මේෂ
ප්‍රබල අය මුණගැසෙන සතියකි. දරුවන් පිළිබඳ සතුටු වන දේවල් අසන්නට ලැබේ. සතියකි. හදිසි අනතුරුවලින් පීඩා ඇති කරන යෝග ඇත. ආගමට දහමට ළැදිව කටයුතු කරයි. වෘත්තීයමය අතින් ඉහළ ස්ථානයක් ළඟාකර ගනී.
වෘෂභ
ප්‍රේම සබඳතා ස්ථිර වේ. අසනීප තත්ත්වයක් නිසා සිත්තැවුල් හටගනී. ව්‍යාපාර රැකියා දියුණුව ඇති කරයි. දරුවකුගේ බලාපොරොත්තු වූ දෙයක් හිමිවන සතියකි.
මිථුන
උගත් දෙයින් ඉහළ ප්‍රතිඵලයක් ලැබේ. නව රැකියා සොයන්නන්ට රැකියා ලාභ හිමිවේ. මවුගෙන් හෝ ස්ත්‍රී අයකුගෙන් ලාභයක් හිමි වේ. විනෝදකාමී සිතුවිලි හා ගමන් බිමන් ඇති කරයි. විවාහයෙන් සතුට ප්‍රීතිය ළඟාවන සතියකි. උසස් අධ්‍යාපනයට මඟ පෑදේ.
කටක
තරමක් කේන්තිකාර සිතුවිලි වැඩි දියුණු වේ. නීතියට අකුරට වැඩ කරන සතියකි. උගත්කමත් බුද්ධියත් නිසා බොහෝ ලැබීම් ලබන අතර අලුත් බලාපොරොත්තු සාර්ථක වේ. ගමන් බිමන් හා උඩ නැඟීම්, වැටීම්වලින් ප්‍රවේසම් වන්න පෙර පින් ලැබේ.
සිංහ
ධනාත්මක සිතුවිලි හටගනී. වියදම තරමක් අධික වන කාලයකි. සෙම් රෝගී තත්ත්වයක් නිසා බෙහෙත් ඔෟෂධ පවා ගැනීමට සිදු වේ. රටින් පිට යන ගමනක් සාර්ථක කරයි. විවාහයේ තදබල ලෙස ආරවුල් මතු වේ.
කන්‍යා
අනුකම්පාව නිසා සතුටක් ලෙස අන් අයට උපකාර කිරීමට, පින් රැස්කිරීමට කාලය ගත කරයි. ස්ත්‍රී පාර්ශ්වයකින් ලැබීමක් ඇති වේ. විවාහයේ රැවටිලි සහගත ගති නිසා සිත් බිඳීම් මතුකරයි. අධ්‍යාපනය සුබ වෙයි. රැකියාවේ යම් බාධාකාරී තත්ත්්ව ඉස්මතු වේ.
තුලා
තමා පිළිබඳ තරමක් අධික විශ්වාසයෙන් කටයුතු කරයි. නීතියට අකුරට වැඩ කරන අතර අන් අයට උපකාර ද කරයි. යාන වාහන සම්පත් ළඟාවන අතර රටින් පිට ගමන් බිමන් යෙදේ. දුරදිග බලා කරන කටයුත්තක් සාර්ථක වන යෝග අැත.
වෘශ්චික
රැකියාවේ උසස් තත්ත්වයක් හෝ තමාට සුදුසු තැන ලබන කාලයකි. ස්වාමියාට හෝ පියාට තරමක් අගුණ කාලයකි. පෙර පින් බලයෙන් ධනයක් ලැබේ. දේපළ සම්බන්ධ යම් ලැබීමක් හෝ පෙර පැවති ආරවුලක් විසඳෙන යෝග ඇත.
ධනු
ඉගෙනීම ඉතා ධෛර්යයෙන් කරන සතියකි. තම මුනුපුරු මිනිපිරියන් සමඟ ළෙන්ගතුව කාලය ගත කරයි. දුක්මුසු පුවතක් ඇසීමට ලැබේ. මෙතෙක් තිබූ බාධා මඟහැරේ. යම් උත්සාහයක් සාර්ථකවන යෝග ඇත. අලුත් රැකියා හා අධ්‍යාපනික යෝග හිමි වේ. මංගල කටයුතුවලට සුබයි.
මකර
රාජ්‍ය අංශයෙන් වැඩි ලැබීමක් ඇති සතියකි. තරමක් සෙම් රෝග හා වතුර නිසා ලෙඩ වන යෝග ඇත. නව රැකියා හා ව්‍යාපාර යෝග හිමි වේ. ලැබීමට තිබූ ධනයක් ලබන අතර යහපත් මංගල යෝග සාර්ථක වේ. පෙර පින් මතු වී සතුටක් ලබන අතර හොඳ අධ්‍යාපනික යෝග ද මතු වේ.
කුම්භ
තෑගි බෝග ලබන සතියකි. තම බලය සැම අත පතුරයි. වියදම තරමක් අධික වේ. හදිසි මුදල් අවශ්‍යතාවක් වී එය සාර්ථක ලෙස කරගන්නා යෝග අැත. භූමිලාභ හිමි කරයි. තරමක් කාර්යබහුල සතියකි. රටින් පිටයෑම හා වෘත්තියේ වෙනසක් වේ.
මීන
සිත සහනය සලසන මූල්‍ය ප්‍රශ්නයක් විසඳෙයි. දරුඵල සිහිනය සැබෑවන යෝග ඇත. රාජ්‍ය අංශයේ ලැබීම් හිමි වේ. තරමක් ලෙඩ අසනීප ගති මතු කරයි. සිත සතුටුවන ලාභ ලැබේ. සේවක ප්‍රශ්න විසඳේ. භූමි ලාභ ඇතිවේ. යම් ප්‍රසිද්ධියක් ලබයි.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී සංගීතා වික්‍රමසිංහ
