අසුරු සැණින් බිහිවන විලාසිතා වැඩිපුරම මැවෙන්නේ ආදරණීය කාන්තා ඔබටයි. ඒ අතරත් ගවුම් විලාසිතා නිමක් නැහැ. මේ අපූරු ගවුම් මෝස්තරය ඔබේ දියණියට ගැළපේවි. මෙය ඇයට අමතර පන්ති යන්න, යෙහෙළියන් සමඟ විනෝද ගමන් යන්නත් කදිමයි.
මිමි සැකසීම
උරහිස අඟල් 15
කර වට අඟල් 13
පපුව වට අඟල් 27
ඉණ වට අඟල් 24
ඉණ දක්වා උස අඟල් 15 1/2
සාය උස අඟල් 23
අත දිග අඟල් 7
ඉදිරිපස පළුව සැකසීම
උරහිස දෙකට බෙදා අඟල් 1/2ක් එකතු කරන්න. තිරස් රේඛාව මත උරහිස ලකුණුකර එතැන් සිට අඟල් 1 1 /2ක් පහත්කර උරහිස් රේඛාව ඇඳ ගන්න.
කර වට හතරෙන් බෙදා ලැබෙන ප්‍රමාණයෙන් අඟල් 1/2ක් අඩුකර උරහිස් රේඛාව මත ලකුණු කරන්න. ලැබෙන ප්‍රමාණයම නැම්ම රේඛාව මත ලකුණුකර මූලික කර ඇඳ ගන්න.
උරහිස රේඛාවේ මුල සිට පහළට ද උරහිස ප්‍රමාණයට අඟලක් එකතුකර හරස් රේඛාවක් ඇඳ ගන්න.
පපුව වට හතරෙන් බෙදා අඟල් 1/2ක් ලකුණුකර අත් කට ඇඳ ගන්න.
උරහිස් රේඛාව උරහිස් ප්‍රමාණයේ සිට අඟල් 7ක් (අත දිග) ලකුණු කරන්න.
කිහිලි කට වක්‍රයේ සිට
අඟල් 1 1/2ක් පහත් කර අත ඇඳ ගන්න.
ඉදිරිපස නැම්ම රේඛාවේ සිට අඟල් 3ක් ඉදිරිපසට ගෙන උරහිස් රේඛාවේ සිට ඉණ දක්වා ඉදිරි කර ඇඳ ගන්න.
අත් කට වට ප්‍රමාණයට ගෙන ෆ්ලෙයාඩ් හැඩයට අතේ යට පටිය ඇඳගන්න.
පිටුපස පළුව
ඉදිරිපස පළුවේ සේම උරහිස, අත් කට, ඉණ දක්වා උස ඇඳගන්න. කර ගැඹුර උරහිස රේඛාවේ සිට අඟල් 2ක් පහත් කර ඇඳගන්න.
ඉදිරිපස පරිදිම අත ඇඳගන්න.
සාය කොටස
කෙළින් රේඛාවේ ඉණ සිට උස ලකුණු කරන්න. මුදුනේ සිට උස තෙක් ෆ්ලෙයාඩ් හැඩය ඇඳ ඉණ වට හතරෙන් බෙදා අඟලක් එකතුකර ඉණ හැඩය ඇඳගන්න.
පහළ වාටිය ප්‍රමාණය මෙන් ෆ්ලෙයාඩ් හැඩයට රැලි පටිය සකසා ගන්න.
මසා ගැනීම
* මුලින්ම අඟල් 1 1 /2ක පයිපින් පටි කපාගෙන ඉදිරිපස සහ පිටුපස කර වටා පයිපින් කරගන්න.
ඉන්පසු උරහිස් මසා ගන්න.
* පපුව අත වටේ රැලි පටිය අල්ලා ගන්න. එය පසෙකින් තබා සායට ද රැලි පටිය අල්ලා ගන්න.
* දැන් ඉදිරිපස පළුව ක්‍රොස් එක හරි මැදට ගෙන ඉදිරිපස පළුව මැද ටැක් කරගන්න. දැන් සායේ ඉදිරිපස සහ පිටුපස පළු දෙක මසා ගන්න.
* පිටුපස පළුව කඳ සහ සාය මූට්ටු කර එම මූට්ටුව දිගේ ඉලාස්ටික් එකක් දමා දෙපැත්ත ටැක් කරන්න.
* ඉදිරිපස පළුවේ හරි මැදට පටියක් දමා ගැනීමට හැකි පරිදි පටියක් මසාගන්න. එය මැදින් පටියක් දමා ගැට ගසන්න හැකි පරිදි තබන්න.
* පසුව දෙපැත්ත මූට්ටුකර ගවුම මසා ගන්න.
උපදෙස් –
මැහුම් නිර්මාණ ශිල්පීනි
නිලංකා ප්‍රියදර්ශනී
Line Art – නිලක්ෂි ආරියරත්න
