Monday, October 27, 2025
Epaper
Home වෛද්‍යදැන් හැම තැනම ඉන්ෆ්ලුවන්සා

දැන් හැම තැනම ඉන්ෆ්ලුවන්සා

-උපදෙස් : ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

by Sachintha Lakehouse

කාලගුණික විපර්යාස සමඟින් ලෙඩ රෝග පැතිර යෑම කාලෙන් කාලෙට සිදුවන දෙයකි. ඒ අතරින් ඉන්ෆ්ලුවන්සා රෝගී තත්ත්වය සහ Hand, Mouth, Foot මේ දිනවල දරුවන් අතර වැඩිපුරම දැකගත හැකි තත්ත්වයන් ය.

ඉන්ෆ්ලුවන්සා යනු සීතල කාලයේ සීතල රටවල පැතිර යන රෝගී තත්ත්වයකි. අපේ රටෙත් දැන් මේ රෝගී තත්ත්වය කාලෙන් කාලෙට දැකගන්නට හැකිවී තිබෙනවා. ඉන්ෆ්ලුවන්සා A සහ B යන තත්ත්වයන් දෙකම ද තිබෙනවා.

ඉන්ෆ්ලුවන්සා රෝග ලක්ෂණ

*උණ

*සෙම්ප්‍රතිශ්‍යාව

*කැස්ස

*ඇඟ රිදීම

*ඇතැම් අයට වමනය, බඩ රිදීම වැනි තත්ත්වයන් ද තිබේ.

පවුලකදී හෝ පන්තියකදී මෙය ඉතාම ඉක්මනින් බෝවේ.

මේ රෝග ලක්ෂණ තිබේ නම් පැරසිටමෝල් මාත්‍රාවට රැගෙන විවේක සුවයෙන් සිටිය යුතුයි. විවේකය නොලදහොත් මයෝකාඩියටීස්(හෘද පේශිවලට බලපාන රෝගී තත්ත්වයකි.), මොළයට බලපාන මෙනින්ජයිටීස් වැනි තත්ත්ව ද දැකගත හැකිවේ.

මාස්ක් එකක් පැලඳීම

කළ හැකි එකම දේ හැකිතාක් මේ රෝගයට ගොදුරු වී නොසිටීමයි. ඉහත කී රෝග ලක්ෂණ ඇත්නම් මාස්ක් එකක් පැලඳීම අත්‍යවශ්‍ය වේ. නාසයේ සහ උගුරේ සෙම පරීක්ෂාවක් මඟින් ඉන්ෆ්ලුවන්සා තත්ත්වය නිවැරදිවම තහවුරු කරගත හැකිවේ. ඒ මඟින් ඉන්ෆ්ලුවන්සා A ද B ද යන බව හඳුනාගත හැකිවේ. H1 , N1 යනු එහිම තවත් ප්‍රභේදයකි. මේ අතුරින් වැඩිපුරම ඇත්තේ ඉන්ෆ්ලුවන්සා A තත්ත්වයයි.

අවදානම් කාණ්ඩ

අවුරුදු දෙකට, තුනට අඩු පුංචිම දරුවන් හැරුණු කොට ගර්භිණි මාතාවන්ට, අවුරුදු 65ට වැඩි වැඩිහිටියන්ට, පිළිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, නිදන්ගත ශ්වසන රෝග ඇති අය ඇතුළු ප්‍රතිශක්තිකරණය අඩු අයට මෙය වැලඳීම තරමක් සංකූලතා ගෙන දෙන්නකි.

රෝග ලක්ෂණ ඇති දරුවන්ව පාසල්, පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථානවලට නොඑවා සිටීම වඩාත් සුදුසුයි.

සබන් යොදා අත් සේදීම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම භාවිත කළ යුතුයි.

මේ තත්ත්වය ඉබේටම සුවවේ. ඇතැමුන්ට පමණක් ප්‍රතිවයිරස් ඖෂධ දීමට සිදුවේ.

මේ සඳහා එන්නතක් තිබේ. එහෙත් මෙම වයිරසය කාලයෙන් කාලයට අලුත් වෙවී එන නිසා එන්නත ලබා දුන්නත් රෝගය සෑදීමට පුළුවනි. සීතල දේශගුණය ඇති රටවල නම් වයස අඩු අයට, වයස අවුරුදු 65ට වැඩි අයට, රෝහල් සේවකයන්ට ලබාදේ. අපේ රටේ මේ රෝගය දැන් දැන් වැඩියෙන් දක්නට ලැබෙන නිසා අවශ්‍ය නම් පෞද්ගලික අංශයෙන් එන්නත ලබාගත හැකියි.

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?