ගෘහිණියකට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතුවලදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදු වෙනවා. ඒ අතරින් ඉතාමත් සුලබ ප්‍රශ්නයක් තමයි විදුලි ඉස්තිරික්කය දිව එසේත් නැතිනම් අයන් ඇතිවන පිළිස්සුම් පැල්ලම් කියන්නේ. මේ පැල්ලම් නිසා ඔබේ වටිනා ඇඳුම් කොපමණ නම් විනාශ වෙනවා ද? ඒ නිසා මේ විසඳුම් ටික උත්සාහ කර බලන්න.
1. බේකිං සෝඩා ස්වල්පයක් වතුර සමඟ මිශ්‍ර කර කුඩා පල්පයක් සකසා ගන්න. එය අයන් එකේ පිලිස්සුම් පැල්ලම්වල තවරන්න. පසුව අයන් එක විදුලියට සම්බන්ධ කර, රත් කර කපු රෙදි කැබැල්ලකින් පිසදා හරින්න.
2. නිෙවසක අනිවාර්යයෙන් තිබෙන දෙයක් තමයි ලුණු, ලුණු කුඩු සහ විනාකිරි එක් කොට එය රත් වූ අයන් එකෙහි පැල්ලම් මත තවරා කපු රෙදි කඩකින් හෝ ටිෂූ කැබැල්ලකින් පිසින්න.
3. ඉස්තිරික්කය විදුලියට සම්බන්ධ කර රත් වීමට තබන්න. පසුව කුඩා බුරුසුවකට දන්තාලේප ටිකක් දමා පැල්ලම් මත හොඳින් මදින්න. පසුව රෙදි කඩකින් හොඳින් පිස දමන්න.
4. අයන් එක රත් වූ පසු ඉටිපන්දමක් ගෙන එය පිලිස්සුම් පැල්ලම් මත හොඳින් අතුල්ලන්න. පසුව ඝන කඩදාසියකින් හෝ රෙදි කඩකින් හොඳින් පිසදමන්න.
5. ඔබේ ගෙවත්තේ අනිවාර්යයෙන් කෙසෙල් ගසක් නම් ඇත. කෙසෙල් කොළයෙනුත් පුළුවන් මේ පැල්ලම් නැති කරන්න. කෙසෙල් කොළයක් ගෙන එය මත රත් වූ ඉස්තිරික්කයෙන් හොඳින් මදින්න. ඒ සමඟම ඝන රෙද්දක් මත මදින්න.
6. රත් වූ ඉස්තිරික්කයේ ඇති පිලිස්සුම් පැල්ලම් මත පැනඩෝල් පෙත්තක් තබා හොඳින් අතුල්ලා පසුව රෙදි කැබැල්ලකින් පිස දමන්න.
මේ පුංචි ටිප්ස් ටික භාවිත කරලා බලන්න. ගෘහිණියක් ලෙස ඔබට ඇතිවන මේ කරදරයෙන් නිදහස් වෙන්න පුළුවන්.