Multi cooker එක කියන්නේ කාර්යබහුල ගෘහිණියකට ඉතා ප්‍රයෝජනවත් උපකරණයක්. මුළුතැන්ගෙයි කාර්යයන් කිහිපයක්ම මේ තුළින් ඉටු කරගන්න පුළුවන්. මෙය කාලය ඉතුරු කරගෙන ආහාර පිසින්න හොඳම උපකරණයක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද?
Multi cooker එකේ ප්‍රයෝජන මොනවාද?
ආකාර කිහිපයකට ආහාර පිසින්නට වඩාත් යෝග්‍ය උපකරණයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මෙහි Cook, Bake, Fry, Keep warm ආදී වශයෙන් option කිහිපයක්ම තිබෙනවා. මෙමඟින් අනෙක් උඳුන්වලට සාපේක්ෂව අඩු කාලයකින් සහ අඩු විදුලියකින් ආහාර පිසගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම සමහර මාදිලිවල මල්ටි කුකර්වල එකවර වෑංජන දෙකක් වුණත් පිස ගැනීමේ හැකියාව තියෙනවා.
මල්ටි කුකරයේ සෑදීමට යෝග්‍ය ආහාර මොනවාද?
Rice cooker එකට වඩා අඩු කාලයකින් බත් පිසින්නට මෙයට පුළුවන්. අල වර්ග, ධාන්‍ය වර්ග තම්බන්නටත් සුදුසුයි. අවන් එක වෙනුවට මෙය භාවිත කර කේක්, පුඩිං, වටලප්පන් වැනි දෑ සැකසිය හැකියි. නමුත් මෙය ගෑස් ළිප සහ දර ළිප මෙන් පාලනය කළ නොහැකි නිසා කොළ පැහැති ආහාර සැකසීමට එතරම් යෝග්‍ය නැහැ. හේතුව ඒ එළවළුවල පෝෂණ කොටස් හානි වීමට ඉඩ ඇති නිසායි.
Multi cooker එක භාවිත කරනවිට සැලකිලිමත් විය යුතු කාරණා?
මෙය විදුලි උපකරණයක් නිසා නොසැලකිලිමත් ලෙස භාවිත කළොත් අනතුරු සිදුවෙන්න පුළුවන්. මෙහිදී ලෝහ, ඇලුමිනියම් හැඳි භාවිත නොකළ යුතු අතර ඒ වෙනුවට ප්ලාස්ටික්, සිලිකන් හැඳි පාවිච්චි කරන්න පුළුවන්. තවද ආහාර පිසින විට මෙහි Electric Element එකට වතුර නොයන ලෙස භාවිතයට වගබලා ගන්න.
නිවැරදිව මල්ටි කුකරය පිරිසුදු කරගන්නෙ මෙහෙමයි.
මෙහි ඇතුළත බඳුන non-stick එකක් නිසා කම්බි, බ්‍රෂ් වැනි දේ භාවිත නොකළ යුතුයි. ඒ වෙනුවට ස්පොන්ච් කැබැල්ලක් භාවිත කළ හැකි නම් වඩාත් හොඳය. තවද Electric Element කොටස තෙත රෙදි කැබැල්ලකින් පිසදමන්න. ඇතුළත මළ නොබැඳෙන ලෙස හොඳින් වියළා ගත යුතුයි.
Multi cooker විවිධ මාදිලිවලින් වෙළෙඳපොළේ මිලදී ගන්න පුළුවන් වගේම ඒ ඒ මාදිලිවලට අනුව භාවිත කරන ආකාරය වෙනස් වෙනවා. ඊට අදාළ සියලු තොරතුරු ඒ තුළ අන්තර්ගත නිසා භාවිතයට පෙර එය හොඳින් කියවන්න. මල්ටි කුකරය නිසි අවබෝධයක් ඇතිව භාවිත කරන්නේ නම් ඔබේ වටිනා කාලයත්, මුදල්, ශ්‍රමයත් ඉතිරි කරගන්න හැකි වන බව ස්ථීරයි.
