Monday, November 10, 2025
Epaper
Home Bridleඋඩරට මනාලිය හැඩගැන්වීම සම්ප්‍රදාය බිඳගෙන කළ නොහැකියි

උඩරට මනාලිය හැඩගැන්වීම සම්ප්‍රදාය බිඳගෙන කළ නොහැකියි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මංජුල හඳපාන්ගොඩ

by Thanushika

මනාලියක වීම යුවතියකගේ ජීවිතයේ දකින සුන්දරම සිහිනය ලෙස හැඳින්විය හැකියි. මේ නිසාම ඒ සිහිනය සැබෑ වනදා තමන්ගේ සිතැඟි ලෙස වඩාත් කැපී පෙනෙන්නට මංගල ඇඳුමින් සැරසෙන්නට ඇය කැමැත්තක් දැක්වීමත් පුදුමයක් නොවෙයි.

එහෙත් කොතරම් වියදමක් දරා, කොතරම් වෙහෙසක් දරා හැඩ ගැන්වුවත් තමන්ගේ රුව මංගල ඇඳුමට විකෘති වී පෙනුණා යැයි බොහෝ යුවතියන් චෝදනා කිරීමක් අද බහුලව අසන්නට ඇති දෙයක්.

ගෙවී යන වසරේ අවසන් මාස කිහිපයේදී හෝ එළැඹෙන වසරේදී මනාලියක් වීමට සිහින මවන ඔබත් වෙනුවෙන්, රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ වඩාත් පිිරිපුන් අත්දැකීම් සම්භාරයක් ඇති ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී මංජුල හඳපාන්ගොඩ හා සුහද කතාබහක යෙදෙන්නටයි අප සිතුවේ.

ඔබ රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිිවිසි ආකාරය ගැන පුංචි මතක සටහනකින් අපි කතාබහ අරඹමු.

මුලින්ම මගේ වෘත්තිමය ක්ෂේත්‍රය වූයේ හෝටල් ක්ෂේත්‍රය. මා සේවය කළ හෝටලයේ දී අහඹු ලෙස ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී ධනංජය බණ්ඩාර හමුවුණා. ඒක දෛවෝපගත සිදුවීමක්. එදා ධනංජය සර් හැඩගැන් වූ මනාලිය දැක්කහම මටත් මේ ක්ෂේත්‍රයට යොමු වෙන්නට ආසාවක් ඇතිවුණා. ලැබුණු පුංචි ඉඩකඩේදී එතුමන් සමඟ කතාබහ කරගෙන ඔහුගේ රූපලාවණ්‍ය පාඨමාලාව හැදෑරීමට අවස්ථාව උදා කර ගත්තා. කිවයුතු වැදගත්ම කාරණාව වන්නේ මේ හමුවීමට මගේ හිත යොමු වුණේ මගේ අම්මා නිසයි. ඇය අපි පදිංචි නිවෙසේම රූපලාවණ්‍යගාරයක් පවත්වාගෙන ගියා. අසල්වාසීන්, නෑදෑ හිතමිතුරියන් තමයි අම්මාගෙන් නිරන්තරයෙන් හැඩගැන් වුණේ. ඉතින් මේ හුරුවත් මමත් රූපලාවණ්‍ය ශිල්පියෙක් වෙන්නට පෙර මං තැනුවා.

දැනුම යාවත්කාලීන වීම ඕනෑම වෘත්තියකට අත්‍යවශ්‍ය දෙයක් ඔබ ඒ සඳහා කටයුතු කළේ කොහොමද?

මම පෙර කී පරිදි ධනංජය බණ්ඩාර සර්ගේ පානදුර පැවැති රූපලාවණ්‍ය පාඨමාලාව සාර්ථකව අවසන් කළා. එදා සිට අද දක්වාම ඔහු මට ආදරණීය ගුරුවරයෙක්. මගේ දැනුම යාවත්කාලීන කිරීමට මගේ සෙවණැල්ලක් වගේ නිරතුරුවම ඔහු මා පිටුපස සිටිනවා. මුදලට සීමාවන ගුරුවරු හමුවේ ඔහු ගුරු දෙවියෙක්. ඒත් එක්කම මට ලොකු ශක්තියක් වුණේ හැරිස් විජේසිංහ මහතා. රූපලාවණ්‍ය ක්්ෂේත්‍රයේ සිිටින දැවැන්තයකු වන එතුමන්ගේ ඇසුරු ද මට ලැබීම භාග්‍යයක්. ඔහු සෑමවිටම අවධාරණය කරන්නේ උඩරට මනාලිය සම්ප්‍රදායානුකූල ලෙසම මුුළු මංගල උත්සවයේදී දැකිය යුතුයි යන සංකල්පය ඒ වටිනා අවවාදය මගේ හිතට කාවැදුණා. අදටත් මගේ උඩරට මනාලිය නිවැරැදි ලෙසම සම්ප්‍රදාය රැකෙන පරිදි හැඩගැන්වීමේ රහස එතුමන්ගේ මඟ පෙන්වීමයි.

මේ ගුරුහරුකම් මතින් ඔබ ගොඩනගා ගත් රූපලාවණ්‍යාගාරය ගැන කතා කළොත්?

ඇත්තටම ධනංජය සර් සහ හැරිස් විජේසිංහ මහතාගෙන් ලද ගුරුහරුකම් ඔස්සේ ලද දැනුමින් මීට වසර 15කට ඉහත දී මා රූපලාවණ්‍යාගාරයක් ආරම්භ කළා. ඒ සැලෝන් ‘මංජුල හඳපාන්ගොඩ. එහිදී උඩරට, පහතරට, බටහිර ආදී වශයෙන් ඕනෑම පන්නයක මනාලිය හැඩගැන්වීමේ කටයුතු සිදු වෙනවා. වි‍ශේයෙන්ම සම්ප්‍රදායානුකූල උඩරට මනාලිය හැඩගැන්වීමේ කටයුතුවලට ප්‍රමුඛස්ථානය ලබා දෙනවා. තවද මනාලියගේ දෙවැනි මනාලියන් සහ මනාලියගේ මව හැඩගැන්වීමේ කටයුත්තේ දී ද මා වඩාත් අවධානය යොමු කිරීමක් සිදු කරනවා. ඇතැමුන් මනාලියගේ ඇඳුම් පැලඳුම්, ආභරණ ගැන සිතුවත් මනාලියගේ මවගේ ඇඳුම ගැන අවධානය යොමු කරනවා අඩුයි. එහෙත් මංගල දිනයේදී මනාලියගේ අම්මාගේ භූමිකාව ද විශේෂයි. එබැවින් ඇයගේ ඇඳුම සහ ඇඳුමේ වර්ණය ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.

ඔබ වඩාත් ජනප්‍රිය උඩරට මනාලිය හැඩගැන්වීමටයි?

ඔව්. වඩාත් ජනප්‍රිය සාම්ප්‍රදායික උඩරට මනාලිය හැඩගැන්වීමේ ප්‍රමුඛයකු ලෙසයි. හැරිස් විජේසිංහයන්, ධනංජය බණ්ඩාරයන්ගේ නමට පසු උඩරට මනාලියට සාධාරණයක් ඉටු කරන්නට මට හැකිවීම මා ලද භාග්‍යයක්. අද කාලේ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය මොඩර්න් කැන්ඩියන් මනාලියන් වැඩියි. ඒක එකිනෙකාගේ කැමැත්ත. එහෙත් යුවතියක සාම්ප්‍රදායික උඩරට මනාලියක ලෙසින් හැඩ ගැන්වීම ඇය ලද වරප්‍රසාදයක්. අනෙක් ඇඳුම්වලින් ඕනෑම අවස්ථාවක හැඩවෙන්න පුළුවන්. මාල හත පලඳා තුන් තැල්ල දැමීමට අවස්ථාව ලැබෙන්නේ ජීවිතයේ එක්වරයි. තම දියණියගේ මංගල දිනයේදී වූ මේ සාම්ප්‍රදායික උඩරට මනාලිය දකින්න ඕනෑම මවුපියෙක් කැමැතියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?