‍ය නම් වැනිලා ස්වල්පයක්

ආමන්ඩ් කිරි, බ්ලූබෙරි සහ වැනිලා එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක් එකතු කරගන්න.

 

ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ස්මූති

ශීත කළ කෙසෙල් ගෙඩියක්
ශීතකළ ස්ට්‍රෝබෙරි කෝප්ප එකක්
නිවිති කොළ කෝප්ප භාගයක්
පැණි රස නොකළ නැවුම් කිරි කෝප්ප භාගයක්

කෙසෙල්, ස්ට්‍රෝබෙරි, නිවිති සහ කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. අවශ්‍ය නම් අයිස් කැට එකතු කර ගන්න. රස අනුව ස්ට්‍රෝබෙරි සහ කෙසෙල් ප්‍රමාණය වැඩිකර ගත හැකිය.

පීනට් බටර් සහ කෙසෙල් ස්මූති

ආමන්ඩ් කිරි කෝප්ප 1/2ක්
කොකෝවා කුඩු මේස හැඳි 1ක්
කෑලි කපා, ශීත කළ කෙසෙල් කෝප්ප 1/2ක්
ලුණු රස රහිත පීනට් බටර් මේස හැඳි 1/2ක්

 

ආමන්ඩ් කිරි, කොකෝවා කුඩු, කෙසෙල් සහ පීනට් බටර් මේ සියල්ල හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. අවශ්‍ය නම් වතුර ස්වල්පයක් එකතු කර ගන්න.

ඩාක් චොකලට් සහ කෙසෙල් ස්මූති

ශීත කළ කෙසෙල් ගෙඩියක්
දියකර ගත් ඩාක් චොකලට් මේස හැඳි දෙකක්
පැණි රස නොකළ ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්
වොල්නට්ස් හෝ රටකජු කිහිපයක්

කෙසෙල්, ඩාක් චොකලට්, ආමන්ඩ් කිරි සහ වොල්නට් එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. අවශ්‍ය නම් වතුර එකතු කළ හැකිය. වොල්නට් හෝ රටකජු වෙනුවට ආමන්ඩ් වුවත් භාවිත කළ හැකිය.

ඕට්ස් ස්මූති

ඕට්ස් කෝප්ප භාගයක්, පැණි රස නොකළ ආමන්ඩ් කිරි කෝප්ප භාගයක්, කෙසෙල් ගෙඩියක්, මී පැණි තේ හැඳි එකක්

ඕට්ස්, ආමන්ඩ් කිරි, කෙසෙල් සහ මී පැණි එකට එකතුකර හොඳින් බ්ලෙන්ඩ් කර ගන්න. වඩාත් රසවත් කර ගැනීම සඳහා වැනිලා ස්වල්පයක් එකතු කළ හැකිය.

 

මැංගෝ ස්මූති

අඹ ගෙඩි 3ක්
අඩු මේද කිරි කෝප්ප 1/2ක්
කරදමුංගු කුඩු තේ හැඳි 1/2ක්
සීනි හෝ මී පැණි ස්වල්පයක්
අයිස් කැට

අඹ කැබලිවලට කපා හොඳින් ක්‍රීම් බවට පත් වන තෙක් බ්ලෙන්ඩ් කරගන්න. එයට කරදමුංගු, කිරි සහ මී පැණි ද එක් කොට මිශ්‍ර කරගන්න. අඩුම තරමින් පැය 4ක් වත් ශීතකරණයේ තබා පිළිගන්වන්න.

උපදෙස් – සූපවේදී සුජිත් ආරියරත්න

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?