Monday, October 20, 2025
Epaper
Home විශේෂාංගකෞතුක වස්තු පිළිබඳ දරුවන් දැනුම්වත් කළ අපූරු වැඩසටහන

කෞතුක වස්තු පිළිබඳ දරුවන් දැනුම්වත් කළ අපූරු වැඩසටහන

by Thanushika

2025 ලෝක ළමා දිනය වෙනුවෙන් කොළඹ ජාතික කෞතුකාගාරයේ ළමා දින උත්සවයක් පැවැත්විය. මිහිර පුවත්පතේ දායකත්වය ද ඊට ලබා දෙනු ලැබුණි. මේ කතාව ඒ ගැනයි.

මෙහිදී දරුවන් සඳහා විශේෂ තරග මාලාවක් සංවිධානයකර තිබිණි. හොඳම දේ දරුවන් උදෙසා ලබා දීම මෙහි අරමුණයි. උදෑසන සිටම විශේෂ වැඩසටහන් රැසක් පැවැත්වූ අතර, ප්‍රහේලිකා තරගය, ප්‍රශ්නයට පිළිතුරු ලිවීම,භාණ්ඩවල පින්තූර බලා නම ලිවීම ,චිත්‍ර තරගය,විකට ඇඳුම් තරගය ආදී ලෙස තරග රැසක් පැවැත්විණි. මෙහිදී එක් එක් තරග ඉසව් සඳහා දරුවෝ ඉතා ආසාවෙන් සහභාගි වූහ.

ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීම ද මෙහිදී සිදු විය. එමෙන්ම ප්‍රහේලිකා තරගය උදෙසා නිර්මාණය වූ ප්‍රශ්න සියල්ල කෞතුකාගාරය ආශ්‍රිත ප්‍රශ්න වීම විශේෂත්වයකි. එමෙන්ම ජාතික කෞතුකාගාරයේ අප නිරීක්ෂණය කළ පරිදි දරුවන්ට දැන ගැනීමට,ඉගෙන ගැනීමට ඇති ඉතිහාසමය කරුණු බොහෝ ය. කෞතුකාගාර වස්තු ඉතා හොඳීන් සංරක්ෂණයකර තිබිණි. ඒ සඳහා උපරිම ආරක්ෂාව ලබා දීම විශේෂත්වයකි. කොළඹ ජාතික කෞතුකාගාරයේ සංරක්ෂණය කොට ඇති වස්තූන් දෙස අවධානය යොමු කරන විට අපට කෙතරම් උදාර සම්පන්න ඉතිහාසයක් තිබෙනවාද යන්න පැහැදිලි ය. ඒ සම්බන්ධව නිහතමානි ආඩම්බරයක් අපට ඇති කරගත හැකි ය.

කෞතුකාගාරයේ විශේෂ දේවල් පිළිබඳ හඳුන්වා දීම ද සිදු කරන ලදි. ඒ සඳහාද දරුවෝ යුහුසුළුව සම්බන්ධ වූහ. මෙහිදී දරුවන්ට කෞතුක වස්තු මෙන්ම ඒවා තිබූ වකවානු ගැන ද හඳුනා ගැනීමට හැකි විය. කාසි වර්ග, අතීත ගෘහ භාණ්ඩ, රජවරුන්ගේ ඇඳුම්, කෘෂිකර්මය හා වාරි මාර්ග ක්‍රමවේද පිළිබඳ හින්දු සමය, භාෂාව හා සාහිත්‍යය ආදී ලෙස විශාල විෂය කරුණු ප්‍රමාණයක් ආවරණයකර තිබිණි.


එදින පැවැත්වූ ක්‍රීඩා

 ප්‍රහේලිකා තරගය

ප්‍රහේලිකා තරගයේදී දරුවන්ගේ ළමා දැනුම මෙන්ම කෞතුකාගාරයේ කෞතුක වස්තු පිළිබඳ අධ්‍යයනය කොට ප්‍රහේලිකා පිරවීම අරමුණු කරගෙන තිබුණු අතර, මෙහිදී දරුවෝ කාර්යක්ෂමව මේ අවස්ථාවට සහභාගි වූහ.කෞතුකාගාරයේ වස්තු ඇසුරින් සකස් කළ ප්‍රහේලිකාව පිරවීමෙන් කිසිවෙක් ජය නොගත්හ. එහෙත් බොහෝ ප්‍රහේලිකා කරුණු සාර්ථකව නිම කිරීමට පිරිසට හැකිවීම විශේෂත්වයකි.

 භාණ්ඩවල පින්තුරය බලා නම ලිවීමේ තරගය

මෙහිදී බොහෝ දරුවෝ එම අවස්ථාවට සම්බන්ධ වූහ. පින්තූර බලා භාණ්ඩ හඳුනා ගැනීමට ද ඔවුන්ට හැකි විය.

මේ මඟින් කෞතුකාගාරයේ පැරැණි භාණ්ඩ හඳුනා ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා විය.

 ප්‍රශ්නයට පිළිතුරු ලිවීම

ප්‍රශ්නයට පිළිතුරු ලිවීමේ තරගය දරුවන්ගේ දැනුම වර්ධනය කරන විශේෂ අවස්ථාවක් ද විය. මෙහිදී දරුවෝ කඩිසරව සම්බන්ධ වෙමින් සිය බුද්ධිය ඔස්සේ කටයුතු කළහ.

 චිත්‍ර තරගය

මේ තරගය සඳහා බොහෝ දරුවෝ ඉදිරිපත් වූහ. වර්ණ යෙදීම, මෙන්ම තමන්ට කැමැති පසුබිමක් නිර්මාණය කිරීම මෙහිදී විශේෂ විය. මේ සඳහා පිරිමි දරුවෝ මෙන්ම ගැහැනු දරුවෝ ද සහභාගි වූහ.

 විකට ඇඳුම් තරගය

මෙය අලංකාරවත් ඉසව්වක් විය. මෙහිදී ඉදධඹ එඩඪබඥ, ඒදඨඥත ආදී ලෙස සැරසී පැමිණි දරුවෝ සිය දක්ෂතා ඉදිරිපත් කළහ. ඔවුහු සිය චරිතයට ගැළපෙන අයුරින් කතාවක් ද ඉදිරිපත් කළහ. මෙයට ඉදිරිපත් වූ සෑම දරුවකුටම කෞතුකාගාර නියෝජ්‍ය අධ්‍යක්ෂතුමිය ත්‍යාග පිරිනැමුවා ය.

ළමා දිනයට සමගාමීව පැවති මේ තරග මාලාව මඟින් කෞතුකාගාරය සම්බන්ධව මෙන්ම ඉතිහාසය සම්බන්ධයෙන් ද දරුවන්ගේ දැනුම වර්ධනය විය. මෙවැනි අවස්ථා දරුවන්ට ලබාදීම මඟින් ඔවුන්ගේ ඉතිහාස දැනුම වර්ධනය වේ.

ඡායාරූප – ශාන් රූපස්සර / තරුෂ හිෂාන්

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?