දැනට දශක හතරක් පහක් ආපස්සට ගිහින් බැලුවම හැම පවුලකම වගේ දරුවෝ හත අටක් හිටියා. තත්ත්වය දශක දෙකකටත් එහාට ගිහින් බැලුවම පවුලකට දරුවෝ දෙන්නෙක් දක්වා අඩුවෙලා.
අද තත්ත්වය බැලුවම ඒ දෙක එක්කෝ එකක් වෙලා. නැත්තම් බිංදුවට බැහැලා,
වර්තමානයේ හුඟක් තරුණ තරුණියන් විවාහ වුණත් දරුවෝ හදන්නේ නැහැ කියන තැනටම ඇවිත් තිෙයනවා.
විවාහය වීම හෝ නොවීම වගේම දරුවන් හැදීම හෝ නොහැදීම තනිකරම පුද්ගලානුබද්ධ තීරණයක් බව ඇත්ත. හැබැයි ඒ තීරණය ගන්න සමාජය විසිනුත් යම් යම් හේතු සපයන නිසා ඒ ගැන පැහැදිලි දැනුම්වත් කිරීමක් සිදුකරන එක වැදගත්.
විවාහ වෙන හැමෝම ළමයි හදන්නම ඕනේ කියලා නීතියක් නැහැ.
මොකද කවුරු මොනවා කිව්වත් විවාහයක මූලිකම අරමුණ දරුවන් නෙමෙයි. හැබැයි, හුඟක් තරුණ තරුණියෝ විවාහ වුණාට දරුවෝ හදන එක පමා කරන්නේ තමන්ට දරුවෝ ඕනේ නැති නිසාම නෙමෙයි.
“අපිට ඉන්න තැනක් නැහැ. තාම ඉන්නේ කුලියට.” ඉතින් දරුවෝ හදලා දරුවන්ට දුක් විඳින්න දෙන්න බැහැ. ඒ නිසා ළමයි හදන්නේ නැහැ.” “අපි දෙන්නගේ ආදායම අපි දෙන්නට ජීවත් වෙන්නත් මදි. දරුවෝ හදලා කොහොම ජීවත් වෙන්නද?” “අපි දරුවන්ට ආසයි. ඒත් අපිට දරුවෝ නැහැ.” “මගේ නෝනට දරුවෝ හදන්න බැහැ.”
“මගේ මහත්තයට දරුවෝ හදන්න බැහැ.” අපි ස්ටඩීස්වලට පිටරට යන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා තව අවුරුදු ගාණක් යනකම් දරුවෝ හදන්නේ නැහැ. එහෙ ගිහින්ම හදනවා.”
“තාම ඉන්න ගෙදරක් නැහැ. කාර් එකක් ගන්නත් ඕනේ. ඒ දේවල් ඔක්කොම අංග සම්පූර්ණ වුණාට පස්සේ තමයි ළමයි ගැන හිතන්නේ.”
“මට මගේ හස්බන්ඩ් ගැන ඒ තරම් විශ්වාසයක් නැහැ. වෙන සම්බන්ධ දෙක තුනක් අතටම අහුවුණා, ඒ නිසා දැන්මම ළමයි හදන්නේ නැහැ කියලා හිතාගත්තා.”
“වයිෆ් ඉන්නේ ලෙඩ වෙලා. ළමයි හදන එක අවදානම් කියලා දොස්තර කිව්වා. මට ළමයි හදනවට වඩා වැදගත් වයිෆ්ගේ හෙල්ත් එක. ඒ නිසා ළමයි හදන්නේ නැහැ.”
“අපි දෙන්නම ළමයින්ට ලොකු කැමැත්තක් නැහැ.” දරුවෝ වෙනුවෙන් ජීවිතයම කැප කරන්න බලාපොරොත්තුවකුත් නැහැ. ඉතින් දරුවෝ හදලා එයාලට අසාධාරණයක් කරන්න බැරි නිසා අපි දරුවෝ හදන්නේ නැහැ.”
“දරුවෝ හදලා බලාගන්න කෙනෙක් නැහැ. දරුවෝ බලාගන්න ගෙදර නැවතුණොත් රස්සාව නැති වෙනවා. එතකොට ජීවත් වෙන්න විදිහක් නැහැ.”
“තාම ඉෙගන ගන්නවා, ඉතින් බැන්දට දැන්ම දරුවෝ හදන්න අදහසක් නැහැ.” විවාහ වුණාට තාම දරුවෝ නැති තරුණ ජෝඩුවල ඇත්ත කතාවල් කිහිපයක් තමයි මම ඒ කිව්වේ.
අහන දකින කෙනාට කොහොම දැණුනත් ඒ මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවම ඒ හේතු බොහොමයක් ඉතාම සංවේදී වගේම සාධාරණ හේතු.
ඉෙගන ගෙන ඉවර වෙලා රස්සාවක් කරන්න පටන් ගත්ත ගමන්ම කසාදයක් බඳින්න කියලා බල කරන පවුල්වල අයයි සමාජයයි, බැඳපු ගමන් ගේන ඊළඟ යෝජනාව තමයි දරුවෙක් හදන්න කියන එක.
හැබැයි වර්තමානයේ දරුවෙක් හදනවා කියන්නේ ඉස්සර තරම් ලේසි පහසු කර්ත්‍යවයක් නෙමෙයි, ඒක තනිකරම ලාභ නොලබන අදහසින් කරන්න ඕනේ දිගුකාලීන ව්‍යාපෘතියක් වගේ.
කාලෙකට කලින් මහ ගෙවල්වල දරුවෝ හත අට හදනකොට ඒ දරුවෝ ලොකුකරන්න ආච්චි, සීයා, නැන්දා, මාමා, ලොකුඅම්මා, බාප්පා මේ හැමෝම හිටියට අද කාලේ කසාද බැඳලා වෙනම ජීවත් වෙන තරුණ ජෝඩුවලට කොයි දේටත් ඉන්නෙ දෙන්නා දෙමහල්ලා විතරයි.
ඉස්සර මොනවාහරි කරලා බත් පිඟන් තුනක් දීලා, ළඟ තියෙන ඉස්කෝලෙට යවලා දරුවන් සම්බන්ධයෙන් යුතුකම්වලින් අත පිහදා ගත්තට වර්තමානයේ මේ තිෙයන සංකීර්ණ අවශ්‍යතා එක්ක දරුවෙක් හදනවා කියන්නේ ලේසියෙන් කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.
තවමත් රාජ්‍ය ආධාර මත යැපෙන මිනිස්සු සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්න අපි වගේ දුප්පත් රටක රජයටත්, ජාතිය ගොඩනැඟීම යටතේ රටේ දරුවන් වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් ඉතා සීමිතයි. රට ජාතිය ගොඩනඟන්න කියලා හිතාගෙන තුන් වේල හරියට කන්න දීගන්නත් බැරුව ලිංගික කාර්යය විතරක් කරලා ඔහේ හිතන්නම් වාලේ දරුවෝ මේ ලෝකෙට බිහි කරලා ඒ දරුවෝ අනාථයෝ කරන එකටයි, ඒ දරුවෝ මන්ද පෝෂිතයෝ කරවනවටයි. වඩා තමන්ට ඒ බර දරාගන්න සුදුසු කාලයක් එනකල් ඉඳලා එහෙම පුළුවන් නම් විතරක් දරුවෙක් හදන එක කොයි පැත්තෙන් බැලුවත් හොඳයි.
සමාජය විදිහට දරුවෝ වගේ මිනිස්සුන්ගේ ජීවිතවල අතිශය පෞද්ගලික කාරණා ගැන කතා කරනකොට, ප්‍රශ්න කරනකොට අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ.
කෑගහලා ලෝකෙට නොකිව්වට ඒ මිනිස්සුන්ට ඒ තීරණ ගන්න මොනවාහරි ලොකු හේතුවක් ඇති. එක්කෝ ඒ එයාලගේ කැමැත්ත වෙන්න ඇති. එහෙමත් නැත්නම් ඒ ජීවිතවල වෙන මොනවාහරි අරමුණු ඇති.
මිනිස්සුන්ගේ ජීවිතවල ඇතුළාන්තය ගැන කිසිම දෙයක් නොදැන, ඒ මිනිස්සුන්ගේ තීරණවලට බලපෑම් කරන එක, යෝජනා ගෙනෙන එක කිසිසේත්ම සදාචාරාත්මක නැහැ.
“ඔයාලට දරුවෝ නැද්ද? අප්පෝ ළමයෙක් නැතුව මොකටද? වයස යනවනේ ළමයෙක් හදන්නකෝ. එක ළමයෙක් මදි දෙන්නෙක්වත් ඕනේ. අප්පෝ ළමයි නැති ගෑනියෙක් මොකටද, බැන්දට ළමයෙක් වත් නැහැ.”
මීට පස්සේ ඔන්න ඔය වගේ වචනවලින් මිනිස්සුන්ට දමල ගහන්න කලින් සිය පාරක් හිතන්න.
”පරපුරක් බිහිකරවු මාවතේ තනි නොවූ” කියනවා වගේ දරුවෝ කියන්නේ ස්ව කැමැත්තෙන් ආසාවෙන් මේ ලෝකෙට උපද්දවන්න ඕනේ සම්පතක් මිසක් කාගේවත් යෝජනාවකට හෝ කාගේවත් වුවමනාවකට ලෝකෙට බිහිකරන්න ඕනේ ජීවීන් කොටසක් නෙමෙයි.
සමාජයක් විදිහට දැන්වත් අපි මිනිස්සුන්ගේ ජීවිතවල අතිශය පෞද්ගලික තීරණවලට බලපෑම් කරන එක නවත්තලා දාන්න පුරුදු වෙන්න ඕනෙ.
