Monday, October 20, 2025
Epaper
Home විශේෂාංගපෝෂණයෙන් පිරිපුන් දූරියන්

පෝෂණයෙන් පිරිපුන් දූරියන්

by Thanushika

දූරියන්, සුවඳ සහ රසය අතින් ලෝකයේ වඩාත්ම ආන්දෝලනාත්මක පලතුරක් ලෙස සැලකේ. “පලතුරු අතර රජු ” ලෙස විරුදාවලිය ලත් දූරියන් නිවර්තන කලාපීය ආසියාවේ ඉතා ජනප්‍රිය ආහාරයකි. එහි පිටත දැඩි කටු සහිත ස්වභාවය සහ අභ්‍යන්තරයේ ඇති මෘදු, ක්‍රීම් වැනි මදය ඉතා සුවිශේෂී වේ.

දූරියන්වල ඇති සුවිශේෂී රසය හා සුවඳ නිසාම එය බොහෝ දෙනකුගේ ප්‍රියතම පලතුරක් බවට පත් වී තිබෙනවා. ගම්පහ, කෑගල්ල, මාතලේ, රත්නපුර සහ කළුතර වැනි දිස්ත්‍රික්කවල බහුලව වගාකරන අතර එම ප්‍රදේශවල දූරියන් ගස් ස්වාභාවිකවම වර්ධනය වේ. එමෙන්ම සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට සුදුසු දේශගුණික තත්ත්වයන් ද පවතී.

ලංකාවේ දේශීය දූරියන් වර්ග කිහිපයක්ම තිබෙනවා. ඒවායේ රසය හා ගුණය අනුව විවිධත්වයක් පෙන්වනවා. සමහර දූරියන් වර්ගවල මදය කහ පැහැයෙන් යුක්ත වන අතර තවත් සමහර ඒවා සුදු පැහැති මදයකින් සමන්විතය. දේශීය දූරියන්වල රසය විදේශීය දූරියන්වලට වඩා තරමක් වෙනස් විය හැකියි. දූරියන්වල ඇති විශේෂිත සුවඳ සමහරුන්ට අප්‍රසන්න විය හැකි නමුත්, එයට ආදරය කරන්නන් සඳහා එය ආකර්ෂණීය සුවඳකි. දූරියන්වල රසය ඉතා මිහිරි වන අතර, සමහරු එයට කැමැති වන්නේ එහි ඇති කිරි වැනි ගතිය සහ මිහිරි බව නිසාය. විවිධ දූරියන් වර්ගවල රසය වෙනස් විය හැකි අතර, සමහර ඒවා තරමක් තිත්ත රසක් ද ගනී. දූරියන් යනු ශක්තියෙන් සහ පෝෂණයෙන් අනූන පලතුරකි. එහි විටමින් B, විටමින් C, පොටෑසියම්, යකඩ සහ කෙඳි බහුලව අඩංගු වේ. එය ස්වාභාවික ශක්ති ප්‍රභවයක්

ලෙසද සැලකිය හැකිය. දූරියන් ආහාරයට ගැනීමෙන් ඔබේ ශරීරයට බොහෝ පෝෂ්‍ය පදාර්ථ ලැබෙනවා. ඒ අතර,

• කාබෝහයිඩ්‍රේට් බහුලව අඩංගු නිසා ඉක්මනින් ශක්තිය ලබා දීම.

• ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට සහ සම නීරෝගිව තබා ගැනීමට උපකාරී වීම.

• රුධිර පීඩනය පාලනය කිරීමට සහ හෘදයේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි පවත්වා ගැනීමට වැදගත් වීම.

• ආහාර ජීර්ණ පද්ධතිය නීරෝගිව තබා ගැනීමට සහ මල බද්ධය වළක්වා ගැනීමට උපකාරී වීම.

• ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියට (metabolism) සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සහාය වීම.

• රුධිරයේ හිමොග්ලොබින් මට්ටම වැඩි කිරීමට උපකාරී වීම යන කරුණු ඉතා වැදගත් වේ.

කෙසේ වෙතත්, දූරියන්වල සීනි සහ කැලරි ප්‍රමාණය ඉහළ බැවින්, එය මධ්‍යස්ථව ආහාරයට ගැනීම වැදගත්ය.

දූරියන් පුඩිං

පළමුව දූරියන් මදුළුවල ඇට ඉවත් කර, ඒවා බ්ලෙන්ඩරයට දමන්න. ඉන්පසු එයට වැනිලා, මිල්ක්මේඩ්, ලුණු ස්වල්පයක් සහ කිරි එකතු කරන්න. මෙම මිශ්‍රණය හොඳින් බ්ලෙන්ඩ් කර, ක්‍රීම් ගතියට එනතුරු සකස් කර ගන්න. ලුණු ස්වල්පයක් එකතු කිරීමෙන් දූරියන්වල ස්වාභාවික පැණි රසය වඩාත් හොඳින් ඉස්මතු වේ.

දැන් වෙනම භාජනයක ජෙලටින් උණු වතුරේ දිය කර ගන්න. මෙම දිය කර ගත් ජෙලටින්, බ්ලෙන්ඩ් කර ගත් දූරියන් මිශ්‍රණයට එකතු කර හොඳින් කවලම් කරන්න. ජෙලටින් එකතු කිරීමෙන් පුඩිං එක ඉක්මනින් ඝන බවට පත් වේ. ඉන්පසු කුඩු කර ගත් කජු ද එකතු කර හොඳින් කලවම් කරන්න.

මෙම මිශ්‍රණය ගැඹුරු භාජනයකට දමා, ශීතකරණයේ පැය දෙකක් පමණ තබා ඝන වීමට ඉඩ හරින්න. හොඳින් ඝන වූ පසු කැබලිවලට කපා හෝ හැන්දකින් ආහාරයට ගත හැකිය.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?