මම නම් ගොඩක් වෙලාවට මට කවුරුහරි කෙනෙක්ගෙන් චූටි උදව්වක් හරි ලැබුණොත් ඉබේම, හදවතින්ම තැන්ක් යූ කියලා කියන, කියවෙන කෙනෙක්..මේ වචන දෙක මාර පවර්ෆුල් වචන දෙකක්..ඔය වචන දෙක ඔයා හදවතින්ම කියනකොට ඔයාගේ මොළෙන් ඩෝපමින් සහ සෙරටොනින් කියන හෝමෝන රිලීස් වෙනවා..ඉතින් ඔය හෝමෝනවලට පුළුවන් ඔයාගේ මූඩ් එක ඉම්පෲ කරන්න, ස්ට්‍රෙස් අඩු කරන්න, ඒ වගේම ඔයාව මෝටිවේට් කරන්නත්. ඉතින් මේ තැන්ක් යූ කියන එකෙන් ඔයාට ඔපචුනිටීස්වලට ෆෝකස් එක හදාගන්න පුළුවන්..
ඊට පස්සේ අපිට තියනවනේ සබ්කොන්ෂස් මයින්ඩ් එක කියලා (මට මතක විදිහට සිංහලෙන් කියන්නේ උපවිඥානය කියලා..)
ඔන්න ඔය කියන සබ්කොන්ෂස් මයින්ඩ් එක දන්නේ නෑ ඔයා හිතන දේවල්, ඔයා කියන දේවල් ඇත්ත ඒවද බොරු ඒවද කියලා..අන්න ඒකයි ඔයා නිකමටවත් ඔයා එක්ක කතා කරද්දි වුණත්, තව කෙනෙක් එක්ක කතා කරද්දි වුණත්, ඔය මනෝ පාරක් ගහගෙන ඉන්නකොට වුණත් නෙගටිව් දේවල් ගැන හිතන්න හොඳ නැත්තේ..මොකද ඔයා සමහරවිට එක්ස්පීරියන්ස් කරලා ඇති ඔයා දෙයක් ගැන නිතර නිතර හිතනකොට ඒ දේවල් ඇත්ත වෙනවා ඒක පොසිටිව් වුණත් නෙගටිව් වුණත්..(එහෙම එක්ස්පීරියන්සස් තියනවා නම් කියාගෙන යන්න)
ඉතින් ඔයාට පුළුවන් ඇෆර්මේශන්වලට යන්න..මේකත් හොඳයි..අර කතාවක් තියෙන්නේ ෆේක් ඊට් ටිල් යූ මේක් ඊට් කියලා..මේක මම මෙහෙම කියන්නම්..හිතන්නකෝ ඔයාට කවදහරි හොඳ සක්සස්ෆුල් බිස්නස් ඕව්නර් කෙනෙක් වෙන්න ඕනි කියලා..ඉතින් ඔයාට පුළුවන් ඔයා දැනටමත් එහෙම වෙලා ඉන්නේ කියලා ඉමැජින් කරගෙන ඒ විදිහට අඳින්න පටන්ගන්න..වැඩ කරන්න පටන්ගන්න, කතා කරන්න පටන්ගන්න..හිතන්න පටන්ගන්න..මොකද මම කලින් කීවා වගේ සබ්කොන්ශස් මයින්ඩ් එක දන්නේ නෑ රියැලිටි එක මොකද්ද ඉමැජිනේශන් වර්ල්ඩ් එක මොකද්ද කියලා.
ඊට පස්සේ ඔයාගේ බ්‍රේයින් එක ඇතුළේ තව තියනවා ෆිල්ටර් එකක්..මේකට අපි කියනවා රෙටිකියුල ඇක්ටිවේටින්ග් සිස්ටම් කියලා (RAS). ඕකෙන් කරන්නේ ඔයාට දවසකට හිතෙන දහස් ගණන් සිතුවිලි අතරේ මොකක්ද වැදගත්ම කියලා ඩිසයිඩ් කරන එක. උදාහරණයකට ඔයාට කාර් එකක් ගන්න හිතෙනවා..ඔයා ඒ ගැන හැමවෙලේම හිතනවා..සර්ච් කරනවා..ටික වෙලාවකින් ඔයාට ඒ ගන්න ඉන්න කාර් එක හැම ප්ලැට්ෆෝම් එකකම පේනවා..(මේක නම් ඇල්ගොරිදම්වලින් කරන්නේ..) ඒකට එහා ගියොත් ඔයා පාරේ යද්දි පවා ඔයාට ඒ කාර් එක විතරක් හැමතැනම පේන්න පටන්ගන්නවා..දැන් ඔයා හිතන්නේ එහෙම වෙන්නේ ඔයා ඒ කාර් එක ගැන හිතන නිසා ඒ කාර් හැමතැනම තියනවා කියලද..නැහැ ඒ කාර් කලින් දවස් වලත් ඔය විදිහටම පාරේ ආවා ගියා..හැබැයි ඔයාගේ මොළේ ඒක නෝටිස් කරන්න පටන්ගන්නේ ඔයා අර ත්‍රෙට් එක මොළේට දුන්නට පස්සේ..ඒ තමයි මොෙළ් තියන ඇල්ගොරිදම් එක..
ඉතින් ඔයා දන්නවා ඇතිනේ ක්වොන්ටම් ෆිසික්ස්වලට අනුව මේ ලෝකේ තියන හැමදෙයක්ම එනර්ජි එකක්..ඔයාගේ සිතුවිලි පවා..ඉතින් ඔයා කතා කරන හැම පොසිටිව් වචනෙකටම හයි ෆ්‍රීකුවන්සි වයිබ්‍රේශන් එකක් තියනවා. ඉතින් ඔයා දවස ගාණේ කතා කරන්නේ මොනාද කියලා චුට්ටක් ඔයාම කල්පනා කරලා බලන්න..
හැබැයි මම මෙහෙමත් දෙයක් කියන්නම්..ඔයා කිසිම වැඩක් නොකර පිටු ගණන් පොත් ගණන්..තැන්ක් යූ විශ්ව මාතාවනි කියලා ලිවුවට තේරුමක් නෑ.🤨 ඒ වගේම පොතක් අල්ලන්නෙවත් නැතුව කම්මැළිකමේ ඉඳලා අන්තිමට මාව විභාගෙන් පාස් කරල දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලලා වැඩක් නෑ..මොකද ඔයාගේ සිලබස් එක දෙයියෝ දන්නේ නෑනේ..😅
අපේ මිනිස්සු හරි කැමැතියි ලේසියෙන් දේවල් ලබාගන්න..කරන්න..එහෙම ලැබෙන දේවල් තාවකාලිකයි කියන එක මතක තියාගෙන ඒ දේවල්වලට ග්‍රැටිටියුඩ් වෙන ගමන් ඔයාගේ පාට් එක ඔයා කරන්න.
(පොඩ්ඩක් තව එහාට කල්පනා කරලා බැලුවොත් ඔයාට තේරෙයි අපේ ලෝකේ තියන ගොඩක් ආගම් ඇතුළෙන් එක එක දේවල් කියලා ප්‍රොමෝට් කරන්නේ මෙන්න මේක..විශ්වාස කරන්න දෙවියෝ ඉන්නේ ඔයාගේ සබ්කොන්චස් මයින්ඩ් එකේ..🙃)