Monday, October 27, 2025
Epaper
Home වෛද්‍යපිළිකාවට ගුණ දෙන හෙළ වෙද ඔසු

පිළිකාවට ගුණ දෙන හෙළ වෙද ඔසු

by Thanushika

මේ පියයුරු පිළිකා මාසයයි. පිළිකා රෝගය පිළිබඳ වැඩි වශයෙන් කතාබහ කෙරෙන එහෙත් කොතරම් කතාබහ කළත් අවසානයක් නොදකින මෙය බටහිර වෙදකමට අනුව සුව කළ නොහැකි රෝගී තත්ත්වයක් ලෙසට සැලකේ. නමුත් වසර දහස් ගණනක් පැරණි හෙළ වෙදකම තුළ පිළිකාව සුව කළ නොහැකි රෝගයක් බව සඳහන් නොවේ.

ශ්‍රී ලංකාවේ වනාන්තර පුරා පිළිකාව සුව කළ හැකි බෙහෙත් වර්ග සියගණනක් පවතින බව පුස්තකවල සඳහන් වේ. එබැවින් පිළිකාවට කිසි ලෙසකින් බිය විය යුතු නැත.

පිළිකාවක් යනු කුමක්දැයි සරලව හැඳින්විය හැකිය. මිනිස් ශරීරය බැලූ බැල්මට එක පොදියක් ලෙස පෙනුණත් මිනිස් ශරීරය සෑදී ඇත්තේ ඇසට නොපෙනෙන සෛල කුඩා එකක කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වීමෙනි. එම සෑම සෛලයක් තුළම එහි පාලනය හා වර්ධනය සඳහා න්‍යෂ්ටිය යනුවෙන් හැඳින්වෙන ව්‍යූහයක් තිබේ. එමඟින් සෛල වර්ධනය වීම සහ නව සෛල බෙදීම යම්කිසි ක්‍රමානුකූල රටාවකට අනුව සෑමවිටම සිදු වේ. නමුත් සමහර අවස්ථාවන්හි දී මේ ක්‍රමවත් බව සෛලවලින් ගිලිහී ගොස් ශරීරය තුළ අසාමාන්‍ය ලෙස සෛල වර්ධනය වීමට පටන් ගනී. ඉන්පසුව මෙම අක්‍රමවත් රටාව ශරීරය පුරා පැතිර යාම ආරම්භ වේ. මෙවැනි ආක්‍රමණකාරී සෛල සමූහයක් වෛද්‍ය විද්‍යාවේ පිළිකාවක් ලෙස හඳුන්වයි.පිළිකාව මර්දනයට විශේෂ හැකියාවක් ඇති දේශීය ආහාර වර්ග කිහිපයකි. අපි ඒ පිළිබඳ අද දැනුම්වත් වෙමු.

අනෝදා

අනෝදා පිළිකා සෛල විනාශ කිරීමේ බලගතු හැකියාවක් ඇති දේශීය පලතුරකි. මෙමඟින් බඩවැලේ ඇතිවන පිළිකා, පෙණහලු පිළිකා, අග්න්‍යාශයේ පිළිකා, පියයුරු පිළිකා යනාදී බොහොමයක් පිළිකා සාර්ථකව සුව කිරීමට හැකියාව තිබේ. ඊට අමතරව වයිරස සහ බැක්ටීරියා නාශක ගුණය නිසා බඩවැල්වල සිටින අනවශ්‍ය පණුවන් විනාශ වීම ද සිදුවෙයි. තවද අධි රුධිර පීඩනය නැති කිරීමට, මානසික ආතතිය දුරලීමට, ස්නායු ආබාධ, හෘද රෝග හා ඇදුම රෝගය සුව කිරීමටත් මෙමඟින් හැකියාව ලැබේ. එසේම අනෝදා ආහාරයට ගැනීමෙන් මුහුණ පැහැපත් කර ගැනීමේ හැකියාව ද ලැබේ. තවද මූත්‍රාශයේ ගල් පවතින රෝගීන්ට මේවා වඩාත් ගුණදායක වේ.

දූරියන්

දූරියන් යනු තවත් බලගතු ශරීරයට ගුණදායක පලතුරකි. එසේම කාන්තා රෝගවලට ගුණදායක වන අතරම දූරියන් මඟින් ශරීරය සිසිල් කර ශරීරයේ බලය හා ශක්තිය වැඩි කිරිම සිදු කරයි. මෙම දූරියන් මඟින් පිපාසය දුරලනු ලබයි. එසේම වඳභාවයන් තුරන් කිරීමට හා පුරුෂ ශරීර ශක්තිය වැඩි කිරීමට මෙන්ම පිළිකා සෛල පැතිරී යාම මන්දගාමී කිරීමටත් ඉවහල් වේ. එසේම ඇස් පෙනීම දියුණු කිරීමටත්, සම රැලි වැටීම පාලනය කිරීමටත්. හිසකෙස් දීප්තිමත් කිරීමටත්, කෑම රුචිය වැඩි කිරීමටත් දූරියන් ඉවහල් වේ. ආහාර හොඳින් දිරවීම සේම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන අතරම ඇටමිදුළු සහ දත් ශක්තිමත් කිරීමටත් තරුණ බව රැක දීමටත්, විදුරුමස්වලින් ලේ ගැලීම පාලනය කිරීමටත් වැදගත් වේ. එසේම දූරියන් ස්නායු රෝගවලට ගුණදායක වනවා සේම කොලෙස්ටරෝල් හා දියවැඩියාවත් පාලනය කරයි.

බීට්රූට්

රතු අල හෙවත් බීට්රූට්, ඉහළ පිළිකා නාශක ගුණයක් පවතින ආහාරයක් වන අතරම, අධි රුධිර පීඩනය පාලනය කර පිළිකා වර්ධන වේගය ද පාලනය කරයි. එසේම පිළිකා සෛල විනාශ කරයි. අක්මාව හා වකුගඩු ආරක්ෂා කරමින් අධික තරබාරුව නැති කර රුධිරය නිපදවීමට උදවු කරයි. ශරීරයේ හටගන්නා තුවාල සුව කර, දත් මුල්වලින් රුධිර පිටවීම පාලනය කරයි. සම පැහැපත් කිරීම හා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත් සමත් වෙයි.

නස්නාරං

නස්නාරං අප අවටම ඇති පිළිකා නාශකවලින් සපිරි ගුණදායක ආහාරයකි. නස්නාරං තුළ විටමින් සී බහුලව අඩංගු වේ. විශේෂයෙන්ම හෘද රෝගවලට නස්නාරං ගුණදායක වේ. තවද විදුරුමස්වලින් රුධිරය ගලා යාම නවත්වන අතර ඇස් රෝග වළකාලයි. පිළිකා සෛල වර්ධනය වේගය අඩු කරයි. ආහාර දිරවීම පහසු කරවන අතර උදර වේදනාවට ගුණදායක වේ. ශරීරයේ හානි වූ පටක අලුත්වැඩියාව ඉක්මන් කරයි.

ශරීරයේ අනවශ්‍ය මේදය ඉවත් කරන නිසාම කොලෙස්ටරෝල් අධිකව ඇති අයට බොහොම ගුණදායකය. ශරීරයේ ලේ වඩවමින් අක්මාව ආරක්ෂා කරයි. ගර්භිණී මවුවරුන්ට ඉතාම ගුණදායකය. සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම වැළැක්වීම හා වැලඳුණු පසු ඉක්මනින් සුවපත් කරයි. මලබද්ධයට මේවා ඉතාම ගුණදායක වේ. අධික තරබාරුව දුරලීම, අන්තරවල පවතින විෂ රසායනික ඉවත් කිරීමට උදවුවීම,

ශරීරයේ විෂබීජ නැසීම මානසික ආතතිය තුරන්කිරිම සිදු කරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය සහ විටමින් බී වර්ග මෙමඟින් ශරීරයට ලබා ගත හැකිය.

වරකා

මිනිසාට වැලඳෙන පිළිකා අතරින් මහා බඩවැලේ ඇතිවන පිළිකා සුව කිරීමට අපහසු පිළිකා වර්ගයක් ලෙසට හඳුන්වයි. වාසනාවකට මෙන් වරකා තුළ අඩංගු වන බලගතු ක්ෂුද්‍ර පෝෂක අයිසොෆ් ලෙවන්ස්, ලගිනන්ස් සහ සැපොනින්ස් වැනි බලගතු පිළිකා මර්දක සංයෝගයන් මඟින් බඩවැල් පිළිකා සාර්ථකව සුව කර ශරීරාංග සවිමත් කර දීමේ හැකියාවක් පවති. ශාකමය පලතුරු තුළ පමණක් අන්තර්ගත වන පෝෂක සංයෝගවලට පිළිකා සෛල මුල් අවධියේම විනාශ කර දැමීමේ හැකියාව ඇත.

ඉහතින් සඳහන් කළ සැපොනින්ස් සංයෝගය ලියුකේමියා සෛල හා සටන්වදින බවත් එක්තරාඅධ්‍යයනයක් මඟින් සනාථ වී ඇත. පිළිකා නාශක සංයෝග මඟින් පිළිකා සෛල වටා බන්ධනයක් ඇතිකර පිළිකා සෛල වර්ධනය වීමට ඇති ප්‍රතිඔක්සිකාරක බලයන් මඟින් පීඩාකාරී රෝග කාරක හා සටන්වැද ශරීරයට ඔක්සිකාරක ආපදා ඇතිවීම වළක්වනු ලබයි. තන්තු මඟින් මහා බඩවැලේ සහ ආහාර ජීර්ණ මාර්ගයේ ඇති විෂ සංඝටක පිරිසුදු කර පිළිකා අවදානම තුරන් කරනු ලබන වරකා සතුව විටමින් සී සහ සරල සීනි යන සංයෝගය මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය වේගවත් වීමත් සිදුවනු අැත. මෙලෙසින් පිළිකාව වැළැක්වීමට බටහිර ක්‍රමය කෙසේ වෙතත් දේශීය ඖෂධ සත්කාර මඟින් ගුණාත්මක සහනයක් ලබා ගැනීමට හැකි වනු නිසැකය.

මෙයට අමතරව පොළොස්, මඤ්ඤොක්කා ආදියේ ද පිළිකා නාශක ගුණ පවතින බව සඳහන් වේ.

මහේශිකා ධර්මසේන

You may also like

Leave a Comment

Are you sure want to unlock this post?
Unlock left : 0
Are you sure want to cancel subscription?