නිෙවසේ සිට නිකරුණේ කාලය ගත කරනවා වෙනුවට ඔබට පොකුරු වදමල් වගාව තුළින් ජීවිතය ජයගත හැකි බව දන්නවාද? වෛද්‍ය ක්ෂේත්‍රය සඳහා, රූපලාවණ්‍ය කටයුතු සඳහා, පාන වර්ගයක් ලෙස ආදී විවිධ කටයුතු ගණනාවකට යොදා ගන්නා පොකුරු වද සඳහා වෙෙළඳපොළ තුළ ඉතා හොඳ ඉල්ලුමක් පවතී. මේ වගාව ඔබට නිෙවසේ සිටම සිදුකළ හැකිය. ඒ පිළිබඳව අප සාකච්ඡා කළේ එස්.ජී.එම්. නිසංසලා සඳමාලි විජේරත්න ගොවි මහත්මිය සමඟයි.
පොකුරු වදමල් වගාව සිදු කරන්නේ කොහොමද?
අතු ඉතිවලින් තමයි පැළ වෙන්නේ. අඩියේ, අඩියේ වගේ වළක් කපාගන්න. එයට කොම්පෝස්ට් පොහොර හොඳින් දාලා, දඬු දෙකක් එක තැන හිටවගන්න ඕන. පැළ අතර අඩි දෙකක වගේ පරතරයක් තියාගන්න. ඒකට හේතුව තමයි මල් කඩාගන්න පහසු වීම සහ පේළි අතර පහසුවෙන් ගමන් කරන්න ඕන නිසා.
අස්වැන්න නෙළාගන්න කොච්චර කාලයක් වගේ ගතවෙනවද?
මාස හයත්, අටත් අතර කාලෙකින් මල් ලබාගන්න පුළුවන්. පැළයක් හොඳින් පැළ වී අතු කප්පාදු කරලා ගත්තම එක දවසකට එක පැළයකින් මල් අටක් දහයක් වගේ අතර ප්‍රමාණයක් නෙළාගන්න පුළුවන්.
නඩත්තු කිරීම ගැන සඳහන් කළොත්,
අනෙකුත් මල් පැළවලට සාපේක්ෂව පොකුරු වදමල් නඩත්තුව ඉතාමත් පහසුයි. නිතරම වතුර දාන්න වුවමනාවක් නැහැ. මාසයක් පමණ වතුර නොදා හිටියත් මල් හට ගන්නවා.
පොකුරු වදමල් සඳහා යොදාගන්න විශේෂිත පොහොර වර්ග තිබෙනවාද?
එහෙම විශේෂිත පොහොර වර්ගයක් නෑ. මම නම් යොදා ගන්නේ කොම්පෝස්ට් පොහොර, ගොම පොහොර, සහ පරණ වුණු කුකුළු පොහොර.
ලංකාවේ කුමන ප්‍රදේශවලදී ද මෙහි අස්වැන්න වැඩිපුර ලබාගන්න පුළුවන් වෙන්නේ?
ලංකාවේ ඕනෑම ප්‍රදේශයක මේ වගාව සාර්ථකව සිදු කරන්න පුළුවන්. අව්ව, වැස්ස නිතරම බලපාන්නේ නැහැ. උදේ ඉඳන් රෑ වනතුරු දිගටම වැස්සොත් තමයි කුඩා ගැටලු මතුවෙන්නේ. සාමාන්‍ය වර්ෂාව මේ වගාව සඳහා කිසිදු ප්‍රශ්නයක් නැහැ.
මේ වගාව සිදුකිරීමේ දී පැමිණෙන අභියෝග තිබෙනවාද?
මෙතෙක් මේ වගාව සඳහා කිසිදු හානියක්, අභියෝගයක් ඇවිල්ලා නැහැ. කැපවීම, උනන්දුව මත ඉතා සාර්ථකව මේ වගාව සිදුකරන්න පුළුවන්.
මේ වගාව සඳහා තිබෙන වෙෙළඳපොළ ත්ත්වය කෙසේද?
පවුඩර්, ටීබෑග්, ඩ්‍රයි කරපු මල් විශේෂයෙන් මිලදී ගන්නවා. කොළ, පොතු, මල්, මුල් අරගෙන පොල්තෙලෙන් තම්බා ඉතාමත් ගුණදායක තෙල් වර්ගයක් හිසකෙස් සඳහා නිෂ්පාදනය කරනවා. කොණ්ඩය කළු වෙන්න, දිගු වෙන්න මේ තෙල් බහුලව භාවිත කරනවා. අපේ රටේ වගේම විදේශීය වෙෙළඳපොල තුළත් පොකුරු වදමල් සඳහා ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා.
මෙහි මිල ගණන් පිළිබඳව සඳහන් කළොත්,
වේළන ලද මල් කිලෝ එකක් රුපියල් තුන්දාහත් හාරදාහත් අතර වගේ මිලකට කොම්පැනිවලින් මිලදී ගන්නවා. අක්කර භාගයක වගේ ප්‍රමාණයක පැළ දෙසිය පනහක් තුන්සියයක් වගේ ප්‍රමාණයක් හදාගන්න පුළුවන්. එයින් දළ වශයෙන් මාසයකට රුපියල් තිස් දාහක වගේ මුදලක් උපය ගන්න පුළුවන්.
ඔබ නැවුම්ව වෙෙළඳපොළ වෙත පොකුරු වදමල් ලබා දෙනවාද?
ප්‍රවාහනයේදී නැවුම් ලෙස පොකුරු වදමල් වෙෙළඳපොළට නිකුත් කිරීම ගොඩක් අපහසු කාර්යයක්. ඒ නිසා අපි වේළන ලද මල් තමයි ලබා දෙන්නේ.
ලංකාවේ පොකුරු වදමල් මිලදීගන්න ආයතන තිබෙනවාද?
ඔව්. අපේ ආයතනය මිලදී ගන්නවා. ඒ වගේම ටී කොම්පැනි එක්ක කතා කරලා මේ මල් විකුණන්න පුළුවන්. ගොඩක් මිනිස්සු කරන්නේ මූලික වපසරිය හදාගන්නේ නැතුව ආදායම හොයන්න යොමුවෙනවා. ඒ හින්දා ගැටලුකාරී තත්ත්ව මතුවෙන්න පුළුවන්. තමන් ඉතාමත් හොඳින්, පිරිසුදුවට, පිළිවෙළකට මේ කටයුත්ත සිදු කරනවා නම් ලොකු කොම්පැනි බලාගෙන ඉන්නවා පොකුරු වදමල් මිලදී ගන්න.
මේ මල් විකිණෙන විශේෂිත කාල තිබෙනවාද?
අෙමරිකා එක්සත් ජනපදය වගේ රටවල්වල ශීත ඍතුවලදී මේ සඳහා තිබෙන ඉල්ලුම ගොඩක් වැඩියි. මේ කාලෙ ඉඳන් පෙබරවාරි වෙනකම් සෑහෙන ඉල්ලුමක් තිබෙනවා.
පොකුරු වදමල් සඳහා ආයුර්වේදයේ ඉතා හොඳ ඉල්ලුමක් තිබෙනවා නේද?
සෙම, ඇදුම, පීනස වැනි රෝග සමනය සඳහා පොකුරු වදමල් යොදාගන්නවා. ඒ වගේම කොණ්ඩය කළු වීමට, ගනකම් වීමට කොණ්ඩය දිගුකර ගැනීමට මෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහාද බහුලව භාවිත කරනවා.
ස්වයං රැකියාවක් ලෙසට පොකුරු වදමල් වගාව සිදුකිරීමට යොමුවෙන්න කැමති තරුණ තරුණියන්ට ලබා දෙන්න තිබෙන උපදෙස් කුමක්ද?
මේ වගාව හම්බ කරන්න පුළුවන් ඉතාමත් හොඳ වගාවක්. කැපවීම උනන්දුව සහ පිළිවෙළ තිබෙනවානම් ඉතාමත් හොඳ වෙෙළඳපොළ තත්ත්ව ළඟා කරගන්න පුළුවන්. තාක්ෂණය දියුණු හින්දා යූටියුබ්, සමාජ ජාල භාවිත කරලා මේ සඳහා අවශ්‍ය කරුණු හොයාගන්න පුළුවන්. උනන්දුව තමයි වැදගත් වෙන්නේ.නිෙවසේ එදිනෙදා වැකටයුතු කරන ගමන් කාන්තාවන්ට සිදුකරන්න පුළුවන් ඉතාමත් හොඳ ස්වයං ව්‍යාපාරයක්.
