Monday, October 27, 2025
Epaper
Home මැහුම් ‍‍ ගෙතුම්පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

පොඩ්ඩාගේ නිදන ඇඳට ෆ්ලවර් පිලෝ

උපදෙස් - අත්කම් නිර්මාණ ශිල්පිනී අක්ශානි උද්දීපා

by Sachintha Lakehouse

තරුණීට ළෙන්ගතු ආදරණීය ඔබට මේ ගෙන එන්නේ තවත් අපූරු අත්කම් නිර්මාණයකි. බලන්න මේ අපූරු ෆ්ලවර් පිලෝ එක දෙස. මලක හැඩය ගත් මේ හුරුබුහුටි කොට්ටය නිර්මාණය කර ගන්න එක නම් ඔබ හිතනවටත් වඩා පහසුයි. දුවගේ පුතාගේ නිදන ඇඳට මේ වගේ හුරුබුහුටි සොෆ්ට් පිලෝ කිහිපයක් එකතු කර ගන්න පුළුවන් නම් කෙතරම් අගනේ ද?

නිවෙසේ විසිත්ත කාමරයේ තියෙන සෝෆා එකටත් වෙනස්ම පෙනුමක් ලබා ගන්න පුළුවන් මේ අපූරු පිලෝ එක ඔබත් නිර්මාණය කර බලන්න.

අවශ්‍ය ද්‍රව්‍ය

කැමැති පාටකින් ෆිලිස්, වෙල්බෝවා, ප්ලේබෝවා වැනි කැමැති රෙදි වර්ගයක්

රෙද්දේ පාටට නූල්

ඉදිකටුවක්

පැඩින්

සාදා ගන්නා අයුරු

පුතාගේ නිදන ඇඳට නම් නිල් පැහැති රෙදි වර්ගයක් වගේම දියණියගේ නිදන ඇඳට රෝස පැහැති රෙදි වර්ගයක් යොදාගන්න පුළුවන්.

මේ මලට පෙති 5 හෝ 6 බැගින් යොදා ගන්න පුළුවන්. පළමුව පෙත්තක දිග සෙන්ටි මීටර් 20 පමණ ප්‍රමාණයට පතරොමට අනුව කපා ගන්න. ඒ අනුව එක පෙත්තකින් කොටස් දෙක බැගින් අවශ්‍ය ප්‍රමාණයට පෙති කපා ගන්න. මැෂින් එකක් භාවිතයෙන් මසා ගන්නව නම් පෙති හොඳපිට මුහුණට මුහුණට වටේට නෝමල් මැස්මෙන් පෙත්ත මසාගන්න. කොටසක් ඉතිරිකර මෙය හොඳපිට හරවා, පැඩින් පුරවා කට මසා ගන්න.

අතේ මැස්මෙන් මසනවා නම් හොඳ පිටට තබා රෙදි කොටස් දෙක වටේට බ්ලැන්කට් මැස්මෙන් මසාගෙන ගොස් පැඩින් පුරවා නිම කර ගන්න. මෙලෙස පෙති කොටස් 5ම පැඩින් පුරවා ගත් පසු පෙත්තෙන් පෙත්තට සම්බන්ධ කර ගන්න. නූලක් මඟින් මෙය මසාගෙන සම්බන්ධ කර ගත හැකියි. ඉන්පසු මැද කොටස සඳහා සෙන්ටිමීටර් 29 ප්‍රමාණයේ රවුම් කොටස් 4ක් කපාගෙන කොටස් දෙකක් බ්ලැන්කට් මැස්මෙන් එලෙසම මසාගෙන පැඩින් පුරවා මලේ මැද කොටසට හොඳින් සම්බන්ධ කර ගන්න. මලේ මැද දෙපැත්තටම මෙලෙස රවුම් කොටස් දෙක අලවා ගන්න.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?