මුළුතැන්ගෙය ගෘහයේ හදවතයි. එහි සෑම කාර්යයක්ම නිවැරදිව, කාර්යක්ෂමව ඉටු කිරීමට අපට බොහෝ සෙයින් උදවු වන අංගෝපාංග රැසකි. ඒ අතරින් “පිහිය” අපට කිසිසේත්්ම අමතක කළ නොහැකිය.
එය නිසි ලෙස භාවිත නොකළහොත් ආහාර සකස් කිරීමේ දී ඒවායේ ඇති ගුණාත්මකභාවය අඩුවීම වගේම විවිධ අනාරක්ෂිත ගැටලුවලට ද අපට මුහුණ පෑමට සිදුවිය හැකියි. එළවළු කපන්න, පාන් කපන්න, මස් මාළු කපන්න, මේ එකී නොකී හැමදේටම ඔබත් භාවිත කරන්නේ එකම පිහිය ද? එලෙස ඒ ඒ කාර්යයට අදාළ පිහි වෙනත් කැපුම් සඳහා යොදා ගැනීමෙන් පිහියේ මුවහත නැතිවීම වගේම කැපුම් තලය ඉක්මනින්ම පළුදු වීමටද පුළුවනි. එබැවින් හොඳ පිහියක් තෝරාගැනීම, විවිධ වූ පිහි වර්ග, ඒවායේ භාවිතය හා දිගු කල් පැවැත්මක් තබා ගැනීමට කළ හැකි දේ පිළිබඳ අපි කතා කරමු.
හොඳ පිහියක් නිෙවසක මුළුතැන්ගෙට තෝරාගන්නා හැටි?
පිහියක් තෝරා ගැනීමේදී මුලින්ම එය අල්ලා ගැනීමේ පහසුව බලන්න ඕනෑ. මොකද එය ඔබගේ අතට පහසුවෙන්ම හසුරවන්නට වගේම අතට ගැළපෙනවද යන කරුණු ඉතා වැදගත් වෙනවා. පිහිය අල්ලගන්නා කොටස ශක්තිමත්ව තිබේදැයි බලන්න. ඔබගේ අතට හුරු නොවන පිහියක් භාවිත කිරීමෙන් අතට තුවාල වීමේ අවදානම ද වැඩිනිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
ඒ වගේම පිහියේ බර පිළිබඳත් අවධානය යොමු කරන්න ඕෙන. පිහියක බර ගොඩක් වැඩිනම් එය ඔබට හසුරවා ගැනීමට අපහසු වන්නට පුළුවනි. බර ප්‍රමාණය අඩුවන විට කැපුම් තලයේ ශක්තිය අඩුවන්නත් පුළුවන්. එබැවින් ඔබ නිතරම මධ්‍යස්ථ බරකින් යුතු පිහියක් එනම් පිහියේ අල්ලා ගන්නා කොටස සහ කැපුම් තලය අතර බර සමානව බෙදී ගිය පිහියක් තෝරාගැනීම වඩාත් සුදුසු වෙනවා.
පිහියක කැපුම් තලයේ දිග ද විශේෂයෙන් සොයා බැලිය යුතු කරුණකි. නිෙවසක මුළුතැන්ගෙය සඳහා සාමාන්‍යයෙන් අඟල් 06 – 08ත් අතර දිගක් ඇති පිහියක් නම් හොඳ තේරීමකි. තවත් විශේෂ කරුණක් තමයි පිහියක් නිමවෙලා තිබෙන ද්‍රව්‍ය(Material) පිළිබඳත් ඔබ සැලකිලිමත් වන්නට ඕෙන. Stainless Steel නොහොත් මල නොකන වානේ යොදා නිම කරන ලද පිහියක් ඔබගේ දෛනික ජීවිතයට තෝරාගැනීම වඩාත් සුදුසුය.
High Carbon Steel නොහොත් ඉහළ කාබන් වානේ යොදා නිම කරන ලද පිහි දිගු කාලයක් භාවිත කළ හැකි වන අතර මුවහත ද බොහෝ කාලයක් පවතින පිහි වර්ගයකි. ඒ වගේම මෙවැනි වර්ගයේ පිහි භාවිතයෙන් පසු හොඳින් තෙත මාත්තු කර තබන්න. මොකද ඉක්මනින් මල බැඳෙන්නට පුළුවන් නිසාවෙන්.
Ceramic Blades නොහොත් සෙරමික් තලයක් හිමි පිහි වර්ග ද ඉතා පහසුවෙන්, සැහැල්ලුව හා මෘදුව හැසිරවිය හැකි පිහි වර්ගයකි. නමුත් එය බිඳී යාමට ඇති ඉඩකඩ වැඩිය. ඒ අනුව ඔබත් පිහියක් තෝරා ගැනීමේදී නිමවා ඇති ද්‍රව්‍යයන් පිළිබඳ සැලකිලිමත් වන්නට මතක තබා ගන්න.
ඒ වගේම තමයි සහතික කරන ලද ගුණාත්මක පිහියක් සහිත වෙෙළඳ සන්නාමයක් තෝරා ගැනීමෙනුත් ඔබට දිගු කාලයක් භාවිත කළ හැකි පිහියක් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම පිහියක් මිලදී ගැනීමේ දී මිලට වඩා එහි පවතින ගුණාත්මකභාවය පිළිබඳ බලන්න. මොකද එමඟින් දිගුකාලීනව මුදල් ඉතිරි කර ගැනීමට හැකි නිසාවෙනි.
මුළුතැන්ගෙට භාවිත කිරීමට සුදුසු පිහි වර්ග සහ ඒවා මඟින් සිදු කරන කාර්යයන්
අද වන විට ඉවුම් පිහුම් කලාව තුළ භාවිත කරන පිහි වර්ග බොහෝමයක් තිබෙනවා. ඒ අතුරෙන් දෛනික ජීවිතයට අපට නිරන්තරයෙන් වුවමනා කරන පිහි කිහිපයක් පිළිබඳ කතා කරමු.

