ඖෂධීය ගුණයෙන් අනූන නිල් කටරොළු මල් නිෙවසේදීම වගා කර මාසිකව ඉහළ ආදායමක් ලැබිය හැකි බව ඔබ දන්නවාද? මල් වශයෙන් පමණක් නොව, පවුඩර්, ටී බෑග්, කලරින්, රූපලාවණ්‍ය ද්‍රව්‍ය, වයින් වර්ග සඳහා ද නිල් කටරොළු මල් භාවිත කරයි. දේශීය වෙෙළඳපොළ පමණක් නොව විදේශීය වෙෙළඳපොළ තුළද ඉහළ ඉල්ලුමක් ඇති නිසා මේ වගාව ඔබට ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කළ හැකිය. ඒ පිළිබඳ තරුණී අප හා කතාබහ කිරීමට එකතු වූයේ නිල් කටරොළු මල් වගාව මහා පරිමාණිකව සිදු කරන එස්.ජී.එම්. නිසංසලා සඳමාලි විජේරත්න ගොවි මහත්මියයි.
නිල් කටරොළු මල් වගාව ස්වයං රැකියාවක් ලෙස සිදු කළ හැකිද?
මෙය ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් වගාවක්. විශේෂයෙන් කාන්තාවන්ට නිෙවසේ වැඩ කටයුතු සිදුකරන අතරතුරම ඉතාමත් පහසුවෙන් මේ වගාව සිදුකර හොඳ ආදායමක් උපයන්න පුළුවන්.
මේ වගාව සිදු කරන්නේ කොහොමද?
මේ සඳහා යොදා ගන්නේ පොකුරු නිල් කටරොළු කියන ප්‍රභේදය. දවස් දෙකක් පමණ බීජ හොඳින් පෙඟෙන්න දමා අඩි පහක වගේ දුර ප්‍රමාණයක් සහිතව තනි තනිව පැළ හදා ගන්න පුළුවන්. නැතිනම් පාත්ති දාගන්නත් පුළුවන්. බීජ පැළ කරලා මාසෙකින් වගේ ඒවට ආධාරක හදන්න. ඉනි ආධාරක හෝ මැස්සක් විදිහටත් ආධාරක දෙන්න පුළුවන්. මාස දෙකහමාරෙන් වගේ මල් අස්වැන්න ලබාගන්න පුළුවන්.
නිල් කටරොළු වගාවට යොදන විශේෂිත පොහොර වර්ග තිබෙනවාද?
අපි නම් කිසිම රසායනික පොහොර වර්ගයක් පාවිච්චි කරන්නේ නැහැ. ගොම පොහොර, කොම්පෝස්ට්, පරණ වූ කුකුළු පොහොර ඉතාමත් හොඳයි.
සිරිපාදේ කාලෙට සමනල්ලු බිත්තර දාන හින්දා විවිධ ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. දුම්කොළ තම්බා ස්ප්‍රේ කරන්න සහ කොහොඹ කොළ ඒ සඳහා හොඳ විසඳුමක්.
අස්වැන්න නෙළීම ගැන සඳහන් කළොත්?
අව්ව වෙලාවට ඒ කියන්නේ උදේ නවය දහය අතර වගේ මල් නෙළන්න හොඳම වෙලාවයි. මලේ පිනි හිඳුණම තමයි නෙළා ගන්නේ.
වියළි, ශීත ඕනෑම දේශගුණික තත්ත්වයක් යටතේ වගා කරලා අස්වැන්න ලබා ගන්න පුළුවන්ද?
ඔව්. ලංකාවේ ඕෙනම කලාපයක මේ මල් වගාව කරන්න පුළුවන්. දැනට මේ වගාව සිදු කරන ගොවියෝ තිස්පහක් විතර ඉන්නවා. එයාලා ලංකාවේ විවිධ දිස්ත්‍රික්කවල විසිරිලා ඉන්නේ.
නිල් කටරොළුවලට තියෙන ඉල්ලුම කොහොමද?
ලංකාවේ වගේම විදේශීය වෙෙළඳපොළෙත් හොඳ ඉල්ලුමක් තිබෙනවා. මට දැනට මාසෙකට මල් කිලෝග්‍රෑම් 150ක් විතර අවශ්‍ය වෙනවා. ඉස්සරට වඩා දැන් මේ මල්වලට තියෙන ඉල්ලුම ගොඩක් වැඩියි.
ඒ කියන්නේ මේ වෙෙළඳපොළ තත්ත්වය වසරේ ඕෙනම කාලෙක දකින්න පුළුවන්ද?
අවුරුද්දේ ඕනෙම කාලෙක මේ මල් විකිණෙනවා. අමෙරිකාවේ ශීත සෘතු කාලෙට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා. මැලේසියාව, තායිලන්තය වගේ රටවල්වලින් නිල් කටරොළු තේ පානය සඳහා ඉතාමත් හොඳ ඉල්ලුමක් පවතිනවා. ඇත්තටම මේ වගාව අපේ රටේ දේවල් ජාත්‍යන්තරය කරා ගෙනියන්න හොඳ අවස්ථාවක්. ගොවීන් මේ වගාවට යොමුවීම තමයි ඉතාමත් වැදගත් වෙන්නේ.
නිල් කටරොළු මල්වල මිල ගණන් කොහොමද?
සාමාන්‍යයෙන් වේළුණු නිල් කටරොළු මල් කිලෝ එකක් රුපියල් තුන්දාහක්, හාරදාහක් පමණ වෙනවා. මල් කිලෝ එකකට මල් අටදාහක, දහදාහක වගේ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා.
නිල් කටරොළු මල් වගාව ස්වයං රැකියාවක් ලෙස ආරම්භ කිරීමට බලාපොරොත්තුවන කෙනකුට ලබාදෙන උපදෙස කුමක්ද?
දන්න කෙනෙක්ගේ උපදෙස් අරගෙන මුලින්ම වැඩේ පටන් ගන්න. කිව්ව පමණින් තේරුම් ගන්නවට වඩා කෙනකුගේ මඟ පෙන්වීම තියෙනවා නම් ගොඩක් වැදගත්. ක්ෂණික සල්ලි හොයන ක්‍රමවලට වඩා ඉතාමත් හොඳ ක්‍රමයක්. කැපවීම, උත්සාහය තියෙනවා නම් ආදායම උපයන්න පුළුවන් හොඳ මාර්ගයක්.
නිල් කටරොළු මල් වගාව පහසුවෙන් සිදු කළ හැකි වගාවක්ද?
එය නිවසේදී ඉතා පහසුවෙන් සිදු කරන්න පුළුවන් වගාවක්. බීජ තිබෙනවා නම් තමන්ගේ ගෙවත්තේ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක පහසුවෙන් වගා කරන්න පුළුවන්. නඩත්තු කිරීමත් පහසුවෙන්ම සිදු කරන්න පුළුවන්.
විදේශ වෙළෙඳපොළ ඉල්ලුම සැපිරීමට ලංකාවට හැකි වී තිබේද?
නැහැ. ලංකාවේ ඉතා සුළු ගොවීන් ප්‍රමාණයක් තමයි මේ වගාව සිදු කරන්නේ.එනිසා විදේශීය ඉල්ලුම අපට සපුරන්න බැහැ. මට කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සුම ඒකට යොමු වෙනවා නම් හොඳ ආදායමක් ලබාගන්න පුළුවන් කියලා. හේතුව තමයි විදේශ රටවල්වල නිල් කටරොළු මල්වලට ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා.
